ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝදා 2022 ජුනි 14 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මිහින්තලා මහා සෑ රදුන් වහන්සේ
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කළ මිහින්තලා පුදබිමේ සෑම කඳු මුදුනක ම පාහේ දාගැබ් වහන්සේ ඉදි කිරීම නිසා චේතියගිරිය යන නම් ලැබීය. මිහින්තලා පුදබිමෙහි විසිරී ඇති නටබුන් අතර දාගැබ් 360 ක පමණ නටබුන් හමු වෙයි. මිහින්තලා පුදබිමෙහි පිහිටි දාගැබ් අතුරින් සැදැහැවතුන් අතර වඩාත් සම්භාවනාවට පත් වන දාගැබ නම් සේල චෛත්‍යය යි. අනාගත කාලයේ සේල චෛත්‍ය පිහිටන බිම බුදුරජාණන් වහන්සේ තුන්වැනි ලංකාගමනයේ දී මද වේලාවක් සමවත් සුවයෙන් වැඩ සිටි බව මහාවංසය, පූජාවලිය, සද්ධර්මාලංකාරය වැනි කෘතීන්වල සඳහන් වෙයි. එමතු නොව මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ, කෝනාගමන, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුරජාණන් වහන්සේ ම මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිටි බැව් සැලකේ. එසේම මිහිඳු මහ රහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජතුමා සම්මුඛ වී සුප්‍රකට අඹ ප්‍රශ්නය හා ඤාති ප්‍රශ්නය විමසා ඉනික්බිති අනුබුදු මිහිඳු හිමියන් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කරන ලද ස්ථානය ද මෙම ස්ථානය වශයෙන් හඳුනා ගනී. කූටකණ්ණතිස්ස රජතුමා සෑගිරියෙහි තමා විසින් ම කරවන ලද මහා උපෝසථාගාරයක් ඉදිරිපිට බෝධීන් වහන්සේ නමක් රෝපණය කරවා අසලින් ශෛලමය දාගැබක් කර වූ පුවත මහාවංසයේ දැක්වෙයි. ශෛලමය ස්තූපය සිලාචේතිය හෙවත් සේල චෛත්‍යය වී යැයි නිගමනය කළ හැකි ය. සේල චේතිය වටා වටදාගෙයක නටබුන් හමුවෙයි. එසේම සෑ මලුවෙහි චන්ද්‍රකාන්ති පාෂාණ කොටසක් ශේෂ වී පවතී.
ජුනි 13 සඳුදා අපරභාග 09.02 පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අපරභාග 05.22 ගෙවේ. 14 අඟහරුවාදා සිල්.
පසළොස්වක
ජුනි 14
අව අටවක
ජුනි 21
අමාවක
ජුනි 28
පුර අටවක
ජුලි 07
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]