ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ බක් අව අටවක 2022 අපේ‍්‍රල් 23 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් ඇති වූ ශාසනාලෝකය ඌව වෙල්ලස්ස මෙන්ම නැඟෙනහිර පළාත වෙත දල්වාලු කේන්ද්‍රස්ථානය වන පොතුබන්ධන රාජ මහා විහාරය මොණරාගල දිස්ත්‍රික් සීමාවේ මැදගම්පත්තු කෝරළයේ මෙගොඩපත්තුවට අයත්ව, බිබිල මැදගම මහා මාර්ගයේ පොතුබන්ධන ග්‍රාමයේ පිහිටා තිබේ. සමෘද්ධියෙන් අගතැන්පත් ඉපැරැණි රෝහණ රාජ්‍යයට අයත් සශ්‍රීක බිම් පෙදෙසක් වූ පොතුබන්ධන ග්‍රාමවරය මහින්දාගමනය සිදු වූ මුල් වකවානුවේ දී ම, දේවානම්පියතිස්ස රජතුමා විසින් රහතන් වහන්සේ හැට නමක් වැඩම කොට මෙහි බෝධින් වහන්සේ රෝපණය කරවා සර්වඥ ධාතු නිධන් කොට තිස් එක් රියන් උසැති ස්තූපය ගොඩ නැංවූ බව සඳහන් වෙයි. කාවන්තිස්ස රජතුමා රහතන් වහන්සේ පන්සිය නමකට වැඩ සිටීමට හැකි අන්දමින් විහාරස්ථානය වැඩිදියුණු කරවා ඇත. පසුකාලීනව රහතන් වහන්සේ මෙහි වැඩ හිඳ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ හෙයින් පොත් බැඳ යන අරුත් දෙමින් පොතුබන්ධන නම් ලැබී යැයි ජනප්‍රවාදයේ කියැවේ. එසේම පදම් කළ මැටියෙන් සකස් කළ පුවරුවල ත්‍රිපිටකය ලියවා ගල් ඔරුවක බහා පොතුබන්ධන දාගැබෙහි තැන්පත් කර වූ බව ද ජනප්‍රවාදයේ සඳහන් පුවතකි. දුටුගැමුණු රජතුමා ත්‍රිසිංහලය එක්සේසත් කිරීමේ දී මෙම ප්‍රදේශය පාලනය කරමින් වෙල් ලක්ෂයක් අස්වද්දා වෙල්ලස්ස නමින් හැඳීන්විය හැකි අන්දමට සමෘද්ධිමත් කළ වකවානුවේ පොතුබන්ධන විහාරය ද සුවිශේෂී දියුණුවක් ලබා තිබුණි. සද්ධාතිස්ස රජතුමා විසින් ගොඩ නංවන ලද දීඝවාපී මහා විහාරය පුද දෙන ලද්දේ පොතුබන්ධන විහාරවාසී මහා සංඝ රත්නය වෙත ය යනු පිළිගැනීමයි.
අප්‍රේල් 23 සෙනසුරාදා පූ.භා. 06.29 අව අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.32 ගෙවේ 23 සෙනසුරාදා සිල්.
අව අටවක
අපේ‍්‍රල් 23
අමාවක
අපේ‍්‍රල් 30
පුර අටවක
මැයි 08
පසළොස්වක
මැයි 15
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]