ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ මැදින් අව අටවක පෝදා 2023 මාර්තු 15 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
ඡායාරූපය - වාසිත පටබැඳිගේ
මාර්තු 14 අඟහරුවාදා අ.භා. 08.20 න් අව අටවක ලබා 15 බදාදා අ.භා. 06.43 න් ගෙවේ. 15 බදාදා සිල්
අව අටවක
මාර්තු 15
අමාවක
මාර්තු 21
පුර අටවක
මාර්තු 29
පසළොස්වක
අප්‍රේල් 05
ලාංකීය අපට මෙන් ම ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් දවසකි. එයට හේතු වනුයේ, බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම, නන්ද කුමරුගේ පැවිදි බව ලැබීම, යශෝධරා දේවියගේ ගෞරවය ප්‍රකාශ කිරීම, රාහුල කුමරුන්ගේ පැවිදි බව ලැබීම, නිග්‍රෝධාරාමය පූජා කිරීම, ශාක්‍යයන්ගේ මානය දුරුකිරීම, ගෙපිළිවෙලින් පිඬු පිණිස වැඩීමේ අගය කියාදීම ආදි සුවිශේෂී සිදුවීම් ය. ඒ අනුව හේමන්ත ඍතුවේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධි සමූහයක් සිහියට නංවන මංගල දිනයකි. ලෝකාර්ථ චර්යාවෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ ආර්ය මහා සංඝරත්නය පිරිවරාගෙන සුද්ධෝදන පිය මහ රජතුමාටත්, ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් යහපත උදාකරනු පිණිස රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුර නුවරට වැඩමවීමට ගමනාරම්භ කළේ මැදින් පුන් පොහෝදාක ය. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට රජගහනුවර වැඩ වසන බව ශාක්‍ය ජනපදයට ආරංචි විය. සුද්ධෝදන රජුට ස්වකීය පුත්‍රරත්නය දැකීමේ ආශාව බලවත් විය ය. අවස්ථා නවයක දී ප්‍රධාන ඇමතිවරු නව දෙනකු යටතේ නව දහසක් සේනාව බුදුරජාණන් වහන්සේ වැඩම කරවීමට රජගහනුවරට පිරිස යැවීය. ඔවුහු සියලු දෙන උතුම් බුදු සසුනේ පිහිට ලබා පැවිදි වී මහ රහතන් වහන්සේ බවට පත් විය. රජු කනස්සලෙන් පසු විය. අවසානයේ දී බෝසතාණන් වහන්සේ සමඟ එකදා උපන් කාලුදායි ඇමති දහසක් සේනාව සමඟ පැවිදි වීමට රජුගෙන් අවසර ලබා ගෙන ම පිටත් විය. මේ වන විට ශාක්‍ය ජනපදයේ කුල කුමරුවන් දස දහස් දහයක් සම්බුදු සසුනේ පැවිද්ද ලබා මහරහතන් වහන්සේ බවට පත්වූහ. කාලුදායි තෙරුන් පැවිද්ද ලබා සතියකට පසු පිය මහ රජුගේ ආරාධනාව සිදු කරමින් රජගහනුවර සිට කිඹුල්වතට ඇති මාර්ගයේ සුන්දර වර්ණනාවක් සිදුකළේ ය. එකී පරිසර වර්ණනාව හේමන්ත ඍතුවේ සුන්දරත්වය ප්‍රකාශ කිරීමකි.
