[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මතකභත්ත ජාතක කතාව ඇසුරිනි

ඇසළ අව අටවක

 ජුලි 20 බදාදා පූර්වභාග 07.40 අව අටවක ලබා 21 බ්‍රහස්පතින්දා පූර්වභාග 08.16 ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට පෙර තමන් කවුදැයි හඳුනා ගන්න

යහපත් වූ ගුණධර්ම ඇසුරෙන් සකස් කරගත් පුද්ගල සබඳතා සමාජය බැබළීමට හේතු වේ. ස්වකීය ශ්‍රාවකයන් මුණගැසුණු අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ පිළිසඳර කතාව ආරම්භ කෙළේ ඇවැත්නි, කෙසේ ද? ඔබ වහන්සේ සමගියෙන්, සතුටින්, විවාදයකින් තොරව කිරිත් දියත් මුසු වූවා සේ ඔවුනොවුන් දෙස ප්‍රියමනාප බැල්මෙන් බලමින් වසන්නාහුදැ”යි, අසමිනි. ඒ තුළින් ම උන්වහන්සේ කලබලකාරිත්වයෙන් තොර ප්‍රියමනාප වාසය අගය කර ඇති බව අපට පැහැදිලි වෙයි. “කලහකාරී” “ප්‍රචණ්ඩකාරී” යන වචන නිතර භාවිත වනු අසන්නට ලැබෙයි. එම වචන අප සිත් තුළ ජනිත කරවනුයේ අප්‍රසාදයකි. ප්‍රචණ්ඩකාරී යන වදන ඇසූ සැණින් ම අප දුටු ගැටුමක් හෝ ඒ ආශ්‍රිත විනාශයක් පිළිබඳ මතකයට නැඟෙයි. ඒ ඒ පුද්ගලයන් සතු ප්‍රශ්නවලට මුහුණදීමේ ශක්තිය මත ප්‍රචණ්ඩකාරී අවස්ථාවන් ඇතිවීම බොහෝ ස්ථානවල දැකිය හැකි දෙයකි. ප්‍රචණ්ඩත්වය ඇතිවනුයේ සිතට නැඟෙන ද්වේශ සහගත වු අදහස් නිසා ය. යම් විටෙක එවැනි අදහසක් සිතට නැඟුණු විට අප ක්‍රියා කළ යුත්තේ කෙසේ දැයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඒ අනුව අපට යම් විටෙක ද්වේෂ සහගත චේතනාවක් පහළ වූයේ යැයි සිතමු. එම ද්වේෂය අපට දුක් පිණිස පවත්නා බව පළමුව හොඳීන් වටහා ගත යුතු ය. දෙවනුව, එය බාහිර සමාජයට ද අවැඩක් අහිතක් පිණිස ම හේතු වන බව තේරුම් ගැනීම අපහසු නොවනු ඇත. අපටත්, පොදුවේ සමාජයටත් අවැඩක් වන දෙයක් කොට අවසානයේ සිදුවන්නේ කුමක්ද? මානසික වශයෙන් පසුබෑමකටත්, පීඩනයකටත් පත්වීම යි. එය දිගින් දිගට ම මනසට වද දෙන සිදුවීමක් වනු ඇත.

පසිඳුරන් දමනය පින් වැඩෙන උල්පතක්

කරණීය මෙත්ත සූත්‍රයේ ‘සන්තින්ද්‍රියෝ’ නමින් අර්ථ ගන්වන්නේ ශාන්ත වූ ඉඳුරන් ඇති බව ය. දැමුණු ඉඳුරන් ඇති බව ය. එසේත් නැතිනම් ඉඳුරන් සංවරව ආරක්ෂා කරගෙන ඇතැයි යන අර්ථ දෙන්නේ ය. අපගේ ඇසට, කනට, නාසයට, දිවට හා ශරීරයට විවිධ අරමුණු හමුවේ. ඉඳුරන් නොසන්සුන් වන්නේ එම විවිධ අරමුණු හමුවේ ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ඒ හා ඇළෙන්නේ නම් ය. ගැටෙන්නේ නම් ය. ඒ අරමුණු අවබෝධයෙන් හඳුනාගෙන ඒවායෙහි නො ඇලෙනවා නම්, නොගැටෙනවා නම් අපගේ ඇස සන්සුන් වේ. කන සන්සුන් වේ. සියලු ඉඳුරන් සංවර වේ. ඒ ශාන්ත බව, සංවර බව, භික්ෂූන් වහන්සේට පමණක් නියම වූවක් නොවේ. ගිහි ජීවිතයේ ශික්ෂණයට ද හික්මීමට ද හේතු වේ. මේ සංසාරයේ කෙළවරක් දැකිය නොහැකි වන්නේ වැරැදි ලෙස, දුෂ්‍යවන ලෙස, කිළිටිවන ලෙස ඉන්ද්‍රිය ක්‍රියාත්මක කිරීම නිසා ය. එවැනි පුද්ගලයා රෝදයක් කැරකැවෙනවා සේ කැරකි කැරකී සසරේ ගමන් කරන කෙනකු බවට පත්වේ. සතර අපායේ ද, මිනිස් ලොවෙහි ද, දිව්‍ය ලෝකයේ ද ආදි ලෙස ඉපදෙමින්, මිය යමින් සසර සැරිසරනු ඇත. සතර අපාය අපමණ දුක් වේදනා ගෙන දේ. මිනිසුන් ලෙස ඉපදුණ ද දුකෙහි අඩුවක් නොවේ. මේ බිය උපදවන සංසාරය නම් වූ දුක් ගොඩෙන් නිදහස් වන්නට නම් ඇස රැක ගත යුතු ය. කන, නාසය, දිව, ශරීරය මනස රැකගත යුතු ය. ඉන්ද්‍රියයන්හි වහලකු බවට පත්වන්නේ අවබෝධයෙන්, සතියෙන් හා ප්‍රඥාවෙන් ඉන්ද්‍රිය මෙහෙය වන්නේ නැති නිසා ය. මෙහිදී ඇලීම් හා ගැටීම් ඇතිවන ආකාරය නිවැරැදිව වටහා ගැනීම වැදගත් වේ. ඇසට පි‍්‍රය රූප දකින විට අපි ඒ දෙස ආශාවෙන් බලා සිටිමු. ආස්වාදයක් ලබමු. නැවත දකින්නට පෙළඹෙමු. එයින් ද නොනැවතෙමු. එය ළං කර ගන්නට උත්සාහ කරන්නෙමු. මේ ස්වභාවය අරමුණෙහි ඇලීමයි. උත්සාහය අසාර්ථක වූයේ නම් ප්‍රතිඵලය දුක්ඛදායක ය. මොහොතක් සිතන්න. අසල්වැසියා ලොකු ගෙයක් හදනවා නම් සමහර කෙනකුට එය ඉවසන්නට නොහැකි ය. ඊර්ෂ්‍යාවෙන් දැවෙන්නේ ය. අන් අය සමඟ ද ඒ සිතිවිලි බෙදා හදා ගන්නට යන්නේ ය. “කුමට ද මෙ පමණ ලොකු ගෙයක්. කොහොම සල්ලි හම්බකරල ද දන්නේ නෑ” යි විවිධ දේ කියන්නේ ය. නොදැනුවත්ව ම මේ සිදු කරගන්නේ කුමක්ද?

