ශ්රී බුද්ධ වර්ෂ 2565 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2022 පෙබරවාරි 16 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
නවම් පොහොය පිළිබඳ දැනගන්න පොහොය වරුණ සමඟින් එක්වන්න සිත පහදාගෙන දෙසවන් දෙන්න සිතට දැනෙන ලෙස සාධු කියන්න
මුළු බුදු සසුනම ඔද තෙද ය කෝලිත උපතිස්ස ද හරි හොඳ ය සැරියුත් මුගලන් ලෙස දී ධජය අගසව් තනතුරු දුන් දින අදය
සසුනට වස් විස්සක් ගත වූවා ඔවාද පාතිමොක්ෂය හිමි දෙසුවා සදහම රැකුමට මුල් විය ඒවා බුදු දම චිරාත් කල් ලක සුරැකේවා
සතර ඉද්ධිපාද වැඩුවන්හට කල්ප ගණන් වුව හැකි වෙයි ඉන්නට අනඳ හිමිට බැහැ තේරුම් ගන්නට සිදුවිය බුදු සමිඳුට සමු ගන්නට
බුදුහිමි ආයුෂ අතහැර දාලා අනඳ හිමිට පැවසුව කැඳවාලා ඒ පිළිබඳ හරි හැටි වැටහීලා අනඳ හිමිට බැහැ ඉනු ඉවසාලා
මේ ලෙස නවම් පොහොය වැදගත් වේ සිරි සදහම් ඇහුවම මන මත් වේ තුන් රුවනින් සැනසීම ම අත්වේ මතු අප සැම අම නිවනට පත්වේ
වේලිඔය සිරි වජිර හිමි
පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ. 16 බදාදා සිල්
පසළොස්වක
පෙබරවාරි 16
අව අටවක
පෙබරවාරි 23
අමාවක
මාර්තු 02
පුර අටවක
මාර්තු 10
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]