ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ බක් අව අටවක 2022 අපේ‍්‍රල් 23 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ගොඩගම්පල - පරකඩුව ඉද්දමල්ලෙන ශ්‍රී වළගම්බා රාජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය ගයාන් පුෂ්පික
අප්‍රේල් 23 සෙනසුරාදා පූ.භා. 06.29 අව අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.32 ගෙවේ 23 සෙනසුරාදා සිල්.
අව අටවක
අපේ‍්‍රල් 23
අමාවක
අපේ‍්‍රල් 30
පුර අටවක
මැයි 08
පසළොස්වක
මැයි 15
අලුත උපන් දරුවකු දෙස මොහොතක් බලා සිටින්න. තව දශක කිහිපයකින් ඉතාම නින්දනීය ලෙස ජීවත් වන්නට සිදුවන මිනිසකුගේ සිට ඉතාම වන්දනීය ලෙස ජීවත්වන මිනිසකු දක්වා පරාසයක පුද්ගලයෙක් එම දරුවා තුළ සිටී. අද සමාජයේ නින්දාවට පත්වෙමින් සිර මැදිරිවලට කොටුකර සිටින්නේත්, නීතියේ රැහැනින් පලායමින් සැඟවෙමින් සිටින්නේත්, අනුනට යහපත් සේවා සහ නිපැයුම් ලබා දෙමින් සමාජයේ උන්නතිය පිණිස කටයුතු කරන්නේත්, සමාජයෙන් වැඳුම් පිදුම් ලබන්නේත් මීට දශක කීපයකට උඩ දී උපන් සිඟිති දරුවෙකි. දරුවකුගේ පුද්ගල සංවර්ධනය පිණිස සමාජයෙන් කුමන අන්දමේ තල්ලුවක් ලැබුණ ද, තම චරිතය ගොඩනැඟීම සඳහා මූලික සහ විශාලතම දායකත්වය ලැබෙනුයේ තමා ගේ සිත තුළින් ම ය. පුද්ගලයකුගේ බාහිරින් පෙනෙන ශරීර ස්වරූපයත්, වචන සහ හැසිරීමත් මත ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාව රඳා පවතී. මුලින් කී ශරීර ස්වභාවයට අනුව සුදනන් හෝ දුදනන් හඳුනා ගත නොහැකි ය. ඒ අනුව, පුද්ගල අනන්‍යතාව කෙරේ දිගු කාලීන වශයෙන් බලපානුයේ වචන සහ හැසිරීම ය. මේ කරුණු දෙකට මූලික වන්නේ සිත ය. සිතට නැඟෙන සිතිවිලි නිසා සිතේ ගුණය වෙනස් වේ. එවිට එයින් නිපන් වචන සහ ක්‍රියා ද වෙනස් වේ.
ධර්ම දේශනාව:
යො වෙ උප්පතිතං කෝධං - රථං භන්තං ව ධාරයෙ, - තමහං සාරථිං බ්‍රෑමි - රස්මිග්ගාහො ඉතරො ජනො කෙනෙක් සැණින් උපන්නා වූ කෝපය, ඉතා වේගයෙන් නොනිසි සේ දුවන රියක ගමන් වේගය වළකන්නට සමත් රියදුරකු මෙන් මැඩ පවත්වා ගනී ද ඔහුට මම උතුම් රියදුරා යැයි කියමි. අන් ජනයා රැහැන් අල්ලා ගන්නෝ නම් වෙත්. ඔවුහු නියම රියදුරෝ නොවෙත්. ධම්මපදය කෝධ වග්ගය. අලවි නුවර අග්ගාලව නම් වූ වෙහෙරක තනියම වෙසෙන තෙර නමක් උන් වහන්සේ ම තම සෙනසුන තනාගනු සඳහා මනාව වැඩුණු ගසක් දැක එයින් ලී දඬු සපයා ගැනීමේ අරමුණින් එය කපන්නට විය. ඒ වෘක්ෂය විමානය කර ගත් දෙව්දුව ඉන් මහත් සංවේගයට පත්ව උන්වහන්සේගෙන් ගස නොකපන ලෙස ඇයැද සිටියා ය. දෙතුන් වරක් ආයාචනා කළත් තෙරණුවෝ ගස කැපීම නොනවත්වාම කරගෙන