[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බරණැස් සිටුතුමා
තෙරුවන් සරණ යෑම

නිකිණි අමාවක

  සැප්තැම්බර් 06 සඳුදා පූ.භා 07.38 අමාවක ලබා 07 අඟහරුවාදා පූ.භා 06.21 ගෙවේ සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

ධර්ම දේශනාව:

අනුන්ගේ වරැදි ම පෙනෙන්නේ හිතේ වෛරය ඇතිවිට යි

න අන්තලික්ඛේ න සමුද්දමජ්ජෙ - න පබ්බතානං විවරං පවිස්ස - න විජ්ජති සෝ ජගතිප්පදේසෝ - යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු. අද පෝදා ධර්ම දේශනාවේ මාතෘකාව ලෙස තෝරා ගත්තේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ධම්මපදයේ ගාථාවක්. වටිනා දහම් කරුණු ඇතුළත් ධම්මපදය හඳුන්වන්නේ බෞද්ධයාගේ අත්පොත කියලයි. ධම්මපදය අවධානයෙන්, සිහිබුද්ධියෙන් කියවන ඕනෑම කෙනකුට තමන්ගේ ජීවිතය වෙනස් කරන දහම් පාඨයක් එහි කොතැනක හෝ අන්තර්ගත වෙලා තියෙන බව වැටහෙනවා. ඒ නිසා ඔබේ ආධ්‍යාත්මික දියුණුවේ අත්තිවාරම හැටියට මේ ධම්මපදය නම් ග්‍රන්ථය නිතර කියවන්න. පින්වතුනි, අද මාතෘකාගත දේශනාව ධම්මපදයේ පාප වග්ගයේ අවසන් ගාථාවයි. මේ ගාථා ධර්මය අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සුප්‍රබුද්ධ ශාක්‍ය රජතුමා මුල් කරගෙනයි. සුප්‍රබුද්ධ රජතුමා දේවදත්ත හාමුදුරුවන්ගේ ත් යශෝධරා දේවියගේ ත් පියාණන්. බුදුහාමුදුරුවන් ගේ මාමණ්ඩි. පින්වතුනි, සිහිපත් කර ගන්න, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ගිහි කල උතුම් බෝධිසත්ත්වයන් ලෙස කොතරම් ගුණ සමුදායක් තිබුණ ද? ගිහි ගෙය හැරදමා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා ම අචින්ත්‍ය වූ, අවාච්‍ය වූ, අප්‍රමාණ වූ, අනන්ත වූ මහා ගුණයන්ගෙන් එක් බුදුගුණයක්වත් හඳුනා ගන්නට සුප්‍රබුද්ධ රජුට හැකියාවක් ලැබුණෙ නෑ. ඒකට හේතු වුණේ තම ප්‍රිය දියණිය වූ යශෝධරාව හැර දමා පැවිදි වීමත්, තම පුත්‍රයා වූ දේවදත්ත පැවිදි කරගෙන තනතුරු ලබා නොදී වෙනස්කම් කළා යැයි කාලයක පටන් සිතේ පැසවපු වෛරයයි. මේ වැරැදි අදහස් නිසා බුදුහාමුදුරුවන්ගෙ හොඳ පවා සුප්‍රබුද්ධ රජු දැක්කෙ වැරදි විදියට. කවුරු හරි කෙනෙක් ගැන වෛරයක්, ද්වේෂයක්, තරහක් හිතේ පැසවනකොට පෙනෙන්නේ නම්, එයාගෙ වැරැදි පමණයි.

පින් ලබා දීම අර්ථවත් ද?

පින් අනුමෝදන් කිරීම පටු සීමාවක, පියවි ඇසට පෙනෙන මානයෙන් සිදු විය යුත්තක් සේ අප නො සැලකිය යුතු ය. උදාහරණයක් ලෙස දේහය සමීප ව තබා ගෙන පාංශුකූල වස්ත්‍රය පූජා කිරීම හෝ දේහය නැතිව එම කාර්යය සිදු කිරීම යන අවස්ථා දෙක ම සමාන ය. පින් ලැබීම හෝ නො ලැබීම සිදු වන්නේ ඒ මත නොවේ. බුදු දහමට අනුව පින් අනුමෝදන් වීම සහ අනුමෝදන් කිරීම යන අවස්ථා දෙක ම පින්කම් ය. වර්තමාන ජීවිතයේ දී බොහෝ කෙනකු සිත් තැවුලට පත් කරන කාරණය වන්නේ තම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ඇති ප්‍රායෝගික ගැටලුවයි. විශේෂයෙන් මෙම වසංගතය හමුවේ දී බොහෝ ආගමික චාරිත්‍ර, පුණ්‍යානුමෝදනා පෙර සේ සිදු කිරීම ගැටලුවකි. ඒ මත ඇතැමෙක් ඉච්ඡා භංගත්වයට, මානසික පීඩාවට පත්ව ඇත. ඇතැම් විට එය එසේ වනුයේ පින්දීම පිළිබඳ යතාර්ථය නිවැරැදි ව අවබෝධ නොවීමෙනි. පින් අනුමෝදන් කිරීම පටු සීමාවක, පියවි ඇසට පෙනෙන මානයෙන් සිදු විය යුත්තක් සේ අප නො සැලකිය යුතු ය. උදාහරණයක් ලෙස දේහය සමීප ව තබා ගෙන පාංශුකූල වස්ත්‍රය පූජා කිරීම හෝ දේහය නැතිව එම කාර්යය සිදු කිරීම යන අවස්ථා දෙක ම සමාන ය. පින් ලැබීම හෝ නො ලැබීම සිදු වන්නේ ඒ මත නොවේ. සාංඝික දානය වූව ද නිවැසියන් ම එකතු ව තම නිවසේ ම සිදු කිරීමේ අවශ්‍යතාවය හෝ දින හතෙන් ම සිදු කිරීමට අත්‍යවශ්‍ය නොවේ. පින් ලැබීම නොලැබීම ඒ මත තීන්දු නොවේ. එහි නියම ධර්මානුකූල පැත්ත මනාව තේරුම් ගැනීම වර්තමාන සමාජයට ඉතා වැදගත් ය. කාල, දේශ, අවස්ථා අනුව කටයුතු සංශෝධනය කර ගැනීම දියුණු දර්ශනයක ස්වභාවය යි.

