[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ

බිනර පුර අටවක

  සැප්තැම්බර් 13 සඳුදා අ.භා 15.11 පුර අටවක ලබා 14 අඟහරුවාදා අ.භා 13.09 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

ජාතිය පුබුදුවා ධර්මාලෝකය විහිද වූ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ

19 වන සියවසේ මැද භාගය වන විට ශ්‍රී ලාංකික බොහෝ දෙනා තුළ රට ජාතිය හා ආගම පිළිබඳ වූ අභිමානයත්, ආදරයත් බොහෝ සෙයින් ම යටපත් වී තිබුණි. දීර්ඝ කාලයක් අප ශ්‍රී ලංකාද්වීපය පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ට යටත් ව යටත් විජිතයක් ලෙස පැවතීම එයට හේතුවයි. අපේක්ෂා භංගත්වයෙන් හා ආත්ම විශ්වාසයෙන් තොරව ජීවත් වූ සිංහල ජනතාවට එම පරගැති වහල් භාවයෙන් මිදී නිදහස් ව නිවහල් ව ජීවත්වීමට යෝග්‍ය පසුබිම සකස් කර දීමට සමත් අභීත වීරත්වයක් ජන්මයෙන් ම උරුම කරගෙන සිටි ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රෙයක් වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 වැනි දින උපත ලැබී ය. ජාතියේ පිනෙන් පහළ වූ එම උදාර යුග පුරුෂයා අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ ය. එතුමා, මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මැතිතුමා ගේ හා මල්ලිකා ධර්ම ගුණවර්ධන මැතිණිය ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය යි. ධර්මපාලතුමාට මව්පියන් තැබූ නම දොන් ඩේවිඩ් හේවාවිතාරණ යි. මෙතුමාට බාල එඩ්මන්, සයිමන්, චාර්ලිස් යනුවෙන් සොහොයුරෝ තිදෙනෙක් හා සොහොයුරියෝ දෙදෙනෙක් සිටියහ. දොන් ඩේවිඩ් හේවාවිතාරණ දරුවා වර්ෂ 1872සිට 1874 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේ ත්,1874 සිට 1876 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ත්, 1876 සිට 1878 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේ ත්, 1878 සිට 1883 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේ ත් අධ්‍යාපනය ලැබුවේ ය. එම විද්‍යාලවල ඉගැන්වූයේ ක්‍රිස්තියානි ධර්මය යි. ඒ නිසා ම එකී ධර්මය ඉගෙනීමටත්, එහි එන ගීතිකා ගැයුමටත් ඔහුට සිදු විය. මෙසේ ඉගෙනුම ලබන අතරතුර මව්පියන් ගේ තිබූ ධාර්මික බව නිසා ම ඔවුන් ගේ මාර්ගෝපදේශකත්වයෙන් පොහොය දිනවල විහාරස්ථානයට ගොස් උපෝසථ අෂ්ටාංග සීලය සමාදන්වීම ද හෙතෙම ඉතා උනන්දුවෙන් සිදු කළේ ය.

ධර්ම දේශනාව:

වෛරී සිත භයානක යි දුරු නො කළොත් සසර පුරා පසුපස එනවා

හිතානුකම්පී සම්බුද්ධො - යදඤ්ඤ මනුසාසති , අනුරෝධ විරොධෙහි - විප්පමුත්තො තථාගතො’ති. අද ධර්ම දේශනය සඳහා මාතෘකාව වන්නේ සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ රාජ වග්ගයට අයත් පතිරූප සූත්‍රය යි. දිනක් බුදුපියාණන් වහන්සේ කොසොල් ජනපදයට අයත් එකසාලා කියන බ්‍රාහ්මණ ගමේ දී විශාල පිරිසකට ධර්ම දේශනයක් පවත්වමින් වැඩ සිටියා. කවදත් ලෝක සත්වයා සසරෙහි බැඳ තබා ගන්නට වෙර දරන මාරයා ඒ වෙලාවේ දී එම ස්ථානයට පැමිණියා. දහම් අසන අයට බාධා වන අයුරින් ගාථාවක් ප්‍රකාශ කළා. ඒ ගාථාවේ සරල අදහස තමයි, යම් හෙයකින් අනුන්ට අනුශාසනා කරනවා ද, එය ඔබට සුදුසු නොවෙයි. එහෙම අනුශාසනා කිරීමෙන් රාග, පටිඝ කියන දෙකෙහි ගැලෙන්න එපා කියල යි මාරයා බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කළේ. මේ විදිහට මාරයා ක්‍රියා කළේ පිරිස ඉදිරියෙහි බුදුපියාණන් වහන්සේ අධෛර්යයට පත් වේවි කියලා හිතාගෙන යි. මාරයා හිතුවා ශ්‍රාවක පිරිස අතරේ ඇතැමෙක් සාධුකාර දේවි, ඇතමෙක් වෙන වෙන කතාවල යෙදේවි, එවිට දේශකයා තුළ රාගයත්, ක්‍රෝධයත් ඇති වේවි කියලා. මේ වෙලාවේ බුදුපියාණන් වහන්සේ මා මුලින් මාතෘකාව වශයෙන් තබා ගත් “හිතානුකම්පි සම්බුද්ධො” කියන ගාථාව දේශනා කොට වදාළා. එහි අදහස තමයි, “යම් හෙයකින් සර්වඥ වූ බුදුපියාණන් වහන්සේ ලෝක වාසීන් කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන සේක් ද, ඒ බුදුපියාණන් වහන්සේ රාගයෙන් හා ද්වේෂයෙන් විශේෂයෙන් මිදුණු කෙනෙක් ය ” කියන වග.

