[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව - ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත , උපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රවේදී අතුරුගිරියේ සුබෝධ හිමි, 10.00 - 11.00 ධම්ම පදයෙන් බිඳක් වත්තල වැලිකඩමුල්ල අභය විහාරාධිපති, කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ඇතිමලේ සීලානන්ද හිමි, පස්වරු 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 - 4.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති කරවිලකොටුවේ ධම්මතිලක හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 5.00 - 6.00 භාවනාව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 05.30 අටවිසි බුදුරජාණන් වහන්සේ සහ අසූමහා ශ්‍රාවිකාවියන් වහන්සේලා උදෙසා ක්ෂීරපායාස පූජාව, පෙරවරු 6 - 7 සීල සමාදානය සහ සම්බුද්ධ පූජාව 8 - 9 ,ධර්ම දේශනය - ගැමුණුපුර සෝමවංශ හිමි, 9 - 10.30 ධර්ම දේශනය පුහුල්මැල්ලේ සාරද හිමි, 10.30 - 11.00 දහවල් සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 - 01.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනය, 2 - 3.30 ධර්ම දේශනය - සෝමපුර සිරිසුධම්ම හිමි, 4 - 5 ධර්ම දේශනය - මහින්ද හිමි, පස්වරු 6.00 ට අටවිසි බුදුරජාණන් වහන්සේ, අසූමහා ශ්‍රාවිකාවන් වහන්සේලා උදෙසා ගිලන්පස බුද්ධ පූජාව. එදින ධර්ම දානය සඳහා බුදුසරණ පුවත්පත බෙදා දෙන්නේ බිමල් පීරිස් මහතා විසිනි.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගබ්බෙල වජිර හිමි, 8.00 - 9.00 භාවනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි නාහිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව - ගල්කිස්සේ සෝමානන්ද හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව තලංගල්ලේ ධම්මරතන හිමි, තලංගල්ලේ ධම්මදස්සි හිමි, පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ ගලහිටියාවේ නාගිත හිමි, තලහගම බුද්ධසිරි හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තල්පාවිල කුසලඥාන හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය රත්මලාන පුරාණ විහාරාධිකාරී රාජකීය පණ්ඩිත කොටනෙලුවේ පුඤ්ඤානන්ද හිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව උඩහමුල්ල පඤ්ඤෝධාරාමවාසී ශාස්ත්‍රපති පණ්ඩිත වල්ගම සුමන හිමි, 5.00 - 6.00 ධම්ම පදය ශාස්ත්‍රපති පණ්ඩිත වතුරගම ධම්මජීව හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි නා හිමි.

මහරගමසිරි වජිරඤාණ ධර්මායතනය තරුණ සීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත වතුරුගම ධම්මජීව හිමි, 8.00 - 9.00 භාවනාව කොත්මලේ ඤාණවංස හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන නාහිමි, 10.00 - 11.15 පරෝපකාර සංග්‍රහය - අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 - 3.00 වෙසෙසි දෙසුම ගත්කතුව චාමික මුණසිංහ මහතා, 3.00 - 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත රණස්ගල්ලේ ඤාණවීර නාහිමි, 4.15 - 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 - 6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි නා හිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය හා අනුශාසනය, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පෙරවරු 8.15 - 09.30 භාවනාව කිරිබත්ගොඩ ධම්මධජ හිමි, 9.45 - 11.00 ධර්ම දේශනාව වලපනේ ඤාණසේන හිමි, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 - 2.00 ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව ගල්කිස්සේ සෝමානන්ද හිමි.

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම විහාරයේ විහාරාධිපති දෙල්මෑල්ලේ ශ්‍රී සුමනරතන පොඩි හාමුදුරුවන්ගේ මෙහෙයවීම පරිදි, මේ මස 09 වැනිදා පසළොස්වක පෝදා සුමනාරාමයේ දී පින්කම් මාලාවක් පැවැත්වේ. පෙරවරු. 08.30 ට ධර්ම දේශනාව බුලත්සිංහල දිවලකඩ කළුගල ශ්‍රී විජයාරාම විහාරාධිකාරී, ගල්පාත ඥානසිරි හිමි, 10.00 ට සදහම් වන්දනාව හා දහවල් සම්බුද්ධ පූජාව ආදළුවේ සුබෝධනී මෑණියන් 01.30 ට භාවනාව, ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ, සවස 6.30 ට සැමට සෙත් පතා ගිලන්පස බුද්ධ පූජාව, බෝධි පූජා පින්කම.

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම, අලුයම 5.30 ට අෂ්ඨාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදුවේ සුමනවංශ නාහිමි, උදෑසන 6.00 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙරවරු 7.45 සිට 8.45 දක්වා ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී මාදුවේ කෝලිත හිමි, 9.45 සිට 11.15 දක්වා ධර්ම සාකච්ඡාව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අශෝක පි‍්‍රයදර්ශන, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද, ධර්මාචාර්ය කේ.එම්.ආර්. කුමාරසිංහ ඇතුළු වියතුන්, 11.00 ට ව්‍යාංජන, පලතුරු කැවිලි වර්ග 32 ක් ඇතුළු ශ්‍රී දළදා වහන්සේ අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා මුල්තැන් බුද්ධ පූජාව පූජා කිරීම, 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව, 01.15 සිට 2.15 දක්වා කාව්‍යමය ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී රන්වල සරණසිරි හිමි, 2.45 සිට 3.45 දක්වා ධර්ම දේශනාව ශාස්ත්‍රපති ඇල්ලේ ඉන්ද්‍රජෝති හිමි, 4.00 සිට 5.00 දක්වා ධර්ම දේශනාව ආඬිඅම්බලමේ සුගුණ හිමි.

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරය

දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද නාහිමිගේ අනුශාසකත්වයෙන් මේ මස 09 වප් පොහෝදා පෙරවරු 6.15 ට කිරිපිඬු පූජා පෙරහර, 6.30 ට සිල් සමාදන් කරවීම හා සම්බුද්ධ පූජාව හැව්ඕවිට ගුණානන්ද නාහිමි, 8.30 කාව්‍යමය ධර්ම දේශනාව - ඇත්බොටුවේ ධම්මසිරි හිමි, 9.45 සක්මන් භාවනාව - මිද්දෙණියේ සුමංගල හිමි, පස්වරු 12.30 ට පිරිත් සූත්‍ර දේශනාව - වැල්ලවායේ සුමනරතන හිමි, 2.00 ධර්ම දේශනාව මාරඹ ධම්මරතන හිමි, 3.00 ධර්ම දේශනාව ගාල්ලේ රතනාලංකාර හිමි, 4.15 ධර්ම දේශනාව බෝකුන්දර චන්දිම හිමි, 6.30 අටවිසි බුද්ධ පූජාව.

වප් පුර පසළොස්වක පෝය

 ඔක්තෝබර් 09 ඉරිදා පූර්වභාග 03.44 පුර පසළොස්වක ලබා 10 සඳුදා පූර්වභාග 02.28 ගෙවේ.
 09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 17

Full Moonඅමාවක

ඔක්තෝබර් 24

First Quarterපුර අටවක

නොවැම්බර් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]