[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමිපාණන් වහන්සේගේ සහ දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මහනුවර මල්වතු මහාවිහාරයේ මාත්ගමුව විහාරයේ පැරැණි ගොඩනැඟිලි ඉවත් කොට, ජනාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් තනන ලද අභිනව තෙමහල් විහාර ගොඩනැඟිල්ලෙහි ඉදිකිරීම් නිමවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සන්නස් පත්‍රයක් මඟින් අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ වෙත පසුගිය දා පූජා කරනු ලැබූ අවස්ථාව.

බොදු සංස්කෘතියේ අභිමානවත් පෙළහර: කොළඹ නවම් මහා පෙරහර

නවම් මගේ උදාවත් සමඟ අපගේ මතකයට නැඟෙන එක් සුවිශේෂ කරුණක් වේ. ඒ කොළඹ නගරයට ආලෝකයක්, අභිමානයක් ගෙන එමින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන කොළඹ නවම් මහා පෙරහර පිළිබඳව යි. කොළඹ ගංගාරාම විහාරය මඟින් සංවිධානය කරනු ලබන කොළඹ නවම් මහ පෙරහර මේ මස 15 සහ 16 දිනයන්හි රාත්‍රී 7.00 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එය 43 වැනි වරට මෙවර ද සියලු සෞඛ්‍ය ආරක්ෂක විධි විධානයන්ට අනුකූලව මහජන සහභාගිත්වයෙන් තොරව වීදි සංචාරය කිරීමට කටයුතු සංවිධානය කර ඇත. කොළඹ ගංගාරාමය කී පමණින් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ද, උන්වහන්සේගේ නම කී පමණින් ගංගාරාමය ද සමඟ නවම් මහා පෙරහර ද දෙස් විදෙස් සැදැහැවතුන්ට අමතක කළ නොහැකි ය. ගංගාරාමයේ නවම් මහ පෙරහර කොළොම්තොටට අලංකාරයක් එක්කරන මහා සංස්කෘතික දායාදයකි. අතීතයට, වර්තමානයට සේ ම අනාගත පරපුරට ද ඒ වටිනාකම්වල අගය මිල කළ නොහැකි ය. ගංගාරාමයේ නවම් මහා පෙරහරේ නිර්මාතෘන් වහන්සේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ය. ඒ ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේ ය. ගංගාරාමය යම් අභිවෘද්ධියක් දියුණුවක් ලබා ඇතිනම් ඒ පොඩි හාමුදුරුවන්ගේ උත්සාහ ය, කැපකිරීම මෙන්ම අධිෂ්ඨානශීලිබවේ ප්‍රතිඵලයකි. උන්වහන්සේගේ මනසෙහි ඇඳි මෙම උදාර අදහස මල්පල ගැන්වෙමින් කොළඹ නවම් මහා පෙරහර ආරම්භ විය. කොළඹ නවම් මහා පෙරහර තුනුරුවන් උදෙසා පවත්වනු ලබන පූජෝපහාරයක් වේ. මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව වැඩම කරවීමත්, බුදුරජාණන් වහන්සේ ගේ සුවාසු දහසක් ධර්මස්කන්ධය සිහිකොට සදහම් පුස්තක වැඩම කරවීමත් සුවිශේෂි කරුණු අතර වේ.


නවම් පුර පසළොස්වක පෝය

පෙබරවාරි 15 අඟහරුවාදා අපරභාග 09.41 පුර පසළොස්වක ලබා 16 බදාදා අපරභාග 10.25 ගෙවේ.
16 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02

First Quarterපුර අටවක

මාර්තු 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]