[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිත පිරිසුදු කර ගැනීමටයි

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස, සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියොදපනං - එතං බුද්ධානු සාසනං, “පින්වත්නි, සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි ආනන්ද හිමියන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. අප බුදුරජාණන් වහන්සේ පෙර ලොව පහළ වු විපස්සී, සිඛී, වෙස්සභූ,කකුසඳ,කෝනාගමන, කස්සප යන මෙම බුදුරජාණන් වහන්සේලාගේ විස්තර දේශනා කරති. එසේ නම් එම බුද්ධ දේශනාවල ආ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාමොක් දෙසීමාදියෙහි වෙනසක් ඇත්දැයි ආනන්ද හිමි බුදුරදුන්ගෙන් විචාළේ ය. “ආනන්ද” කාල වශයෙන් වෙනසක් ඇතත් දේශනාවල වෙනසක් නැතැයි විස්තරකොට මෙම ගාථාව ඇතුළු ගාථා තුනක් ඕවාද ප්‍රාතිමෝක්ෂය වශයෙන් දේශනා කොට වදාළ සේක. සියලු පව් නොකිරීම ද, කුසල් රැස්කිරීම ද, සිත පිරිසුදු කිරීම ද යන මෙය සියලු බුදුවරයන්ගේ අනුශාසනාවයි. අප බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වූ දා සිට “අනේක ජාති සංසාරං” යන ගාථාවේ පටන් පිරිනිවන් මංචකයේ දී අවසාන වශයෙන්” වය ධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යන දේශනාව දක්වා සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණාදී සියලු ධර්මයන් ආදි කල්‍යාණ, මජ්ඣෙ කල්‍යාණ, පරියෝසාන කල්‍යාණ මුල. මැද, අග යහපත් වූ අර්ථ ව්‍යංජන සහිතව දේශනා කොට ඇත. සත්වයා යනු පැවැත්මට අදාළව හැඟීම් ධාරාවකින් ක්‍රියා කරන ප්‍රාණියෙකි. උපන් ස්වරූපය අනුව , පරිසරය අනුව හැදෙන වැඩෙන සත්වයාට කෙතරම් අවවාද අනුශාසනා කළත් තමන්ගේ මතය තහවුරු කර ගැනීම ආත්ම දෘෂ්ටියේ ස්වභාවය යි. මේ නිසාම සත්වයාගේ නම්‍යතාවය වැඩි වශයෙන් මිථ්‍යා දෘෂ්ටියටත්, උපදානයටත් භාජනය වන්නේ ය.


නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]