[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ශාසනානුලෝමික පැවතුමෙන් පිරිපුන් භික්ෂු පරපුරකට මඟ සදන ප්‍රාචීන භික්ෂු විද්‍යාලය සත්වන සංවත්සරය සමරන වගයි

පර්යාප්ති, ප්‍රතිපත්ති සහ ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසන පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා දෙමින් ශාසනානුලෝමික පැවතුම්වලින් පිරිපුන් වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් බිහි කිරීමේ පරමෝදාර ප්‍රාර්ථනාව පෙරදැරි කර ගනිමින් සාමාන්‍ය පිරිවෙනක අධ්‍යාපන පටිපාටියට වඩා ක්‍රමවත් වූ භික්ෂු අධ්‍යාපන ආයතනයක් වශයෙන් අමරපුර සිරි සද්ධම්මවංස මහානිකායේ මහා ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ සහකාර ලේඛකාධිකාරී, දර්ශනපති, රාජකීය පණ්ඩිත බලපිටියේ සිරිසීවලී නාහිමිපාණන් වහන්සේගේ අදහසකට අනුව ආරම්භ කළ ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලය හඳුන්වා දිය හැකි ය. ධර්මධර, විනයධර, බහුශ්‍රැත, සංඝ සෝභනයන්ගෙන් හෙබි නව දැනුම හමුවේ නො සැලෙන පරිණත දර්ශනයක් සහිත පාණ්ඩිත්‍යයෙන් මෙන් ම ශ්‍රද්ධාවෙන් යුත් භික්ෂුවක් තැනීම මූලික පරමාර්ථය වූ මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කුඩා හිමිවරුන් නවීන තාක්ෂණය, විදේශ භාෂා පිළිබඳ දැනුමින් ද සන්නද්ධ කොට ත්‍රිපිටකය හා තදනුබද්ධ අටුවා, ටීකා ආදී දැනුමින් පරිපූර්ණත්වයට පත් කොට ජාතික හා ජාත්‍යන්තර ධර්මදූත මෙහෙවරෙහි යෙදවීම අරමුණු කොට ඇත. බෞද්ධ අධ්‍යයන විෂය පථයන්ගෙන් ඈත් වූ විෂයයන් කෙරෙහි ආකර්ෂණය වීම වෙනුවට ත්‍රිපිටක ධර්මය, ප්‍රාචීන හා ප්‍රතිචීන භාෂා දැනුම, භාවනා, ධර්මදේශනා හා පිරිත්දේශනා පුහුණුව ඇතුළු ප්‍රායෝගික විෂය නිර්දේශයක් ඔස්සේ තෙවසරක කාලයක් ශිෂ්‍ය හිමිවරුන් හික්මවා එහි පළමු වසරෙහි දී විනය පිටකයත්, දෙවන වසරේ සූත්‍ර පිටකයත්, තෙවන වසරේ අභිධර්ම පිටකයත් උගන්වා අවසානයේ ත්‍රිපිටකාචාර්ය උපාධිය පිරිනැමීමත්, ශාස්ත්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කොට ප්‍රවචන විශාරද උපාධිය හිමි කොට ගැනීමටත් මෙහි විෂය නිර්දේශය සකස් වී ඇත.


මැදින් පුර අටවක පෝය

මාර්තු 10 බ්‍රහස්පතින්දා පූර්වභාග 02.59 පුර අටවක ලබා 11 සිකුරාදා 05.36 ගෙවේ.
10 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 10

Full Moonපසළොස්වක

මාර්තු 17

Second Quarterඅව අටවක

මාර්තු 25   

Full Moonඅමාවක

මාර්තු 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]