ගියහ. දෙව්දුව කියන්නී හිමියනි, මේ ගස කපා දැමුවොත් මට සේ ම මඟේ මේ බිළිඳාටත් යන්නට අන් තැනක් නොමැති බැවින් ගස නොකපන ලෙස සිය බිළිඳා ද පෙන්වමින් බැගෑපත් වුව ද තෙරණුවෝ නොනවත්වාම ගස කපන්නට විය. අවසානයේ දී ගස කපන තැන අත්තෙහි දරුවා නිදි කළ ද හිමියන් ගස කැපීම නැවැත්වූයේ නැත. ඔසවා ගැසූ පොරෝ පහරක වේගය නවතා ගත නොහී දරුවාගේ අතක් තුවාල විය. එයින් මහත් දුකටත්' කෝපයටත් පත් දෙව්දුව ඒ හිමිනමට ගසන්නට ඔසවා ගත් අතැතිව ම මෙසේ සිතන්නට විය. මුන් වහන්සේ සිල්වත් ය. දඬුවම් කොට පව් පුරවා ගැනීම දුකට හේතු වන්නේ ය. එසේ සිතා බලවත් කෝපය මැඩගෙන බුදුරදුන් වෙත ගොස් හඬමින් එකත්පස්ව වැඳ හොත්තී ය. දෙව් දුවණියනි, නුඹ හඬන්නේ මන්දැයි විමසද්දී සියලු පුවත් සැළකොට මා තුළ හටගත් දරුණු කෝපය මැඩගෙන ඔබ වහන්සේ හමුවට ආවෙමි'යි කියා සිටියා ය.
මේ ලෝකය නිතර ම කැළඹෙමින් තිබෙනවා කියලයි අපට බැලූ බැල්මට ම සිතෙන්නේ. ඒ නිසාම බොහෝ පිරිසක් මේ කැළඹෙන ලෝකය නිවැරැදි කරන්න කියලා සිතාගෙන ලෝකය හා ගැටෙන්නට යනවා. “කැළඹෙන්නේ ලෝකය නොවෙයි තමන්ගේ ම සිත” කියලා බොහෝ අය දන්නේ නෑ. සිත රැකගැනීම පැත්තකින් තියලා ලෝකය හදන්න යන්නේ. කෙනෙක් බාහිර ලෝකය කැළඹෙනකොට තමන්ගේ සිත කැළඹෙන්නට නොදී සිත ආරක්ෂා කර ගන්නවා නම් බුදුදහම එයයි අනුමත කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන වැඩපිළිවෙළ නිතරම යොමු වී තිබෙන්නේ තමන්ගේ අභ්‍යන්තරය සාදා ගැනීමට මිසක් ලෝකය සාදා ගැනීමට නෙමෙයි. දැන් මෙහෙම හිතන්න. තරුණ ගැහැනු ළමයෙක් වැඩිපුර කෙටි ඇඳුමක් ඇඳගෙන පාරේ යනවා. මේක දකිනවා හිත සංවර කරගෙන නැති තරුණ පිරිමි ළමයෙක්. දැන් මොකද වෙන්නේ. ඔහුගේ සිත රාගයෙන් යට වෙනවා. ඊට පස්සේ කරන කියන දේ ඔහු වත් දන්නේ නෑ. ඒවාගේම එය දකිනවා සිත සංවර නොකරපු වැඩිහිටි ආච්චි අම්මා කෙනෙක්. දැන් මොකද වෙන්නේ. ද්වේශය ඇතිවෙනවා. හිත ඇතුළෙන් පුපුර පුපුර “දැන් කාලේ හැදෙන අයගේ හැටි. ඒකට අපේ කාලේ නම් බලන්න එපැයි සංවරකම.......” කියලා බනින්න පටන් ගන්නවා. බැන්නේ නැතත් හිත ඇතුළෙන් පුපුර පුපුර තමයි ඉන්නේ. ගෙදර ගිහිල්ලත් කියනවා ඔය විස්තරේ. දැක්කද තමන්ගේ ප්‍රශ්නය තියාගෙන බාහිර අරමුණු සමඟ ගැටෙන හැටි. තමන්ගේ සිත සංවර කර ගෙන හිටියා නම් මේ කිසිදෙයක් නෑ. එතකොට තේරෙනවා දැක්කොත් දැක්කා විතරයි කියලා. සම්බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා සොරෙක් තවත් සොරකුට කරන හානියට වඩා, වෛරී පුද්ගලයෙක් තවත් වෛරී පුද්ගලයකුට කරන හානියට වඩා, සංවර කර ගත්තේ නැති සිත විසින් කරන හානිය මහා භයානකයි කියලා.
