අනුන්ගේ පව් තමන්ගේ කර නොගන්නට
ධර්මයේ පිහිට
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ
ධම්මික නා හිමි
දිගු සසර ගමනේ දුර්ලභ අවස්ථාවක් වූ මනුෂ්‍ය ජීවිතය ලබා ඇත්තෙමු. තථාගත බුදුරජාණන්
වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය අවබෝධය සමගින් ත්‍රිවිද්‍යා අවබෝධය ද ලැබූහ. එනම්
පුබ්බේනිවාසානුස්සති ඤාණය, චතූපපාත ඤාණය සහ ආසවක්ඛය ඤාණයයි.
මෙහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ කරනු ලැබුවේ කුමක්ද? තමන් වහන්සේ ඇතුලු
සියලු සත්වයෝ ම ඔවුන්ගේ සසර ගමනෙහි වඩාත්ම උපත ලබා ඇත්තේ සතර අපායේ බව ය.
බඹ ලොවක, දෙව්ලොවක හෝ මනුෂ්‍ය ලෝකයේ ඉපිද යම් සැපක් ලබා ඇත්තේ නම් එය නරක ,
තිරිසන්, පේ‍්‍රත, අසුර නම් වූ සතර අපායේ ඉපිද විඳි දුකට අලඟු තබන්නටවත් නොහැකි බව
ය.
මහා නිරය, අවීචිය වැනි තැනෙක උපත ලැබුවේ නම් ඒකාන්තයෙන් ම කල්පයකට වඩා අපමණ වූ දුක්
විඳිය යුතු වන්නේ ය. ඒ අනුව අඩුවෙන් ම උපත ලබා ඇත්තේ මනුෂ්‍ය ලෝකයේ ය. එක්
මනුෂ්‍යයෙක් අම්මා වෙනුවෙන්, තාත්තා වෙනුවෙන්, දුව වෙනුවෙන්, පුතා වෙනුවෙන්,
සොහොයුරා සොහොයුරිය වෙනුවෙන් වැගුරූ කඳුළු ද, ලෙඩ දුක් ඉදිරියේ ද අනෙකුත් ඤාති
ව්‍යසනයේ දී, භෝග ව්‍යසනයේ දී වැගුරූ කඳුළු සිව් මහා සාගරයේ ජල කඳට වඩා වැඩි ය.
සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයට අනුව මේ බව පැහැදිලි වෙයි.
ඉපදෙමින්, මරණයට පත්වෙමින් සිදුවෙන්නා වූ භවගාමිත්වය සසර ලෙස සාමාන්‍ය ජනයා තේරුම්
ගන්නේ ය. සසර නම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පඤ්චකයේ
නොසන්සිඳි පැවැත්මයි. මේ අනුව සිදුවෙන්නාවූ කර්ම භවය සහ උත්පත්ති භවය සසරේ ලක්ෂණ
ලෙස දැකිය හැකි වන්නේ ය.
මේ බව අනුක්‍රමයෙන් අවබෝධ කර ගනිමින්, දැනට ලබා ඇති මනුෂ්‍ය ජීවිතයේ දී මුහුණපාන්නට
සිදුවන දුක්ඛ ස්වභාවයන් තේරුම් ගත යුතු වන්නේ ය. මේ ජීවිතයේ ද ජාති, ජරා, ව්‍යාධි,
මරණ සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, පරිලාහ වශයෙන් කායික සහ මානසික දුක්ඛයන්ට
මුහුණ දිය යුතු වන්නේ ය. මේ දුක්ඛ දෝමනස්ස ඉදිරියේ සියලු දෙනාම අසරණ වෙති.
ලැබූ මේ ජීවිතයට බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකයන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මුණගැසී
ඇත්තේ ය. කළ යුතු වන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් යුතුව,මජ්ක්‍ධිමා පටිපදා” නම්
වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමයි. හඬා වැළපීමෙන් ප්‍රයෝජනයක් නැත.
