[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කූට වාණිජ ජාතක කතාව ඇසුරිනි

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 16 බදාදා
පූ.භා. 05.51 අව අටවක ලබා 17 බ්‍රහස්පතින්දා පූ.භා. 07.57 ගෙවේ 16 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

සැක සංකා නැති ජීවිතයකට සීලය

සීල විපත්තියට පත් දුස්සීලයා ක්ෂත්‍රිය පිරිසකට වේවා, ශ්‍රමණ පිරිසකට වේවා යම් පිරිසක් වෙත එළඹේ නම්, බිය සහිත වූයේ, සැක සහිත වූයේ ම වෙයි. සීල විපත්තියට පත් දුස්සීලයා සිහි මුළා වී කළුරිය කරයි. සීල විපත්තියට පත් දුස්සීලයා මරණින් මතු අපාය වූ, දුගති වූ, විනිපාත වූ නිරයට ම පැමිණෙයි. කවුරු කවර ආකාරයකින් කළත් ප්‍රාණඝාතාදී අකුසල් සැමටම දුක් විපාක එක සේ ලබා දෙන්නේ ය. සීලා දී ගුණධර්ම පිරීමෙන් කුමන හෝ පුද්ගලයකුට පොදු වශයෙන් ලැබෙන ආනිසංස 05ක් අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ දුච්චරිත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබේ. ඒ අනුව තමන් තමන්හට උපවාද නොකරයි. නුවණැත්තෝ සීලාදී ගුණදම් රකින ඔහු පසසති. යහපත් වූ කීර්ති රාවයක් උස්ව නැගෙයි. මුළා නොවී මරණයට පත් වෙයි. මරණින් මතු සුගති ලෝකයක උපත ලබයි. මෙයට අමතරව සීලාදී ගුණදම් රකින්නාට ලැබෙන ආනිසංස 05ක් සහ සීලාදී ගුණදම් නොරකින්නාට ලැබෙන ආදීනව 05ක් අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ අක්කෝසක වග්ගයේ දී “සීල සූත්‍රයෙන්” පෙන්වා දී තිබේ. එම ආදීනව නම් මහණෙනි, සීල විපත්තියට පත් ගිහි දුස්සීලයා ප්‍රමාදය නිසා මහත් භෝග හානියට ද, පැවිදි දුස්සීලයා සප්තාර්ය ධන හානියට ද පැමිණෙයි. සීල විපත්තියට පත් දුස්සීලයාගේ පවිටු කීර්තිරාවය දසත පැතිරී යයි. සීල විපත්තියට පත් දුස්සීලයා ක්ෂත්‍රිය පිරිසකට වේවා, ශ්‍රමණ පිරිසකට වේවා යම් පිරිසක් වෙත එළඹේ නම්, බිය සහිත වූයේ, සැක සහිත වූයේ ම වෙයි. සීල විපත්තියට පත් දුස්සීලයා සිහි මුළා වී කළුරිය කරයි. සීල විපත්තියට පත් දුස්සීලයා මරණින් මතු අපාය වූ, දුගති වූ, විනිපාත වූ නිරයට ම පැමිණෙයි.

තමන්ගේ ගෞරවය ගැන හිතනවා නම් අනුන්ට අගෞරව නොකරන්න

අසුරින්ද බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ඇසුරෙහි පැවිදි දිවියට එළඹීමෙන් පසු බිලංගික නම් බ්‍රාහ්මණයා ද බුදුරදුන් සමීපයට එළඹ, බැණ වැදීමට නොහැකිව සිතින් අපහාස කරමින් සිටියේ ය. මේ පිළිබඳ දත් බුදුරජාණන් වහන්සේ යමකු විසින් නිවැරැදි හා පිරිසුදු අයකු කෙරෙහි ක්‍රෝධයෙන් කටයුතු කරයි ද, බැණවදී ද, උඩු සුළඟට දැමූ දූවිල්ලක් නැවත තමා කරා පැමිණෙන්නේ යම් සේ ද, එසේම එහි විපාකය ද එම අනුවණයා කරාම එළඹෙන වග දේශනා කළහ. ක්‍රෝධයෙහි විපාක දිට්ඨධම්මවේදනීය ලෙස විපාක දුන් අවස්ථාවක් පිළිබඳ ප්‍රවෘත්තියක් ධම්මපද අටුවාවේ දැක්වේ. උදෑසනම සුනඛයන් පිරිවරා ආයුධ ද ඇතිව දඩයමේ යමින් සිටී කෝකාලික නම් වැද්දා භික්ෂුවක දැක “අද නම් කිසිදු දඩයමක් කර ගැනීමේ හැකියාවක් නොලැබේ” යැයි සිතා භික්ෂුව කෙරෙහි ක්‍රෝධ සිතින් එම භික්ෂුව දෙසට සුනඛයන් උසිගන්වන ලදී. තැනට සුදුසු නුවණ භාවිත කළ භික්ෂුව ක්ෂණයෙන් ගසකට නැඟ ගත්තේ ය. ගස යටට පැමිණි වැද්දා විවිධ ආයුධ තුළින් භික්ෂුවගේ පාදයන්ට ඇන තුවාල සිදු කරන ලදී. භික්ෂුව විසින් බේරීමට තැත්කිරීමේ දී හදිසියේ ම සිවුර ගැලවී වැද්දාගේ ඇඟ මතට වැටුණි. භික්ෂුව බිමට වැටුණේ යැයි සිතූ බල්ලන් විසින් වැද්දා මරා දමන ලදී. කෝපයේ විපාක අනුවණයා කරා එළැඹීමට වැඩිකල් ගත නොවන වග ඉන් තහවුරු වේ.

