
නායක සමිඳුනි
මාහරගම අලංකාර කෙරු සමිඳු
පංච මහා විහාර බැබළූ සමිඳු
නැණ ගුණ බෙලෙන් සපිරුණු සමිඳු
මාහරගම නායක හිමි නමිඳු
ආදර කරුණාව හිත තුළ පිරී ඇතී
සැම දෙනගේ ගෞරව සිත් දිනා ඇතී
මාහරගම පියරතන හිමි නමින් වෙතී
හැත්තෑ අට වන ජන්ම දිනය සමරනවා ඇතී
සෙනෙහස කරුණාව ආදී උතුම් ගුණ
දහම් සිතිවිලි හද තුළ දරා ගෙන
දිවියේ තවත් අවුරුද්දක් පසු කරන
සමරති හැත්තෑ අට වැනි ජන්ම දින
නිදුක් නිරෝගි සුව දිවියක් ඇති වේවා
නායක සමිඳුනේ ඔබේ ආයුෂ දිගු වේවා
අපගේ ආයුෂත් ගෙන නාහිමි වැජඹේවා
අප සැමගේ සුබාසිරි මේ ලෙස එක්වේවා
දෙහෙරගොඩ සුමංගල හිමි
ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන
මාහරගම - ගිරිඋල්ල
යහපත් මිතුරන් සැපයකි
සමාජයේ දී අපට තනිව ජීවත් විය නොහැකි ය. කවුරු හෝ ඇසුරු කර ගන්නට සිදුවෙයි. ඒ ඇසුරු
කරන්නට ලැබෙන අය මිතුරෝ වෙති. ඒ මිතුරන් හොඳ අය ද නරක අය ද විය හැක. කෙනකුගේ ජීවිතය
යහපත් කිරීමට හෝ අයහපත් කිරීමට මිතුරු ඇසුර බලපා යි.
" මිතුරුතුමෝ දුක සැප දෙකෙහි ම පැවතී
බිතු සිතුවම් රූමෙන් පිටුනොපාවිතී"යි
සැළලිහිණි සංදේශයේ එන කවි පද දෙකින් යහපත් මිතුරන් ගැන කියැවේ. යහපත් මිතුරා සැපේ
දී මෙන් ම දුකේදීත් අත්හැර නොය යි. තමන්ගේ ඇසුරේ සිටින මිතුරන් කෙරෙහි අනුකම්පාවෙන්
ඔවුනට උපකාර කරන, ඇසුරු කරන්නන්ට උදව්වක් අවශ්‍ය විටදී මඟහැර නොගොස් පිහිට වන,
ඇසුරු කරන්නාගේ යහපත පිණිස ම උපදෙස් දෙන අය යහපත් මිතුරෝ වෙති. එවැනි මිතුරන් ඇසුරු
කළ යුතු යැයි බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී දක්වා ඇත. සැරියුත් මුගලන් අගසව්
දෙනම යහපත් මිතුරන් පිළිබඳ උසස් ආදර්ශයෝ වෙති. උන්වහන්සේලා කුඩා කාලයේ සිට ම එකට
හැදී වැඩී, එකට ම සත්‍යය සොයාගත් එකිනෙකාට උපකාර වෙමින් සත්‍යය අවබෝධ කළහ. අපිත්
යහපත් මිතුරන් ඇසුරු කරමු.
බෝගමුවේ නන්දසාර හිමි
2 ශ්‍රේණිය
ශ්‍රී සංඝබෝධි පරමානන්ද විහාරය
පොතුහැර
මගේ මව්බිම

“වටේ මහ මුහුද යි - සීතල සුළං විහිදයි
දකින අය පුබුදයි - දිව්‍ය ලෝකය මීට පරදියි”
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විසින් මගේ මව්බිමේ සුන්දරත්වය එසේ පෙන්වා දී ඇත.
සැබැවින් ම මගේ රට දිව්‍ය ලෝකයක් බඳු ය. මගේ රට ආගන්තුක සත්කාරය අතින් ඉහළින් ම
සිටින රටක් ලෙස රොබට් නොක්ස් ‘එදා හෙළදිව‘ නම් කෘතියේ සඳහන් කර ඇත. මගේ රටේ
මිනිසුන් තුළ යහපත් ආකල්ප වේ. මගේ රට ගංගා, ඇළ දොළ, වැව් අමුණු ආදියෙන් පිරි සරුසාර
රටක් බවට පත් කිරීමට අතීත රජවරු ක්‍රියාකොට ඇත. මගේ රට සරුසාර වී, ධාර්මික මිනිසුන්
තව තවත් බිහි වී, සමාජය තුළ පංචශීල ප්‍රතිපදාවත් දස රාජ ධර්මයත් ආරක්ෂා වේවායි මම
මගේ රට වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.
වගීෂ සඳරැස් ආරියරත්න
9 ශ්‍රේණිය
මධ්‍ය මහා විද්‍යාලය - වාද්දුව
ලක්මව
රැක ගමු
නිල් සයුරින් වට ව ඇතේ
මුතු ඇටයක හැඩය ඇතේ
රත්නදීප යැයි කියතේ
රැක ගැනීම අපේ අතේ
රට වෙනුවෙන් සිතා මතා
කැප්පෙටිපොල වීර පුතා
තම දිවි පරදුවට සිතා
කළ මෙහෙවර අගෙයි ඉතා
කම්මැළිකම ඉවත හෙළා
සුරු විරුකම් හිතට ගලා
ඉගෙනීමෙන් ජය පාලා
ජය ගමු ලොව එකතු වෙලා
මනුල පි‍්‍රයදර්ශන සමරසිරි
6 ශ්‍රේණිය
කණිෂ්ඨ විද්‍යාලය
අකුරම්බොඩ
අම්මා

මගෙ අම්මා සුදු අම්මා
මා බිහිකළ මගෙ අම්මා
ලේ කිරි කර පෙව් අම්මා
කෑම උයා දුන් අම්මා
අකුරු ඉලක්කම් කියලා දුන්නා
යා යුතු මඟ මට පෙන්නා දුන්නා
ආගම දහමට ගරු සරු කරලා
වැඩෙන්න කිව්වා ලක් මව දිනලා
රුවිඳි තත්සරා ජයතිලක
2 වසර
මියුසියස් විදුහල
කොළඹ
පෝදා පන්සල
|
සිරිත් විරිත්
|
සීගිරිය
|
 |
 |
 |
සෙනුරි ධනංජන
06 ශ්‍රේණිය,
ශ්‍රී විජය දහම් පාසල
කටාන |
සසඳි නිමත්කා
08 ශ්‍රේණිය
සුවිශුද්ධාරාම විහාරය
වැල්ලවත්ත |
මෝරුගස්යායේ
සුමනරතන හිමි
01 ශ්‍රේණිය,
විද්‍යාවාස මහ පිරිවෙන
මිනිඔලුව |
සංස්කරණය - නයනා නිල්මිණි |