[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

නායක සමිඳුනි

මාහරගම අලංකාර කෙරු සමිඳු
පංච මහා විහාර බැබළූ සමිඳු
නැණ ගුණ බෙලෙන් සපිරුණු සමිඳු
මාහරගම නායක හිමි නමිඳු

ආදර කරුණාව හිත තුළ පිරී ඇතී
සැම දෙනගේ ගෞරව සිත් දිනා ඇතී
මාහරගම පියරතන හිමි නමින් වෙතී
හැත්තෑ අට වන ජන්ම දිනය සමරනවා ඇතී

සෙනෙහස කරුණාව ආදී උතුම් ගුණ
දහම් සිතිවිලි හද තුළ දරා ගෙන
දිවියේ තවත් අවුරුද්දක් පසු කරන
සමරති හැත්තෑ අට වැනි ජන්ම දින

නිදුක් නිරෝගි සුව දිවියක් ඇති වේවා
නායක සමිඳුනේ ඔබේ ආයුෂ දිගු වේවා
අපගේ ආයුෂත් ගෙන නාහිමි වැජඹේවා
අප සැමගේ සුබාසිරි මේ ලෙස එක්වේවා


යහපත් මිතුරන් සැපයකි

සමාජයේ දී අපට තනිව ජීවත් විය නොහැකි ය. කවුරු හෝ ඇසුරු කර ගන්නට සිදුවෙයි. ඒ ඇසුරු කරන්නට ලැබෙන අය මිතුරෝ වෙති. ඒ මිතුරන් හොඳ අය ද නරක අය ද විය හැක. කෙනකුගේ ජීවිතය යහපත් කිරීමට හෝ අයහපත් කිරීමට මිතුරු ඇසුර බලපා යි.

" මිතුරුතුමෝ දුක සැප දෙකෙහි ම පැවතී

බිතු සිතුවම් රූමෙන් පිටුනොපාවිතී"යි

සැළලිහිණි සංදේශයේ එන කවි පද දෙකින් යහපත් මිතුරන් ගැන කියැවේ. යහපත් මිතුරා සැපේ දී මෙන් ම දුකේදීත් අත්හැර නොය යි. තමන්ගේ ඇසුරේ සිටින මිතුරන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුනට උපකාර කරන, ඇසුරු කරන්නන්ට උදව්වක් අවශ්‍ය විටදී මඟහැර නොගොස් පිහිට වන, ඇසුරු කරන්නාගේ යහපත පිණිස ම උපදෙස් දෙන අය යහපත් මිතුරෝ වෙති. එවැනි මිතුරන් ඇසුරු කළ යුතු යැයි බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී දක්වා ඇත. සැරියුත් මුගලන් අගසව් දෙනම යහපත් මිතුරන් පිළිබඳ උසස් ආදර්ශයෝ වෙති. උන්වහන්සේලා කුඩා කාලයේ සිට ම එකට හැදී වැඩී, එකට ම සත්‍යය සොයාගත් එකිනෙකාට උපකාර වෙමින් සත්‍යය අවබෝධ කළහ. අපිත් යහපත් මිතුරන් ඇසුරු කරමු.


මගේ මව්බිම

“වටේ මහ මුහුද යි - සීතල සුළං විහිදයි
දකින අය පුබුදයි - දිව්‍ය ලෝකය මීට පරදියි”

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විසින් මගේ මව්බිමේ සුන්දරත්වය එසේ පෙන්වා දී ඇත. සැබැවින් ම මගේ රට දිව්‍ය ලෝකයක් බඳු ය. මගේ රට ආගන්තුක සත්කාරය අතින් ඉහළින් ම සිටින රටක් ලෙස රොබට් නොක්ස් ‘එදා හෙළදිව‘ නම් කෘතියේ සඳහන් කර ඇත. මගේ රටේ මිනිසුන් තුළ යහපත් ආකල්ප වේ. මගේ රට ගංගා, ඇළ දොළ, වැව් අමුණු ආදියෙන් පිරි සරුසාර රටක් බවට පත් කිරීමට අතීත රජවරු ක්‍රියාකොට ඇත. මගේ රට සරුසාර වී, ධාර්මික මිනිසුන් තව තවත් බිහි වී, සමාජය තුළ පංචශීල ප්‍රතිපදාවත් දස රාජ ධර්මයත් ආරක්ෂා වේවායි මම මගේ රට වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.


ලක්මව රැක ගමු

නිල් සයුරින් වට ව ඇතේ
මුතු ඇටයක හැඩය ඇතේ
රත්නදීප යැයි කියතේ
රැක ගැනීම අපේ අතේ

රට වෙනුවෙන් සිතා මතා
කැප්පෙටිපොල වීර පුතා
තම දිවි පරදුවට සිතා
කළ මෙහෙවර අගෙයි ඉතා

කම්මැළිකම ඉවත හෙළා
සුරු විරුකම් හිතට ගලා
ඉගෙනීමෙන් ජය පාලා
ජය ගමු ලොව එකතු වෙලා


අම්මා

මගෙ අම්මා සුදු අම්මා
මා බිහිකළ මගෙ අම්මා
ලේ කිරි කර පෙව් අම්මා
කෑම උයා දුන් අම්මා

අකුරු ඉලක්කම් කියලා දුන්නා
යා යුතු මඟ මට පෙන්නා දුන්නා
ආගම දහමට ගරු සරු කරලා
වැඩෙන්න කිව්වා ලක් මව දිනලා


පෝදා පන්සල

සිරිත් විරිත්

සීගිරිය

සෙනුරි ධනංජන

06 ශ්‍රේණිය,
ශ්‍රී විජය දහම් පාසල
කටාන

සසඳි නිමත්කා

08 ශ්‍රේණිය

සුවිශුද්ධාරාම විහාරය
වැල්ලවත්ත

මෝරුගස්යායේ සුමනරතන හිමි

01 ශ්‍රේණිය,

විද්‍යාවාස මහ පිරිවෙන
මිනිඔලුව

 

මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]