ජාති, කුල භේද, ආගම, දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, අල්පේශාක්‍ය, මහේශාක්‍ය ආදී කිසිම භේදයක් නොබලා පුද්ගලයකුට කිසිදු අසාධාරණයක් නොකරන දෙයක් තිබෙනවා. ඒ තමා කර්ම විපාක ය. කිසිදු තරාතිරමක් නොසොයා, නොබලා සියලු සත්වයන්ට සර්ව සාධාරණය ඉටු කරන්නේ කර්මය විසින්. ඒ කර්මය අයථා ක්‍රම මඟින් හෝ, පින්සෙන්ඩු වී හෝ මිත්‍රකම මත හෝ වෙනස් කළ නොහැකි දෙයක්. “කම්ම විපාකෝ අචින්තියෝ” කර්මය විපාක දෙන ආකාරය කිසිවකුට සිතිය නොහැකි බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. උන්වහන්සේ වදාළේ කන්දක ගුහාවක සිටියත්, මුහුද මැද සිටියත්, අහසේ සිටියත්, කොතැන කෙසේ සැඟවුණත් කර්මයෙන් ගැලවෙන්න බැහැ කියලයි. එනිසාම යි භාග්‍යවතුන් වහන්සේ වදාළේ “ඉදින් ඔබ දුකට බිය නම්, දුකට අකැමැති නම්, එළිපිට හෝ රහසේ හෝ පව් නම් කරන්න එපා” යනුවෙනුයි. අප රහසේ ම පව් කරලා ලෝකයට රහසක් ලෙස වසාගෙන සිටියත් ඒ සියල්ල කර්මයට විවෘත යි. කර්මයට රහස් නැහැ. කර්මයට රහසේ කිසිදු දෙයක් හිතන්න, කියන්න, කරන්න බැහැ. එනිසා අපගේ ශාස්තෘ ධර්මයට ම යි කැමැති වෙන්න ඕනෑ. පාප කර්මයට අකැමැති වෙන්න ඕනෑ.
සිරි සදහම් පැන විසඳුම්
පැන විසඳුම්
ඉතිරිය»
සුව කළ නොහැකි වණ දද කුෂ්ඨ රෝග අනුන්ට ඊර්ෂ්‍යා කිරීමේ විපාක ද?
සිත වසා ගත් අඳුරු සිතිවිලි
දෙව් පදවි ලබන්නට මේ විදියට පින් දහම් කරන්න
කාරිය කෙරෙන තුරු ම ය රැවටීම
කුලභේදයක් නැති ලොව එකම රට: බුරුමයේ බොදු අසිරිය
දුටුගැමුණු මහ රජතුමා - 63 කොටස: යුද්ධයක් ජය ගන්නට හොඳ සැලසුමක් ඕනෑ
පූජාච පූජනීයානං
සදහම් අරණ
පහන් සිතක කවි
රහතන් වහන්සේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ඓතිහාසික පොතුබන්ධන රාජමහා විහාරය
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]