ජීවිතයට පිළිවෙළක් තිබෙනවා නම් ඕනෑම අභියෝගයක් පහසුවෙන් ජය ගන්නට පුළුවන්

අද අපි මුහුණ දී තිබෙන වසංගත රෝග තත්වය හමුවේ වැඩිහිටියන් ගේ පමණක් නොවෙයි, තරුණ තරුණියන් ගේ, පාසල් දරුවන් ගේ පවා අනාගත සැලසුම් යම් ආකාරයකට පසුබෑමකට ලක්ව තිබෙනවා. ඒ ත් රටක් ලෙස මේ තත්වයට අප සියල්ලෝ ම මුහුණ දිය යුතු වෙනවා. ඒ, රටක අනාගතය රැඳී ඇත්තේ මේ දෙකොටස ම මත නිසයි. මෙහි දී අප ඇත්තට මුහුණ දිය යුතු ම යි. එහි දී, ව්‍යසනයට ඔරොත්තු දෙන ආකාරයෙන් සිත ශක්තිමත් කර ගත යුතු යි. ඒ අනුව ක්‍රියාත්මක විය යුතු යි. අම්මා, තාත්තා, දූ දරුවන්ගෙන් පටන් ගෙන ඉහළ සිට පහළට සෑම සමාජ සමාජිකයෙක් ම ධෛර්ය සම්පන්න ව ඒ අභියෝගය වෙනුවෙන් වෙහෙසිය යුතු යි. ඒ ජයග්‍රාහී මාවතේ දී සියලු දෙනා ම තමන් ගේ වගකීම තේරුම් ගැනීම, තරුණ වියේ ඇත්ත ස්වභාවය තේරුම් ගෙන එයට වටිනාකම් ලබා දීම, ආධ්‍යාත්මික දියුණුව සකසා ගැනීම, ඉලක්ක ජය ගැනීමට දරුවන්ට මඟ පෙන්වීම, නිසි සෞඛ්‍යයක් පවත්වා ගෙන යාමට පුළුල් ව සියල්ලෝ ම දායක වීම, ජීවිතයේ වටිනාකම අවබෝධ කර දීම යන කරුණු පිළිබඳ අවධානය යොමු කළ යුතු වනවා. සියලු දෙනා මේ ගැන අදහසක් ඇති කර ගන්නවා නම්, අභියෝග, අභියෝගයක් වන්නේ නෑ. එහෙත් ඒ වෙනුවෙන් සියල්ලෝ ම කැපකිරීම් සිදු කිරීම අවශ්‍යය වනවා.

ආහාරය බෙහෙතක් ලෙස නොගත්තොත් බෙහෙත් ආහාර ලෙස ගන්නට සිදු වේවි

මිනිසා විතරක් නොවෙයි, සෑම සත්වයකු ම මුහුණ දෙන බරපතළ ම රෝගය කුමක් ද? සම්බුද්ධ දේශනයට අනුව නම් එය වෙන කිසිවක් නොව බඩගින්න යි. “ජිගච්ඡා පරමා රෝගා” යන ධම්මපද ඉගැන්වීම තුළින් පැහැදිලි වන්නේ ඒ කරුණයි. බඩගින්න රෝගයක් නම්, එයට ප්‍රතිකාරයක් තිබෙනවා. ඒ, “ආහාරය” යි. එසේ නම් ආහාරය කියන්නේ වෙන කිසිවක් නොව බෙහෙතක්. එය කුසගින්න නමැති, අප හැම දෙනා ම දෛනිකව ම මුහුණ දෙන රෝගය සුවකර ගැනීම සඳහා අනිවාර්යයෙන් ගත යුතු ඖෂධය යි. මෙහිදී, “ඔබ ආහාරය බෙහෙතක් වශයෙන් සලකා පරිභෝග නොකළොත් අනාගතයේ දී ඔබට බෙහෙත් ආහාර වශයෙන් ගන්නට සිදු වනවා." යන සම්බුද්ධ දේශනය පිළිබඳ ව අපගේ අවධානය යොමු කළ යුතු වනවා.

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]