ප්‍රාණඝාත, සොරකම් ආදී ලෙසින් දුශ්චරිතයන්ට යොමු වීමෙන් සිදු වන්නේ, භවය සතර අපාය
සහිතව දීර්ඝ වෙනවා මෙන් ම ජරා, ව්‍යාධි, මරණ ඉදිරියේ තවදුරටත් මේ ජීවිතයේ ම අසරණ
වීමයි. අපට කළ හැකි වන්නේ කුමක්ද? බුද්ධ දේශනාවට අනුව, ලෝභ, දෝස මෝහ සංසිඳවීමේ මඟ
නම් වූ කුසල් සම්පාදනය කළ යුතු ය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම නම් වූ
බ්‍රහ්මචර්යාව අනුගමනය කළ යුතු ය. “එයට හේතුව නම් උපන්නාහට නොමැරී සිටීමට පුළුවන්
කමක් නැත.
සම්මත පැවැත්මෙහි පස්පව් දස අකුසලයන්ගෙන් බැහැරව ඉගෙනීම, වෘත්තිය හෝ රැකියාව,
ව්‍යාපාර, විවාහය, දූ දරුවන්, ගේ දොර, ධන ධාන්‍ය උපයා ගැනීම්, මව්පිය ස්වාමි
භාර්යාව, දූදරු ,ඤාති හිතමිත්‍ර, ගම්වැසි, රටවැසි ආදි ලෙසින් කළ යුතු ක්‍රියාදාමයන්
අනුගමනය කළ යුතු වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් “නතුම්භ සූත්‍ර” දේශනාවෙහි
මතුකොට දැක්වූ දහම් කරුණක් පිළිබඳ විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරමි. “මහණෙනි මේ කය
නුඹලාට අයිති නැත. අන් අයකුට ද අයිති නැත. පුරාණ කර්මයන්ගේ ඵලයකි. පඨවි ආදී
ධාතුන්ගෙන් සමන්විත වූවකි. චේතනාව මුල් වූවකි. විඳීමට වස්තු වූයේ ය. ඉගෙනීම,
රැකියාව, විවාහය, දරුවන්, ගේදොර, ධනධාන්‍ය, තනතුරු ආදි ලෞකිකත්වය පිළිබඳ ව ඔබට දැන්
වැටහෙන්නේ කුමක්ද? ජීවිතය, සතුට, ආදරය, සැප, විඳීම්, හමුවීම්, එක්ව වාසය කිරීම්,
සම්මාන, තනතුරු ආදි ලෙසින් මේවා ලබමින් හෝ ලබන්නට අනේකවිධ වෙහෙස දරමින්,
දුක්කම්කටොලුවලට මුහුණදෙමින් ගත කරන ජීවන පැවැත්ම, මොනතරම් තාවකාලික ද? කෙතරම්
අස්ථිර ද? හේතු ප්‍රත්‍ය කරගෙන හටගන්නා වූ සචිඤ්ඤාණක, අවිඤ්ඤාණක සියලු දෙනාම, සියලු
වස්තූන් ම, අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්ෂණයට යටත් ය. සෑම මොහොතක් පාසාම
උප්පාද, ඨිති,භංග, ලෙසින් හටගෙන බිඳී නැතිව යන්නේ ය නම් වූ සත්‍යයයි. කෙතරම් “මම
මගේ” කියා සිතුවත්, ප්‍රකාශ කළත් , ක්‍රියා කළත්, තමාවත් තමාට සැබෑ අයිතියක් නැති
බව අවබෝධ කර ගත්තේ ද? දිරාගෙන යාම, ලෙඩදුක්, මරණය, අපි‍්‍රයයන් සමඟ එකතු වන්නට
සිදුවීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දෑ නොලැබීම හෝ කැමති පරිදි සිදු නොවීම,
කෙටියෙන් පවසතොත් මේ ස්කන්ධ පඤ්චකය ම දුකක් බව තවමත් ටික ටිකවත් වටහා නොගත්තේ ද? මේ
වටහා ගැනීම යනු, මේ ජීවිතය ලෞකික වශයෙනි. අකර්මණ්‍ය වීමක් හෝ ඔබ සිතන සතුට
බැහැරවීමක් නොවේ.
