[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පාණදුරාවාදයේ එකසිය පනස් වැනි ගුණ සමරුව

පාණදුරාවාදයේ එකසිය පනස් වැනි ගුණ සමරුව

‘පාණදුරාවාදයේ‘ එකසිය පනස් වැනි ගුණ සමරුවට සමගාමීව, බෞද්ධාලෝක පදනම විසින් සංවිධානය කළ පාණදුරාවාද අනුස්මරණ බෞද්ධ ප්‍රබෝධ්‍යය පරිසංවාදය පසුගිය අගෝස්තු 28 වැනි දා කොළඹ ආනන්ද විද්‍යාලයීය ඕල්කට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය.

කොළඹ විද්‍යොදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති බලංගොඩ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ආනන්ද විද්‍යාලයීය විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු සම්භාව්‍ය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම පරිසංවාදයේ දී පාණදුරාවාදයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් ද, පාණදුරාවාදයෙන් ඇතිවුණ සමාජ සහ සංස්කෘතික පරිවර්තනය පිළිබඳ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ පාණදුරාවාදයේ කාලීන වැදගත්කම පිළිබඳ වූ දේශන මහාචාර්ය ලලිත ශ්‍රී ගුණරුවන් යන මහත්වරුන් මෙහි දී දේශන පැවැත්වූහ

1815 වසරේ දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්වීමත් සමඟ මිෂනාරීහු බුදු දහමෙහි ඉගැන්වීම්වලට නිගරු කරමින් තම ආගම ප්‍රචාරණය කරමින් සිටියහ. එම දේශනවලට පිළිතුරු දීම උදෙසා රටපුරා වෙහෙර විහාරස්ථානවල දේශනා 5000ක් පමණ ද, වරාගොඩ, බද්දේගම, උදන්විට සහ ගම්පොළ යන නගරයන්හි මිෂනාරීන් සමඟ ප්‍රසිද්ධ විවාද පැවැත්වීමට හා හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් ඇතුළු පිරිස කටයුතු කළ අතර මේ අතරින් පාණදුර ගල්කන්ද විහාරස්ථානයේ දී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් පවත්වන ලද දේශනාව කැපී පෙනුණි. ඒ අරඹයා 1873 අගෝස්තු මස 26 සහ 28 යන දෙදින තුළ පාණදුර දොඹගහවත්තේ තැනූ වේදිකාවක මෙම විවාදය පැවැත්වුණු අතර මෙය ‘පාණදුරාවාදය’ ලෙස ප්‍රසිද්ධ විය. මෙය වඩාත් ම ප්‍රසිද්ධ වූ විවාදය යි. මෙම ‘පාණදුරා වාදය’ බෞද්ධ ප්‍රබෝධයේ වැදගත් සංධිස්ථානයක් ලෙස හැඳීන්විය හැකි ය.

බිනර  පුර පසළොස්වක

සැප්තැමිබර් 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.52 න් පුර පසළොස්වක ලබා
29 සිකුරාදා
අ.භා. 03.31 න් ගෙවේ.
29 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]