[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

උගත්කම බබළන්නේ ගුණදහම් වැඩි තරමටයි

පුද්ගලයකුගේ දියුණුව ක්‍රම දෙකකින් මනින්නට පුළුවන්. ඒ තමයි ආධ්‍යාත්මික දියුණුව හා බාහිර දියුණුව. බාහිර දියුණුව කියන්නේ ධන ධාන්‍ය වතුපිටි උපයා සපයාගෙන, හරි හම්බ කරගෙන, යාන වාහන අරගෙනන, සුඛෝපභෝගී ලෙස ජීවත් වීමයි. ඒත් ආධ්‍යාත්මික දියුණුව මීට වඩා වෙනස්. මනුෂ්‍යයකු තුළ ගුණ ධර්ම වැඩිවෙන තරමට ඔහු තුළ ආධ්‍යාත්මික දියුණුවත් පවතිනවා. මේ දෙයාකාර දියුණුව කෙනෙක් තුළ ඇත්නම් අපට පුළුවන් ඔහු නියම සාර්ථක ජීවිතයක් ගත කරනවා කියන්න. ආධ්‍යාත්මික දියුණුවේ උපරිම අවස්ථාව විමුක්තිය අවබෝධ කර ගැනීමයි. ඉතින් අද අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙලොව මෙන් ම පරලොව ජීවිතයත් දියුණු කර ගන්න පුළුවන් කරුණු ගැන කතා කරමු. පින්වතුනි,බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ කාලේ එක්තරා බමුණෙක් හිටියා අත්තස් සද්වාර කියලා. ඒ බමුණාට හිටියා එක පුතෙක්. එක දවසක් මේ බමුණු පුතා තම පියාගෙන් ඇහුවා “තාත්තේ, මට දියුණුවන්න ඕනෑ. ඒකට උපදෙස් දෙන්න” කියලා. මේ වැනි ප්‍රශ්නයක් ඉතා ම කලාතුරකින් විශේෂයෙන් පුතෙක් තාත්තා කෙනෙක්ගෙන් අහන්නේ. ඒ නිසා බමුණා කල්පනා කළා මගේ පුතා අසන ප්‍රශ්නය ඉතා ම වටිනවා. එනිසා මෙයට පිළිතුරු දීමට මට වඩා සුදුසු උත්තමයෙක් සිටිනවා කියලා පුතත් සමඟ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් “ස්වාමීනි, මගේ පුතා දියුණුවීමට කරුණු අහනවා. අපට අනුකම්පා කර කියා දෙන්න” කියා ගෞරවයෙන් ආරාධනා කර සිටියා. ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ දියුණුවීමට අවශ්‍ය කරුණු 6ක් දේශනා කළා. නිරෝගිකම උතුම් ලාභයයි. සිල්වත් බව, වැඩිහිටියන් ගේ අවවාද පිළිගැනීම, උගත්කම, දැහැමි බව, අනලස් බව, මේ කරුණු කෙනකු තුළ ඇත්නම් ඒ ජීවිතය දියුණු වන බව ප්‍රකාශ කරන්න පුළුවන්.’ කොපමණ සම්පත් තිබුණත් නිරෝගිකම නැත්තම් ඒ ජීවිතය සැපවත්, සැනසිලිදායක හැටියට සලකන්න කොහොමටවත් බැහැ. ඒවගේම කිසිම ධනයක්, වස්තුවක් නැති දුප්පත් කෙනකු ළඟ වුණත් නිරෝගිකම තියෙනවා නම් එය සතුටට කාරණාවක්.


ඉල් අමාවක පෝය

  නොවැම්බර් 23 බදාදා
පූ.භා. 06.54 අමාවක ලබා 24 බ්‍රහස්පතින්දා පූ.භා. 04.28 ගෙවේ.
23 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]