 

මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන්ගේ වගකීම්

කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන් විසින් සංඝරාජ පදවිය පත් කළ අවස්ථාවේ දී ම මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය මහා නායක පදවි ආරම්භ කෙරිණි. මෙම පදවි ඉතා වැදගත් වන්නේ මහා විහාර දෙකෙහි චිරස්ථිතිය හා මේවා අතර සම්බන්ධතාවය ඇති වූ නිසා ය. ශාසනික වශයෙන් ශ්‍රී ලාංකේය මහාවිහාර වංශික භික්ෂු පරපුර ධර්ම විනය, ශබ්ද ශාස්ත්‍ර, වත් පිළිවෙත් යනාදිය ආරක්ෂා කර ගැනීමේ වගකීම මෙම උත්තරීතර පදවියට පැවරුණි. ශ්‍රී දළදා සමිඳුන් ආරක්ෂා කොට ගෙන පුද පූජාදිය පවත්වාගෙන යාමත්, අවශේෂ පෞරාණික සිද්ධස්ථාන සහ සියලු සිද්ධස්ථානයන් ආරක්ෂා කර ගැනීම පිළිබඳ වගකීමත් මහානායක පදවියට පැවරී තිබේ. එමෙන් ම ජාතික ඉතිහාසයෙහි ඓතිහාසික සම්බන්ධතාවය මූර්තිමත් කෙරෙමින් වර්තමානයෙහි වුව ද සිංහල ජාතියෙහි අති පූජනීය අනුශාසකයාණෝ මහා නාහිමියෝ වෙති. මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය සතු බලතල රාශියකි. මහනුවර උපෝෂිත සහ පුෂ්පාරාම විහාරද්වයෙහි විහාරාධිපතීත්වය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හොබවති. රටේ වැඩිම විහාරස්ථාන සහ භික්ෂුන් වහන්සේ අයත් වනුයේ ද මල්වතු මහාවිහාර පාර්ශ්වයට ය. එසේ ම ස්‍යාමෝපසම්පදාවෙන් පසු උපසම්පදාව පිහිටුවූ ස්ථානය වීම, සියම් නිකායේ අනෙක් පාර්ශ්වයන් මල්වතු මහා විහාරයේ උපසම්පදාව ලද භික්ෂූන් වහන්සේලා විසින් පිහිටුවිම, අමරපුර රාමඤ්ඤ දෙනිකාය පිහිටුවීමට මුල් වූ හිමිවරුන් ද මල්වතු මහා විහාරය ඇසුරින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට පැවිදි උපසම්පදා ලද හිමිවරුන් ගේ සිසුන් වීම වැනි හේතු මත ලක්දිව අත්‍යන්ත සංඝ මූලස්ථානය මල්වතු මහා විහාරය ලෙස හඳුන්වා දිය හැකි ය. අනුරාධපුර අටමස්ථානය, කැලණිය, ශ්‍රීපාදස්ථානය, දීඝවාපිය, තිස්සමහාරාමය, කතරගම, සිතුල්පව්ව, පැල්මඩුල්ල රජමහා විහාරය, රිදී විහාරය, කුණ්ඩසාලේ, තොටගමුව ඇතුළු විහාරස්ථාන රාශියක් මල්වතු පාර්ශ්වයට අයත් ය. විද්‍යොදය, විද්‍යාලංකාර දෙපිරුවන් ආරම්භ කොට පෙරදිග මහා තක්ෂිලාවන් බවට පමුණුවන ලද්දේ ද මල්වතු පාර්ශ්වයේ මාහිමිපාණන් වහන්සේලා විසිනි.

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]