[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මෙත් සිත සදන විශ්මිත සුවය

සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගි වෙත්වා. සුවපත් වෙත්වා යනුවෙන් සියලු දෙනා කෙරෙහි දැඩි හිතවත්කමක් ඇති කර ගැනීම මෛත්‍රී භාවනාවයි. උතුම් පැතුම් ඇති මෛත්‍රී භාවනාව බෞද්ධයන්ට අලුත් දෙයක් නොවේ. ගුණ නුවණ වැඩිදියුණු කර ගැනීමටත්, ජීවිත ගැටලු විසඳා ගැනීමටත් හේතු වන මෛත්‍රී භාවනාව ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් ය. බුදුරජාණන් වහන්සේ මෙත් වැඩිය යුතු ආකාරය මෙසේ දක්වා ඇත. “මාතා යථා නියං පුත්තං - ආයුසා ඒකපුත්තමනුරක්ඛෙ - ඒවම්පි සබ්බ භූතෙසු - මානසං භාවයෙ අපරිමාණං” මව තම එකම පුතු තම ජීවිතයට ද වඩා ඉහළින් රැක ගැනීමට තරම් වූ සෙනෙහසක් දක්වන්නාක් මෙන් සියල්ලන්ට මෛත්‍රී කිරීමට උන්වහන්සේ අනුදැන වදාළහ. මෛත්‍රිය යනු මිතුරු බවයි. අවංක මිත්‍රයා තම මිතුරාට දුකක්, කරදරයක් වනවාට කැමැති නැත. ඔහු නිරතුරුව ම මිතුරාගේ සැප හා සතුට ප්‍රාර්ථනා කරයි. තම මිතුරා කෙරෙහි දක්වන සුහද හැඟීම් හා ආකල්ප තමාට සතුරුකම් කරන අය කෙරෙහි පවා දැක්වීමට උත්සාහ කිරීම මෙත් වැඩීමකි. මෛත්‍රී භාවනාවේ දී කෙරෙනුයේ එවැනි උසස් මානසික තත්ත්වයකට සිත දියුණු කිරීම ය. භාවනා කරන්නා භාවනානුයෝගියා ය. ඔහු හෝ ඇය මුලින්ම භාවනා කිරීමට සැරසෙන විට ඒ සඳහා නියමිත වේලාවක් වෙන් කර ගත යුතු ය. භාවනාව ඇරඹීමට පෙර සැදැහැ සිතින් නමස්කාර පාඨය කියා තමා රකිනා සීලය සමාදන්වන්න. ත්‍රිවිධ රත්නයේ ගුණ කියා ශ්‍රද්ධාව උපදවා ගෙන ප්‍රසන්න සිතින් භාවනාව අරඹන්න. සාමූහික භාවනාවක දී සියලු දෙනාම එක්ව පන්සිල්, අටසිල් ආදී සීලයක් සමාදන් වී තෙරුවන් වැඳ සිත පිරිසුදු කොට ගෙන භාවනා ඇරඹිය හැකියි. මෙසේ කලක් භාවනාව පුරුදු කළ පසු ඉඩ ලද හැම විටම මෙත් වැඩීමට පුරුදු වන්න. විවේකීව සිටින ඕනෑම අවස්ථාවක මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළ හැක්කේ එවිට ය.


ඇසළ අමාවක

අගෝස්තු 15 අඟහරුවාදා අ.භා. 12.45 න් අමාවක ලබා 16 බදාදා අ.භා. 03.10 න් ගෙවේ. 15 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 15

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]