බොහෝ දෙනා තමන් නොදන්නා බව අනාවරණය කිරීමට මැළිකමක් දක්වති. එහෙත් තමන් තුළින් හරි වැරැද්ද අවබෝධ කර ගෙන නිවැරැදි මාර්ගයට ප්‍රවිෂ්ට වන්නේ නම්, ඔහු ප්‍රඥාවන්තයෙකි. වැරැද්ද නොදකින පුද්ගලයාට වඩා ඔහු ගුණ යහපත් අයෙකි. වැරැද්ද දකින පුද්ගලයාට පමණයි වැරැද්ද නිවැරැදි කර ගැනීමට හැකියාව ඇත්තේ. මොහු අවංක පුද්ගලයෙකි, නිහතමානී අයෙකි. ඔහුගේ අනාගතය ආලෝකවත් වීමේ ලක්ෂණයන් ඉස්මතුව පෙනෙන්නේ ය. තමන් දන්නා බව නොදන්නා ගති ලක්ෂණ ඇති අයත් අද ගිහි පැවිදි අප අතර ජීවත්ව සිටිති. මෙම පුද්ගලයාගෙන් සමාජයට වන හානිය ප්‍රකට නොවූව ද පෞද්ගලිකව ඔහුට විශාල පාඩුවක් විය හැකි ය. තමන්ගේ දැනුමෙන් තමන්ටත් ප්‍රයෝජනයක් නැති අතර, අනුන්ටත් ප්‍රයෝජනයක් නැත. මෝහය වැනි කෙලෙස් ධර්මයන්ගෙන් ඔහුගේ චිත්ත සන්තානය වැසී ඇත. මේ නිසා තමන්ගේ දැනුම තමන් තුළ සැඟවී ඇති නිසා යථාර්ථවාදී දැක්මකට ඔහුට යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එනිසා එම දැනුමෙන් නිසි ප්‍රයෝජන ගැනීමට සිහි නුවණින් යුතුව වීර්ය ගත යුතුව ඇත. ඔහු තමන් දන්නා බව දන්නා අයෙකි. ඔහු නිවැරැදි දෙය හඳුනාගෙන වැඩ කරන ගුණගරුක අයෙක් වේ. සිත, කය, වචනය සංවර කර ගත් ඔහුගෙන් තමන්ටත් සමාජයටත් සිදුවන්නේ ලාභයකි. ඔහු ලෞකිකව සැප ලබන අතර, ලෝකෝත්තර සැපය උදාකර ගැනීමට ද අවස්ථාව සලසා ගනී. කල්‍යාණ මිත්‍රයකු ලෙස උදාර සමාජ මෙහෙවරක යෙදෙමින් ඔහු විශාල සේවයක් සිදු කරයි. බෞද්ධ දර්ශනයට අනුව උතුම් මනුෂ්‍ය ලාභයක් හිමි කරගත් ඔහු නුවණ, වීර්යය, සිහිය ප්‍රයෝජනයට ගෙන සදාතනික සුවය ළඟා කර ගැනීමට ද වෙහෙසෙන්නේ ය. මේ අතරින් තමන් කුමන පුද්ගලයකු නියෝජනය කරන්නේ ද යන්න සිහි නුවණින් මනසිකාර කළ යුතුව ඇත. කෙලෙස් එක්දහස් පන්සිය දහයකටත් වැඩි ප්‍රමාණයක් පෘතග්ජන මිනිස් සන්තානය තුළ ක්‍රියාත්මක වන බව රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ පොතක ලියා ඇත. මෙම කෙලෙස් වනය සිඳ බිඳ දැමීම කළ යුතුව ඇත.
අපගේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් පසු මේ කතාව සිදුවෙලා තියෙන්නේ. එක්තරා කාලයක කුඩා දරුවෙන් පැවිද්ද ලැබුවා. ගුරු තෙරුන් වහන්සේ මේ කුමාරයාට පැවිදි නම ලබා දුන්නේ ‘මහාසිව‘ කියලා. තුන්පිටකය ඉගෙන ගන්න මහ තෙරවරුන් සමීපයට යොමු කළා. දවසින් දවස, සතියෙන් සතිය, මාසයෙන් මාසය ගෙවී ගියා. මහාසිව සාමණේරයන් වහන්සේත් අධ්‍යයන කටයුතු හොඳින් කළා. වසරින් වසර ගතවනවාත් සමඟ තුන් පිටකයේ ම හසල දැනුමක් ඇති තරුණ භික්ෂුවක් බවට පත් වුණා. ඉගැන්වූ ගුරු තෙරුන් වහන්සේ ‘මහාසිව‘ තෙරුන්ට ආචාර්ය පදවියක් ද ලබා දුන්නා. වෙනදා පැමිණෙන ශිෂ්‍ය පිරිස ඉක්මවා ගිහින් ධර්ම විද්‍යාස්ථානය ශිෂ්‍යයන්ගෙන් පිරී ඉතිරී යන්න පටන් ගත්තා. අවුරුදු කිහිපයක් යන විට ශිෂ්‍ය පිරිස තිස් දහස ඉක්මවා ගියා. පැමිණෙන හැම ශිෂ්‍යයකු ගේ ම එකම බලාපොරොත්තුව ‘මහාසිව‘ තෙරුන්ගෙන් තුන්පිටකය ඉගෙන ගැනීම යි. තවත් වසර කිහිපයක් ගත වන විට මහාසිව තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසත් අධ්‍යයන කටයුතු අවසන් කර පිටත්ව ගියා. එහෙම ගිය එක් භික්ෂුවක් තමන් වහන්සේ ඉගෙන ගත් ධර්මය ප්‍රායෝගිකව කි‍්‍රයාවට නැඟුවා. රහත් භාවය ලබා ගත්තා. දවසක් තමන්ගේ ආචාර්යයන් වහන්සේ තුළ කවරාකාරයේ ගුණ පිහිටා තිබේ දැයි නුවණින් විමසා බැලුවා. එතැන දී දැක ගන්න ලැබුණා තවමත් රහත් භාවය ලබා ගෙන නැති බව. ‘අපගේ ආචාර්යයන් වහන්සේ අනුන්ට උපකාර වෙනවා. නමුත් තමන් වහන්සේට උපකාර කරගෙන නෑ.
