ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ වප් පුර පසළොස්වක පෝදා 2022 ඔක්තෝබර් 09 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ. 09 ඉරිදා සිල්
පසළොස්වක
ඔක්තෝබර් 09
අව අටවක
ඔක්තෝබර් 17
අමාවක
ඔක්තෝබර් 24
පුර අටවක
නොවැම්බර් 01
කඨින චීවර පූජා කරන මාසයේ සමාරම්භක දිනය අදින් ඇරඹෙයි. එබැවින් මේ චීවර මාසය යි. සෑම වසරක ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය බෞද්ධයා ගේ පුණ්‍ය කාලය යි. වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. කඨින චීවර පූජාව ආරම්භවීමට අමතරව වප් පුර පසළොස්වක පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් කිහිපයකි. ඉන් පළමුවැන්න නම් සත් වැනි වස් කාලය තව්තිසා දිව්‍ය ලෝකයෙහි ගත කළ බුදුරදුන් සංකස්ස නගර ද්වාරයට වැඩම කිරීම යි. එදා මහා පිරිසක් සංකස්ස නගර ද්වාරයට එක්රැස් වූ හ. දිව්‍ය බ්‍රහ්ම සමූහයා ගේ පංචතූර්ය වාදනයන් හා සාධු නද මධ්‍යයේ අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස නගර ද්වාරයට බුදුරදුන් වැඩම කළ කල්හි ඒ අසිරිය දුටු සියල්ලෝ ම බුදුවන්නට ප්‍රාර්ථනා කළහ. මෙම පූජෝත්සවය “දේවාවරෝහණ” නම් විය. මෙය දැකීමෙනුත්, බුදුරදුන් හා සැරියුත් මාහිමියන් අතර වූ ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙනුත් අපමණ ප්‍රසාදයට පත් මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ සසුනෙහි පැවිදි බවට පත්වූයේ ද වප් පොහොය දිනෙක ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ නියමයෙන් දේවානම්පියතිස්ස රජුගේ සංදේශයත්, තුටු පඬුරුත් රැගෙන ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් දඹදිව පැළලුප්නුවර සිටි ධර්මාශෝක අධිරාජයා වෙත පිටත්කොට හැරියේත් වප් පොහොය දිනෙක ය. සඟමිත් තෙරණිය සිරිලකට වැඩම කරවා ගෙන ලක්දිව පැවිද්ද බලාපොරොත්තුවෙන් සිටි අනුලා දේවිය ප්‍රමුඛ කුල කතුන් සසුන්ගත කරවීම එම දූත චාරිකාවෙහි අභිප්‍රාය විය.
අපි කවුරුත් වන්දනඤ මානන සඳහා ගාථා සජ්ඣායනය කරමු. පරම්පරායානුගතව අපට හුරුවීමෙන් එම ගාථා සජ්ඣායනා කරනු ලැබූව ද ඒවායේ අර්ථය පිළිබඳ හෝ අන්තර්ගත ධර්මානුකූල භාවය පිළිබඳ අප මොහොතකටවත් සිතා බලන්නේ ද නැත. ප්‍රායෝගික බුදු දහම තුළ විශේෂයෙන් ථෙරවාද සම්ප්‍රදාය පවතින රටවල භාවිත කෙරෙන වන්දනා ගාථා කවුරුන් විසින්, කවදා ප්‍රබන්ධ කරන ලද්දක් ද යන්න තහවුරු නො වූව ද, ඒවායේ බොහෝ දුරට අන්තර්ගත වන්නේ බුදු ගුණ හෝ බුදු දහමයි. පහත ගාථාව එලෙස බුදු ගුණ හා බුදු දහම ප්‍රකට කෙරෙන කදිම අවස්ථාවකි. “නමාමි බුද්ධං ගුණසාගරන්තං - සත්ථා සදා හොන්තු සුඛී අවේරා - කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ - ගච්ඡන්ති සබ්බේ මරණං අහං ච”, බුදු දහමෙහි ඉගැන්වෙන පරිදි භාවනාව යනු මනස සංවර කරන ප්‍රධාන අවියයි. මනස සංවර වූ තරමට පුද්ගලයාට ධර්ම මාර්ගය තුළ ජීවත්වීමට හැකියාව ලැබේ. මනසට ආරක්ෂාව ද එනිසා ලැබේ. එසේ මනසට ආරක්ෂාව ලබා දෙන භාවනා මාර්ග 04ක් ඉහත ගාථාව තුළින් ප්‍රකාශ වේ. චතුරා රක්ඛා හෙවත් චතුරා රක්ෂාව යනුවෙන් හඳුන්වන එම භාවනා බුද්ධානුස්සති භාවනාව මෙත්තා හෙවත් මෛත්‍රී භාවනාව, අසුභ හෙවත් පිළිකුල් භාවනාව හා මරණය පිළිබඳ මෙනෙහි කරන මරණානුස්සති භාවනාවයි.