ඔබගේ ජීවිතයෙ හැබෑම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය ධර්මයට අනුගතව ධර්ම පී‍්‍රතිය හෙවත්
නිරාමිෂ සතුටට සමීප වෙයි. මේ සතුට ඇතුළත තරහව වෛරය, සැකය , බිය , මානය, හෝ තද
ආශාවන් නැතිව යන්නේ ය.
ලෞකික දියුණුවට හේතුවන ඉගෙනීම, රැකියාව, ගේ දොර පටන් උපයා ගත්තත් එහි යථා ස්වභාවය
තේරුම් ගැනීම එයට හේතුවයි. එනම් විනාශ නොවන කිසිවෙක් හෝ කිසිවක් හටගන්නේ හෝ
උපදින්නේ නැත.
යමක් හටගන්නා සුළු ද ඒ හැම නැසෙන සුළුයි. ඒ බව අවබෝධ කර ගනිමින් සතර සතිපට්ඨානයේ
උගන්වන සිහිය හෙවත් සති සම්පජඤ්ඤය පිහිටුවීම කෙරේ භාවිත බහුලීක බවක් ඇති කරගනී.
මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ආරම්භ යේ දී ම සඳහන් කරන ආකාරයට එළඹ සිටි සිහිය
පවත්වාගත යුතු වන්නේ ය. මෙලොවත් අසරණ කරන, පරලොව දුගතියට ඇද දමන දැඩි ආශාව සහ තරහව
මුල්කොටගත් කෙලෙස්වලින් සිත් පිරිසුදු කර ගැනීම පිණිසත් සෝක, හඬාවැලපීම්, සමනය කර
ගැනීමටත් දුක්දොම්නස් බැහැර කර ගැනීමටත් ජීවිතය සම්මුති පැවැත්ම, සසර අවබෝධ කරන
අනිච්ච ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ අනන්ත ලක්ෂණ පිරිසිඳ දැනීම පිණිසත්, සියලු තෘෂ්ණාව
මුළුමනින් ම බැහැර කිරීම නම් වූ නිවන පිණිස හේතුවන බවයි පිහිට වන බවයි.
තමා තමාටත් හැබෑ අයිතියක් නොමැති මේ ජීවිතයෙහි තවත් අයෙක් කෙරේ අයිතියක් පවත්වන්නේ
කෙසේද? එනම් නුඹලා මගේ “වස්තුව“ යැයි පවසන දරුවන් කෙරේවත් හැබෑ අයිතියක් නැත. ආදරය
, රැකවරණය. ආහාරපාන, නිවාස, ඇඳුම් පැළඳුම් බේත්හේත් ආදි ලෙසින් ඔවුනොවුන්ට උපකාර
වුවත් ජරා, ව්‍යාධි, මරණ ඉදිරියේ උපන් සියලු සත්වයෝ ම අසරණ ය. මේ බව ධර්මයෙන් අවබෝධ
කර ගන්නට උත්සාහ නොගන්නා වූ හෝ තේරුම් නොගන්නාවූ පුද්ගලයෙක් ජීවත් වෙන්නට යැයි
කියමින් මෙලොව දී ම දුක් දෙන පරලොව අකුසල කරමින් හැසිරෙති. හැකිතාක් දුරට නිති
පන්සිල් රකිමින් කුසල් මඟ ගමන් කරන්නාට ධර්මයේ පිහිට ඇත. පස්පවින් සොයා ගත් දෑ
ගින්දරක් සේ තමා වෙතට විපාක ලෙස එනවාට වඩා දැහැමින් සොයා ගත් දේ ස්වල්පයක් වුව ද
දිව්‍ය ආහාරයකි. සැනසිල්ලකි. සත්පුරුෂයෝ සමීප වෙති. උපකාර කරති. සම්‍යක් දෘෂ්ඨික
දෙවියන්ගේ ද පිහිට ලැබේවි. පරලාව සුගතිය උරුම වෙයි. |