අප සතුන් මරන්නේ නැහැ කියන පන්සිල් පදය සමාදන් වෙනවා. එහෙත් අපි සතුන් මරන්නේ නැහැ කියල විතරයි දන්නේ. ඉන් එහාට දන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. සොරකම් කරන්නේ නැහැ. ඒත් පුංචි පුංචි අවශ්‍යතා අනුව පුංචි පුංචි සොරකම් අපේ අතින් සිදුවෙනවා. ඒවා පිළිබඳ සැලකිල්ලක් නැහැ. උදාහරණයක් ලෙස කාර්යාලයෙන් දරුවාගේ අවශ්‍යතාවකට පොටෝ කොපියක් ලබා ගන්නවා. ඒ වගේ ම වැරැදිකාම ජීවිතය, බොරුව, කේළම, පරුෂ වචනය, හිස් වචනය පිළිබඳ අපේ ලොකු සැලකිල්ලක් නැහැ. මත් වතුර, මත්ද්‍රව්‍යය භාවිතය කියන දේ අද අපේ රටට විතරක් නොවෙයි, මුළු ලෝකයට ම විශාල ප්‍රශ්නයක්. අපේ තරුණ දරුවෝ සියයට පනහකට වැඩි පිරිසක් මත්ද්‍රව්‍යයට හුරුවෙලා අවසානයි. මව්පියන් බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ දරුවන්ට ධර්මය දෙනවාට වැඩිය තාක්ෂණික දැනුම පමණක් දෙන්නයි. මුදල පසු පස පමණක් ගමන් කරන්නයි. අද අපි එහි විපාක අත්විඳීනවා. මේ නිසා මනසේ පීඩාකාරී තත්වයෙන් මිදී නිරවුල් මනසක් ඇති කර ගන්න. අප සමාදන් වන පන්සිල් නිතර නිතර මෙනෙහි කරන්න. ඒ පිළිබඳ සතුටු වන්න. අනුස්සතියක් හැටියට වඩන්න. එය සීලානුස්සති භාවනාවයි. මේ සීලානුස්සති භාවනාව කාර්යාලයට යන අතරතුර වූව ද වැඩිය හැකියි. මා සමාදන් වූ පණ ඇති සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල් පදය පිරිසුදුයි.
මැදින් අව අටවක පෝය දින
යොවුන් දහම් සක්මන
සංකල්ප විහාරයේ මල් පූජා පින්කමක්
මකුරුප්පේ සෝමාලංකාර නාහිමිපාණෝ අනුනායක පදවි ලබති
දොඩම්පහල සිරි සුගුණ නා හිමි
ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලබන පෑබොටුවේ අරියවිමල නාහිමි
ඉතිරිය»
රාගය
අපා දුක් ගිනි විඳින සත්වයන් එකම අපායක නැවත ඉපදෙන හැටි
චේතනාව ම කර්මය වේ
උසස් මිනිසාගේ සිත සවිමත් නොවීමේ අරුමය
තැනට සුදුසු නුවණ
සැබෑ ධනවතකු වීමේ හැකියාව තිබෙන්නේ තමන් තුළ ම ය
එකිනෙකාට ගරු කරන හැටි ගෙදරින් කියා දෙන්න
පහන් සිතක කවි
සුන්දර මාවෙල ගම් පියසේ අභිමානවත් වෙහෙර බිම පින්බර සම්බෝධිගිරි විහාරය
යටිවාවල ශ්‍රී රාජසිංහාරාම පුරාණ විහාරය
කඩවත ගල්ඒදණ්ඩ රාජ මහා විහාරය
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]