 

ආධ්‍යාත්මික ගුණ විදහා දැක්වෙන අමරාවතී - ගුප්ත සම්ප්‍රදායන්හි බුද්ධ ප්‍රතිමා කලාව

දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගෝදාවරී ගංගාව ආශ්‍රිත ව ගොඩනැඟුණු ප්‍රබලතම රාජ්‍ය වූයේ ආන්ද්‍රා රාජ්‍යය යි. මෙම රාජ්‍යයට අයත් අමරාවතියේ ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ සිට ථෙරවාදී බුදුදහම ප්‍රචළිතව පැවතුණි. අමරාවතිය මහායාන බුදු සමයේ කේන්ද්‍රස්ථානයක් වූයේ ක්‍රිස්තු වර්ෂ දෙවැනි ශත වර්ෂය වන විට බව ඓතිහාසික කරුණු වාර්තා කරයි. ධර්මාශෝක රාජ්‍ය සමයේ මැනවින් බුදු බුදුදහම ව්‍යාප්ත වූ ආන්ද්‍රාවෙහි බොහෝමයක් බෞද්ධ සිද්ධස්ථාන ස්ථාපිත වූ අතර, දැනට නෂ්ටාවශේෂ බහුලව දක්නට ඇත්තේ මෙකී අමරාවතී සහ නාගර්ජුන කොණ්ඩ යන ස්ථානයන්හි ය. අමරාවතී සම්ප්‍රදාය පිළිබඳ වඩාත් ප්‍රචළිත වූයේ එහි ස්ථාපිත ප්‍රසිද්ධ මහා චෛත්‍යය පදනම් කරගෙන ය. ගන්ධාර හා මථුරා සම්ප්‍රදායන් දෙකට වඩා මෙම බුදුපිළිම කලාවේ යම් පරිණත භාවයක් තිබෙන බව විද්වත් මතයයි. අමරාවතී සම්ප්‍රදායට අදාළව පිළිම නිර්මාණය කරන නිර්මාණකරුවා අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන ඇත්තේ කොළපාට හුණු ගල් විශේෂයක් බව සඳහන් වේ. අමරාවතී සම්ප්‍රදායට අයත් පිළිමවල දක්නට ලැබෙන විශේෂ ලක්‍ෂණයක් වන්නේ භාව ප්‍රකාශනය ඉතා උසස් මට්ටමක පැවතීමයි. ඊට අමතරව සිත් ඇදගන්නා සුළුබව, ස්වභාවොක්තියට මුල්තැන දීම
ඉතාම ප්‍රසන්න බවකින් යුක්ත වීම ආධ්‍යාත්මික ගුණයන් නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීම
වැනි දෑ දක්නට ලැබේ. ආන්ද්‍රා බුදු පිළිම කලාවේ ද මථුරා සම්ප්‍රදායෙහි මෙන් රවුම් මුහුණ, විවෘත වූ නෙත් දක්නට ලැබේ. කේශ කලාපය ද මෙම පිළිම සම්ප්‍රදායේ විශේෂ ලක්ෂණයකට පිහිටා ඇත. දේහ ලක්‍ෂණවලට අමතරව චීවරය ගැන සැලකීමේ දී මෙම බුද්ධ රූපයන්ගේ ඇතුළත් චීවරය ඉහළ සිට පාදාන්තය දක්වා වැටුණු ඉතා සියුම් රැළිවලින් යුක්ත ය. තවද මථුරා සම්ප්‍රදාය තුළ පැවති බුදු පිළිමවල දක්නට ලැබෙන සිවුරු පටිය අමරාවතී සම්ප්‍රදායේ පිළිමවල දක්නට නොලැබෙයි.

ඇසළ අව අටවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]