[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුහුදු මහා විහාරය (ඡායාරූප - ගයාන් පුෂ්පික)

පොසොන් පුර අටවක

ජුනි 07 අඟහරුවාදා පූර්වභාග 07.55 පුර අටවක ලබා 08 බදාදා පූර්වභාග 08.30 ගෙවේ.
07 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 07

Full Moonපසළොස්වක

ජුනි 14

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

මැයි 28

කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ...

පින්වත් බමුණ, මා ද පෙර ආත්ම භවයක ඔබ මෙන් බ්‍රහ්මයකු වී සිට, මතක දානයක් දෙන්නෙමි, සිතා එළුවකු මරා දුන්නෙමි. මා ඒ එළුවා මරණ ලද අකුසල කර්මය හේතු කොටගෙන ආත්ම හාරසිය අනූනවයක් ඉස්කැපීමේ දුකට පත් වුණෙමි. මෝහයෙන් මුලා වී අවිද්‍යාවෙන් අන්ධව ප්‍රාණඝාතය ආදී නිරයගාමී පව් රැස් කරන අය අද අනන්තවත් මේ ලෝකය තුළ සිටී. එය අද කාලයට විතරක් විශේෂ වූ දෙයක් නොවෙයි. අප මහා බෝසතාණන් වහන්සේ පෙරුම් දම් පුරණ කාලයේත්, ඊට පෙරත් මේ දේවල් මේ අයුරින්ම සිදුවුණා. තමා විසින් අනවබෝධය නිසා සිදුකළ අයහපත් දේ හේතුවෙන් උපදින භවයෙන් භවය බොහෝ දුක් විපාක විඳීමට සිදුවුණ කතා පුවත් පිළිබඳව ජාතක පොත් වහන්සේ තුළින් හමුවේ. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජු රාජ්‍ය කරන කාලයේ වේදය හොඳීන් ඉගෙනගෙන සම්පූර්ණ වූ නිසා දිසාපාමොක් නම් වූ එක් ආචාර්ය බ්‍රාහ්මණයෙක් මතක දානයක් දිය යුතු ය යැයි සිතුවේය. එක්තරා ,එළුවකු අල්ලා ගෙන අවුත් තමන්ගේ අතවැසියන් කැඳවා මෙසේ කීය. "සගයෙනි මේ එළුවා ගඟට ගෙන්ගොස් නහවා, කරෙහි මල් වඩම් බැඳ අතේ ඇඟිලි පහ කෙළවර සුවඳ ආලේප තවරා, ඉන් එළුවාගේ සිරුරෙහි සලකුණු තැබීම හෙවත් පසඟුල් දීම සිදු කොට සරසා ගෙන එව'යි විධාන කළේ ය. ඒ මනුෂ්‍යයෝ ද එළුවා ගෙනගොස් තබා බමුණා කී ආකාරයටම සරසා ගංතෙර බැඳ තැබීය. ඒ එළුවා ද තමන් විසින් පෙර කරන ලද අකුසල කර්මය පෙර ආත්ම සිහි කර බැලීමට සමත් නුවණින් දැක මේ දුකින් අද මට මිදිය හැකි වන්නේ යැයි දැනගෙන සතුටුව කළයක් බිඳෙන පරිද්දෙන් මහ හඩින් සිනාසී ය. එහෙත් නැවතත් මේ බමුණා මා මරා මා විසින් මෙතෙක් කල් විඳී දුක් විඳීන්නේ යැයි සිතා බමුණා කෙරෙහි කරුණාවෙන් මහත් මහත් හඬින් හැඬුවේ ය. මේ දුටු පුරුෂයෝ එළුවා අමතා මිත්‍ර එළුවාණෙනි, ඔබ වරක් මහත් හඩින් සිනාසී නැවත හඬන්නට පටන් ගත්තේ කවර කාරණයක් නිසා ද? ඇසීය.