අවශ්‍යතා අඩු තරමට ජීවිතය සැහැල්ලුයි

යම් ආකාරයකට ලිහිණි කුරුල්ලෙක් කොහේ හෝ දිශාවක් බලා පියාඹා ගෙන යනවා නම් ඒ කුරුල්ලාට දැනෙන එකම බර වන්නේ තම පියාපත් බර පමණයි. අන්න ඒ වගේම තමා භික්ෂුවට ඇති එකම බර පාත්‍රය හා කය පරිහරණයට යොදා ගන්නා චීවරය පමණ යි. අපේ සමාජයේ ළමුන් පමණක් නොව ඇතැම් වැඩිහිටි උදවිය, රෝගීන්, විශේෂයෙන් කාන්තා පක්ෂය සුභර තත්ත්වයෙන් ඈත්ව සිටිනා ආකාරයක් දක්නට පුළුවනි.  පවුලේ උදවිය විසින් බොහොම අපහසුතා මැද හරිහම්බ කර මේ කියන අය පෝෂණය කරනවා. ඉතින් ඒ අයගේ උපරිම ශක්තියෙන් එහෙම පෝෂණය කළත් ඒවායෙහි අඩුපාඩු ද ඇති වනවා. එවැනි අවස්ථාවල වැඩිහිටියන්, රෝගීන්, කාන්තාවන්, භාර්යාවන් ඒවායින් සෑහිමකට පත් නො වී බොහොම අපහසුතා මැද තමන්ගේ අවශ්‍යතා ඉටු කරන දරුවන්, උපස්ථායකයන්, ස්වාමි පුරුෂයන් වැනි අයට සැරවැර කරමින්. තමන්ට දුක සේ ලබා දෙන දේ ප්‍රතික්ෂේප කරමින්, ඉවත දමමින් ක්‍රියා කරනවා දක්නට පුළුවන්.  ඇතැම් අවස්ථාවල හිඟමන් ඉල්ලා ගෙයින් ගෙට යන යාචකයන් පවා තමන් අපේක්ෂා කරන ආකාරයෙන් යමක් නො ලැබෙන විට නින්දා අපහාස කරමින් ක්‍රියා කරන ආකාරය ඔබ අප කවුරුත් අත්දැක තිබෙන සුලභ කරුණක් නොවේ ද? විශේෂයෙන් ම කරණීයමෙත්ත සූත්‍රය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙන්නේ භික්ෂූන් වහන්සේ අරමුණ කර ගෙනයි. උන්වහන්සේ සුභර තත්වයෙන් තම ජීවිත පවත්වා ගෙන යාමේ අගය මෙහි දී වටහා ගත යුතු ව ඇත.

බුදු දහමේ යථාර්ථය පසක් කළ තවත් එක් මොහොතක්

උතුරේ දූ දරුවන්ගේ අවශ්‍යතාවක් සපුරාලන්නට කටයුතු කළ දකුණේ කතාවක් ගැනයි මේ කියන්නට සුදානම. මේ දරුවන් අකුරු කරන්නේ පේදුරුතුඩුව කට්කෝවලම් මෙතෝදිස්ත මිෂනාරි දෙමළ පාසලේ. ඔවුන්ගේ පාසලේ අඩුපාඩු බොහොම යි. මේ දරුවන් සුහුරු පංති කාමර නැත්තම් ස්මාට් පංතිකාමර ගැන දැනගෙන හිටියත් එවන් පහසුකමක් ඔවුන්ට තිබුණේවත් නැහැ. පාසලේ විදුහල්පති සෙල්වියා ජයමෝහන් මහතා මේ සම්බන්ධයෙන් යාපනයේ යුද හමුදාවේ නිලධාරීන් හමුවෙලා ඒ ගැන ඉල්ලීමක් කළා. යුද්ධය අවසන් වීමෙන් පස්සේ උතුරේ ජනතාවගේ බොහෝ අවශ්‍යතා සපුරා දුන්නේ යුද හමුදාව විසින්. ඒ නිසයි විදුහල්පතිවරයා ඒ ඉල්ලීම් කළේ. විදුහල්පතිවරයාගේ මේ ඉල්ලීම යාපනයේ 551 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහට යොමුවුණා. ඒ හරහා 55 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න මහතා වෙත ක්‍රියාත්මක වී පාසල් දරුවන්ගේ මේ ඉල්ලීම් ගැන ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන්ට සැලකළා.

ඉල් අව අටවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]