[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

උපුල්වන් දෙවොල සමීපයේ පිහිටි දෙවිනුවර පරමවිචිත්‍රාරාම රාජ මහා විහාරය

ශාසනාරක්ෂක උපුල්වන් දෙවිඳුන් වෙනුවෙන් ඉදි වූ ප්‍රධානතම පූජනීය ස්ථානය වන දෙවුන්දර උපුල්වන් දේවාලයට සමීප ව පරමවිචිත්‍රාරාම රාජමහා විහාරස්ථානය මාතර තංගල්ල මහා මාර්ගයට යාබද ව දෙවුන්දර නගර මධ්‍යයේ පිහිටා ඇත. පිරිනිවන් මංචකයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයා අමතා, “පතිට්ඨිස්සති දේවින්ද ලංකායං මම සාසනං - තස්මා සපරිවාරන්තං රක්ඛ ලංකඤ්ච සාධුකං” යනුවෙන් සම්බුදු සසුන චිරස්ථායී ව පවතින ලංකා ද්වීපය ආරක්ෂා කරන ලෙස වදාළහ. බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වන අවස්ථාවෙහි නව විධ වර්ෂා පවත්වමින්, දස මාර සෙන් පිරිවරා පැමිණි වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා ගේ උපක්‍රමයන්ට බිය වී සියලු දෙවිවරුන් පළා යද්දී බෝසතුන් තනි නොකරමින් රැඳී සිටි උත්පලවණ්ණ හෙවත් උපුල්වන් දෙවිඳුන් වෙත සක් දෙවිඳුන් එම වගකීම භාර කළෙන් ශාසනාරක්ෂක දේවතාවා ලෙස උපුල්වන් දෙවිඳුන් සම්භාවනාවට පත් කෙරෙයි. බුද්ධ පරිනිර්වාණ දිනයේ ම ලක්දිවට පැමිණි විජය කුමරුන්ට, මිනිස් වෙසකින් පැමිණි උපුල්වන් දෙවිඳුන් පිරිත් නූල් බැඳ ආශිර්වාද කළ බව මහාවංශයේ සඳහන් වෙයි.

බිනර පුර අටවක

  සැප්තැම්බර් 13 සඳුදා අ.භා 15.11 පුර අටවක ලබා 14 අඟහරුවාදා අ.භා 13.09 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]