උසස් පහත් බව තීරණය වන්නේ තමන්ගේ හැසිරීමට අනුවයි

බ්‍රාහ්මණයින් හඳුන්වා දෙන වර්ණ ධර්ම බුදුරජාණන් වහන්සේ පහළවීමත් සමඟ දෙදරා යෑමට පටන් ගත්තේ ය. එම මිථ්‍යා දෘෂ්ඨික නිර්මාණවාදය බුදුරජාණන් වහන්සේගේ දෝෂ දර්ශනයට ලක් වූ ආකාරයත්, එය ප්‍රතික්ෂේප වූ ආකාරයත් ත්‍රිපිටක සාහිත්‍යයෙන් මැනවින් ප්‍රකට වේ. ඒ අතර අග්ගඤ්ඤ, චක්කවත්තී සීහනාද, අස්සලායන, අම්බට්ඨ,මධුර, වසල, වාසෙට්ඨ ආදී සූත්‍ර ඉතා වැදගත් වේ. බුදුරදුන්ගේ දේශනය වූයේ, “අත්තාහි අත්තනෝ නාථො” යනුවෙන් තමාට පිහිට තමාම යන බව ය. පුද්ගලයා හා සමාජ සංස්ථාව කිසිවකුගේ මැවීමක් නොව කාලීනව හේතුඵලවාදීව ඇති වූවක් බව දී.නි. අග්ගඤ්ඤ සූත්‍රය තුළින් පැහැදිලි වේ. එහි සාරාංශය වශයෙන් දැක්වෙනුයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුත වූ සත්වයෝ විශ්වයෙහි ප්‍රථම වරට පහළ වී රස පොළොව, බදාලතා, භූමි පප්පටක හා ස්වයංජාත සහල් ආදිය අනුපිළිවෙලින් ආහාර වශයෙන් ගනිමින් ජීවත් වූ ආකාරයකි. එම සූත්‍රයේ ඓතිහාසික කතා පුවතට අනුව සත්වයාගේ සම්භවය සිදුවූ ආකාරයත් ක්‍රමයෙන් එය විකාශය වූ ආකාරයත්, දීර්ඝ ලෙස එම සූත්‍රය තුළින් පැහැදිලි කොට ඇත. එම පුරා වෘත්තය තුළින් බුදුරජාණන් වහන්සේ බමුණන් විවේචනයට ලක් කොට ඇත. බැමිණියක කුසින් උපන් පමණට ම බමුණකු නොවන බව මම කියමි යනුවෙන් සඳහන් කළ අතර, “යේ බ්‍රාහ්මණෙ බාහිත පාපධම්මා” යනුවෙන් යමෙක් පව් දුරු කළේ ද හෙතෙම බ්‍රාහ්මණයෙක් බව අවධාරනය කළහ. එබැවින් බමුණන් මෙම මුසාවාදය ඔවුන් ඔවුනට කර ගන්නා පවක් හැටියට පෙන්වා දී ඇත. උතුනී (මාසිකව ඍතු වෙන),ගබ්බනී (ගැබ් ගන්නා බව),විජයමාන (ප්‍රසූත කරන), පායමාන (කිරිපොවන) ආදී ක්‍රියාකාරකම්වලින් යුතු බැමිණියන් සිටියදී මහා බ්‍රහ්මයාගේ මුවින් බමුණන් උපන්නා බව කියන දෙය සත්‍යයක් ද යන්න දී.නි. අග්ගඤ්ඤ සූත්‍රය තුළින් බුදුහිමි ප්‍රශ්න කොට ඇත.

කෙස් කළඹ දන් දී විපාක ලැබූ හැට

බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරයේ වැඩ සිටි සමයේ කච්චායන මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේ සත් නමක් සමඟ උජ්ජේනි නුවර බලා පිටත් වුණා. දින ගණනක් ගව් සිය ගණනක් මඟ ගෙවමින් වැඩම කළා. පිණ්ඩපාතය ලබා ගැනීමට පිඬු සිඟා වැඩියා. දවසක් කච්චායන මහරහතන් වහන්සේ ඇතුළු සියලු දෙනා වහන්සේට ම පිණ්ඩපාතය ලැබුණේ නෑ. වැඩම කර තිබුණේ තේලප්පනාළි නම් ගමකට. එය ඉතාම දුෂ්කර ගමක්. ගම් වැසියෝ හැමෝම දුප්පත්. එසේ වුවත් පොහොසත් පවුල් දෙකක් ජීවත් වුණා. දෙපිරිසට ම හිටියා රූමත් දියණිවරු දෙදෙනෙක්. එක් සිටුපවුලක් නිතර දන් දුන්නා. ගුණ දම් පිරුවා. දරුවාටත් ඒවා හුරු කළා. අනෙක් පවුලේ සිටු දියණිය තරුණ වයසට පත් වෙද්දීම දෙමාපියන් හදිස්සියේ මිය ගියා. අනෙක් සිටු පවුල ඉතාම පොහොසත්. හොඳින් ජීවත් වුණා. එහෙත් කිසිම අවස්ථාවක, කවර හේතුවක් නිසාවත් අසරණයින්ට උදව් කළේ නෑ. දන් දුන්නේ නෑ. අනෙක් සිටු දියණිය දෙමාපියන්ගේ මරණයෙන් පස්සේ ජීවත් වුණේ කිරිඅම්මා කෙනෙක් ළඟ. කිරි අම්මාත්, ඇයත් හැකි අයුරින් ජීවත් වෙන්න පටන් ගත්තා. මුදල් අවසන් වන විට ක්‍රමයෙන් කෙත්වතු, ඉඩකඩම් ආදියත්, ගෘහභාණ්ඩ ආදියත් විකුණමින් ජීවත් වෙන්න පටන් ගත්තා. නොබෝ කලකින් වස්තුව සම්පූර්ණයෙන් ම නැති වුණා. ජීවත් වෙන්න ක්‍රමයක් සොයා ගැනීමටවත් නොහැකි වුණා. සිටුදියණිය දවසක් ජනේලයෙන් මාර්ගය දෙස බලමින් .."අද දවස ජීවත්වීමට මුදල් හොයා ගන්න ඕන. ගෙදර වටිනා සම්පත් විකුණා මෙතෙක් කල් ජීවත් වුණා. කුමක් හෝ රැකියාවක් කරන්න ඕන. පවතින දුර්භික්ෂ සමය ඒකට බාධාවක්," යනුවෙන් කල්පනා කරන්න පටන් ගත්තා.ඒ අතර එක්වරම ඇය දුටුවා භික්ෂූන් වහන්සේ සත් නමක් මාර්ගයේ වඩිනවා. ඉහළ මාලයේ සිටි ඇයට තෙරුන් වහන්සේගේ පාත්‍ර හිස් බවත්, පිණ්ඩපාතය ලැබී නැති බවත් දැක ගන්න ලැබුණා. තෙරුන් වහන්සේ කුසගින්නෙන් පීඩාවිඳිමින් සිටින බව ගමන් විලාසයෙන් ම හඳුනා ගත්තා.

 

පොසොන් පුර අටවක පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]