කුරුන්දි විහාරය එහෙමත් නැත්නම් කුරුඳුමලේ ගැන අපි මීට පෙරත් කතා කළා. අවාසනාවට අදත් මේ ඓතිහාසික සිද්ධස්ථානය ගැන අපට කතා කරන්නට සිදුව ඇත්තේ ඊට එරෙහිව පිරිසක් කටයුතු කරන නිසයි. මුලතිව් කෝකිලායි මාර්ගයේ නාගචෝලේ වන රක්ෂිතයේ පිහිටා ඇති කුරුන්දි විහාරය මෙරට එකම කබොක් ස්තූපය බවට සැලකෙනවා. ඒ බව පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් ද තහවුරු කර තියෙනවා. 1933 වසරේ දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නාගචෝලේ රක්ෂිතයක් ලෙස ගැසට් කරන ලද්දේ එහි ඇති ඓතිහාසිකත්වය නිසයි. සේරුවාවිල විහාරස්ථානය අපට දායාද කළ දඹගස්ආරේ මේධංකර හිමියන් විසින් කුරුන්දි විහාරය ගැන පැහැදිලිව කරුණු දක්වා තිබෙනවා. කුරුන්දි විහාරය අයත් භූමි භාගය 80 දශකයේ දී නියමිත පරිදි හඳුනා ගැනීමෙන් පසු එය සංරක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කටයුතු කළා. එහෙත් පසුව ඇති වූ ත්‍රස්තවාදී යුද ගැටුම් නිසා ඒ සියල්ල පසුවට නතර කර දමන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිදු වුණා. යුද්ධයෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුන්දි විහාරයීය පුනරුත්ථාපන කටයුතු ආරම්භ කළත් ප්‍රතිපාදන නොමැති වීම නිසා ගැටලුවකට මැදි වන්නට ඔවුන්ට සිදුවුණා. එහෙත් බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් ලබා දුන් මුදල් ප්‍රතිපාදන නිසා එහි සංරක්ෂණ කටයුතු සිදු කරන්නට හැකි වීම භාග්‍යයක් බව පෙන්වා දිය යුතුයි.
වස්සානය හා කඨිනය විශේෂ විනයානුකූල ආගමික පිළිවෙතකි. ඒ සම්බන්ධයෙන් බුදුරදුන් වදාළ සියලුම විනයානුකූල පැනවීම් හා නිර්දේශ ඇතුළත් වන්නේ විනය මහාවග්ගපාළි වස්සූපනායික හා කඨිනක්ඛන්ධකවල ය. වස්සූපනායික ශික්‍ෂාව පැනවීමේ සිට වර්තමානය දක්වාම වස්සානය හා කඨිනය පිළිබඳ විනයානුකූල පිළිවෙත් සියල්ල සිදුවන්නේ එම විධි නියමයන්ට අනුකූලව ය. බුදුරදුන්ගේ මුල් පැනවීමට කලින් කල එකතුකරන ලද සංශෝධන මගින් තවදුරටත් එම කාර්යය සංකීර්ණ වී තිබේ. වස්සානය ආරම්භයේ දී උපෝසථ කාර්ය මගින් ස්වකීය පාරිශුද්ධත්වය තහවුරු කරගත් උපසපන් භික්‍ෂු භික්‍ෂුණීන් වහන්සේ ඇසළ පුරපසළොස්වක අවපෑලවිය දිනයෙහි වස් සමාදන්ව තෙමසක් ඇවෑමෙන් වප් පුරපසළොස්වක දිනයෙහි පවාරණය කිරීමෙන් වස්සානය නිමා කරති. මෙම චාරිත්‍රවල මුල් ස්වරූපය හා එහි අර්ථය යම් වෙනසකට භාජනය වී ඇතත් පැරැණි පිළිවෙත තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. කාලීන වෙනස්කම් රැසක් දක්නට ලැබුණ ද වස්සානය හා කඨිනය පැවිද්ද හා සම්බන්ධ විනයානුකූල මෙන්ම ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය කේන්ද්‍ර කර ගත් ප්‍රතිපදාවකි.
වප් පුර පසළොස්වක පෝය දින
ධාතු වන්දනාව
කඨින පින්කම්
පෝදා පින්කම්
ඉතිරිය»
ලද පමණින් තුටු විය හැකි හිත උතුම්
ආදරය හා විශ්වසනීයත්වය හොඳම දායාදයයි
දෙලොවටම සුව දෙන සතර සුව
කඨින සිවුරේ කතාව
සැනසීම ලැබ ගන්න කරුණාව පතුරන්න
සතුටුවීමේ වගකීම ඔබම බාරගන්න
සාරගම වැව් ඉස්මත්තේ සුන්දර ගල්තලාවක ඉදිවුණු තිත්තවැල්ල උඩමළු පුරාණ රාජමහා විහාරය
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]