ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ ඉල් අමාවක පෝදා 2022 නොවැම්බර් 23 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යය මළුව සැදැහැවතුන්ගේ පහසුව පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික්ෂණය මත ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බව කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියෝ ප්‍රකාශ කරති. බුදුන් වහන්සේගේ පා පහස ලද ඓතිහාසික කිරිවෙහෙර සෑ මළුව වසර 2800 කට වඩා පැරැණි ප්‍රෞඬ ඉතිහාසයක් ඇති පූජනීය සිද්ධස්ථානයකි. රජ සමයෙන් පසුව බොහෝ කාලයක් ඝන කැලෑවෙන් වැසී තිබී මීට වසර 60කට පමණ පෙර නැවත කිරිවෙහෙර චෛත්‍යය හා එහි මළුව ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇති බව විහාර ඉතිහාසයේ සඳහන් වන්නේ යැයි ධම්මින්ද නාහිමියෝ කියති. දහස් සංඛ්‍යාත බැතිමතුන් සෑම පොහෝ දිනකම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යය මළුවේ පෙහෙවස් සමාදන් වේ. චෛත්‍යය මළුවේ ප්‍රධාන වාහල්කඩ ඇති ප්‍රදේශයේ විවිධ හැඩැති පැතලි ගල් අතුරා ඇතත් බටහිර දෙසින් චෛත්‍යය මළුව සිමෙන්ති බදාම යොදා සකස් කර තිබී ඇති අතර ඒවා දිරාපත් වී කුහර සෑදි, පොළොවේ මතුපිට වළවල් සෑදි වර්ෂා දිනවලට වතුර පිරෙන තත්ත්වයක් පවතී. එයින් සැදැහැවතුන්ට කරදර බව විහාරාධිපති නාහිමියන් පෙන්වා දීමෙන් පසු මෙම සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නොවැම්බර් 23 බදාදා පූ.භා. 06.54 අමාවක ලබා 24 බ්‍රහස්පතින්දා පූ.භා. 04.28 ගෙවේ. 23 බදාදා සිල්
අමාවක
නොවැම්බර් 23
පුර අටවක
නොවැම්බර් 30
පසළොස්වක
දෙසැම්බර් 07
අව අටවක
දෙසැම්බර් 16
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]