[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

කුසල් කිරීම යහපත් දැකීමකි

නිවනට සිල් අවශ්‍ය නැති බව කෙනෙක් කියති. බුදු රජාණන් වහන්සේ එදා තිබුණ බමුණු සමාජයේ වූ ධර්ම කරුණු ඒ අයුරින්ම දේශනා කොට ඇති බව සමහරු කියති. බොහෝ අය ඒ නිසාම දුස්ශීලව කටයුතු කරති. සැම දිනකම අප දකින්නේ මහා අපරාධයි. මරණවල ඇත්තේ දැඩි වෛරී බවකි. ඝාතන කර අතපය, බෙල්ල කපා වෙන් කර ඒවා එක් තැනක නොව තුන් තැනක දමයි. හොරකම් වංචා සිදු කරයි. ස්තී‍්‍ර දූෂණ, ළමයින්ට සිදු කරන කෲරකම් දක්නට ලැබෙයි. දිනකට අප දකින ප්‍රවෘත්ති තුළ බහුලව දක්නට ඇත්තේ මේ අපරාධයි. සීලය අවශ්‍ය නැත කීවා සේ ම මෙලොවක් නැත. පරලොවක් නැත. දිව්‍යලෝක නැත. අපාය නැත.පින් නැත, පව් නැත. ඔය අපාය දිව්‍යලෝකය ඇත්තේත් මේ මිනිස් ලොව ම බව කියන මේ මිථ්‍යා දෘෂ්ටික ධර්මය දැක්ම අපරාධවල මුල වේ. දේවදූත සූත්‍රයේ දී පුද්ගලයා පවින් වළකින හේතු ටිකක් වෙයි. ඒ එක් හේතුවක් නම් අපායගාමී ව විඳින දුක් ගැන දැනීමයි. මේ දුකට අකැමැති පුද්ගලයා පවින් වළකියි. දිව්‍යලෝක සැපට කැමති පුද්ගලයා පින්වල නිරත වෙයි. දිව්‍ය ලෝක තතු විමානවත්තු දේශනා තුළින් දැන ගනියි. මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය වර්ගයේ සම්මා දිට්ඨි සූත්‍රයේ අකුසලය ගැන දැකීම, අකුසල් ඇතිවෙන මුල් ගැන දැකීම, කුසලය දැකීම, කුසල් මුල් දැකීම සම්‍යදෘෂ්ටියක්, යහපත් දැක්මක් ලෙස දක්වයි. සතුන් මැරීම,සොරකම් කිරීම,වැරැදි කාම සේවනය, බොරු කීම, කේළම් කීම, පරුෂ වචන කීම,හිස් වචන කීම,අනුන් සතු දේ තමන්ට අත් කර ගැනීමේ ලෝභි බව, තරහ ඇති කර ගැනීම, මිථ්‍යා දෘෂ්ටිය අකුසල් බව කියයි. ඒ අකුසල් ඇති වීමට බලපාන ලෝභය හෙවත් ආශාව, ද්වේශය හෙවත් තරහ, මෝහය හෙවත් මුළාව අකුසල් මුල් වෙයි. අභිධර්මයට අනුව අකුසල් සිත් දොළහක් වෙයි. මේ අකුසල් සිත්වල උපදින සිතිවිලි අකුසල චෛතසික දා හතරකි. ඒ සිත් හා සිතිවිලි මුල්ව පව් කරයි. ඒ අකුසල් සිත් උපදින්නේ ලෝභ, ද්වේෂ, මෝහ නම් වු අකුසල් මුල් පදනම් කොටගෙන ය. ලෝභය මුල්ව සිත් අටක්, ද්වේෂය මුල්ව සිත් දෙකක්, මෝහය මුල්ව සිත් දෙකක් ආදි ලෙස උපදියි. මේ ගැන දැක්ම යහපත් දැක්මකි. ඒ දැක්ම අපරාධ වළකයි.


ඉල් පුර අටවක

නොවැම්බර් 20 සඳුදා
පූ.භා. 05.23 න් පුර අටවක
ලබා 21 අඟහරුවාදා
පූ.භා. 03.18 න් ගෙවේ.
 20 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසළොස්වක

නොවැම්බර් 26

Second Quarterඅව අටවක

දෙසැම්බර් 05

Full Moonඅමාවක

දෙසැම්බර් 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]