ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ මැදින් පුර අටවක 2022 මාර්තු 10 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ධර්ම දේශනාව:
මේ මරණානුස්සති කර්මස්ථානයෙහි ආරම්භක ගාථා දෙක යි. පළමු වැන්නෙන් කියැවෙන්නේ “අනුන්ගේ මරණ උපමා කර ගනිමින් දැල් වූ පහනක් මෙන් තමා ගේ ආයුෂ ද කවර මොහොතක හෝ කෙළවර විය හැකි යැ”යි, සිහිපත් කරමින් මරණය පිළිබඳ සිහිපත් කළ යුතු බව යි. ලොව ධන සම්පත්, බල සම්පත්, නැණ සම්පත් ලැබූ මහා උතුමන් පවා මිය පරලොව ගියා සේ මම ද මිය පරලොව යන්නෙමි. මට ද මරණය උරුම වන්නේ ය.” යනු දෙවැනි ගාථාවෙහි අර්ථය යි. උදා වූ අවස්ථාවෙහි පටන් අස්තය කරා ගමන් කරන සූර්යයා මෙන් ජීවිතය මොහොතක් හෝ නොනැවතී නිරතුරුව ම නොපසුබටව මරණය කරා ගමන් කරන්නේ ය, යනාදී වශයෙන් දැක්වෙන කරුණු රැසක් මෙම මරණානුස්සති කර්මස්ථානයෙහි අන්තර්ගත ය. ස්වභාවිකව ම උපතත් සමඟම අපට උරුම වන මරණය පිළිබඳ මෙසේ මෙනෙහි කිරීම ලෞකික ජීවිතයේ අප විසින් ම ගොඩනඟා ගනු ලබන ප්‍රශ්න අවම කර ගැනීමට හේතු වෙයි. සංයුත්ත නිකායෙහි පඨම ආයු සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිසුන්ගේ ආයුෂ ඉතා අල්ප බවත්, බොහෝ කල් ජීවත්වන කෙනකු වුව ද වසර සියයක් හෝ ඊට වඩා මදක් අඩු වැඩි කාලයක් ජීවත්වන බව යි. පුද්ගලයකු ගේ මරණය සිදුවිය හැකි ක්‍රම සතරක් බුදු දහමෙහි ඉගැන්වෙයි. ආයුෂ ගෙවී යාම (ආයුක්ඛය) එහි පළමුවැන්න යි. එය “ස්වභාවික මරණය” සේ අර්ථ දැක්විය හැකි ය. දෙවැන්න කර්ම ශක්තිය අවසන්වීම යි. (කම්මක්ඛය) ආයුෂත්, කර්ම ශක්තියත් යන දෙක ම අවසන්වීම (උභයක්ඛය) තෙවැන්න යි. සිව්වැන්න ආයුෂත්, කර්ම ශක්තියත් දෙකම ඉතිරිව තිබිය දී හදිසි අනතුරු ස්වභාවික විපත්, ලෙඩ රෝග වැනි කිසියම් උපද්‍රවයක් පැමිණීමෙන් සිදුවන මරණය යි. මේ අනුව කර්මය මරණය සඳහා එකම හේතුව නොවන බව මනාව පැහැදිලි ය. එක් අතෙකින් සත්ත්වයකු ජීවත්වනවා යැයි කීම මරණය කරා දිව යාමක් බව ප්‍රකාශ කිරීම නිවැරැදි ය. මරණය පිළිබඳ පහත දැක්වෙන ආකාර අට අනුව සිහි කිරීම ද මරණාණුස්සතිය වැඩීමේ දී සිදු කළ හැකි ය. මෙය ඉගැන්වෙන්නේ විසුද්ධි මාර්ගයේ ය.
මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ. 10 බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
මාර්තු 10
පසළොස්වක
මාර්තු 17
අව අටවක
මාර්තු 25
අමාවක
මාර්තු 31
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]