[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා මංගල සූත්‍රය දේශනා කිරීම

නිකිණි පුර අටවක

  අගෝස්තු 15 ඉරිදා පූර්වභාග 09.51 පුර අටවක ලබා 16 සඳුදා පූර්වභාග 07.45 ගෙවේ.
ඉරිදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

 

 

 

 

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹේ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් පසු ගිය දා (9) ආරම්භ කෙරිණි. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හ ි9 වන දින අලුයම 01.09 ට යෙදුන සුබ නැකතට අනුව කප් සිටුවීමෙන් පසු 12 වන දින තෙක් දේවාල ඇතුළත පෙරහර පහක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර 13 දින සිට වීදි සංචාරය කිරීම ආරම්භ කෙරුණු අතර පුරා දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර 18 දින වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිතය. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුර පසළොස්වක පොහෝදා 22 දා පැවැත්වීමෙන් අනතුරුව පසුදින දවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වීමට නියමිතව ඇත. කප් සිටුවීමේ මංගල්‍යය සඳහා අවශ්‍ය කප අලුත්නුවර දේවාලයේ සිට පසුගිය 08 දින පෙරවරුවේ පෙරහරින් මහනුවරට වැඩම කෙරුණි. මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සියලු කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

උපසම්පදා පින්කමක්

මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රි රෝහණ මහා සංඝ සභාවේ 36 වන උපසම්පදා විනය කර්මය පසුගියදා මාතර තිහගොඩ ඌරාපොල සිරි රතනජෝති පිරිවෙන් මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී පැවැත්විණි.. ශ්‍රි රෝහණ සංඝ සභාවේ වර්තමාන වැඩ බලන මහානායක ධුරන්දර ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති අගලබඩ පියසිරි අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි උපසම්පදා පුණ්‍ය කර්‍ම පූජෝත්සවය දින තුනකදී සාමණේර හිමිවරුන් 24 නමක් අධිශිලසංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවීම සිදු කළහ..

 

ධර්ම දේශනාව:

දියුණුව හෝ පරිහානිය හෝ උත්සාහයේ තරමටයි

පත්තකම්ම යන්නෙහි සරල අර්ථය නම් “අංගසම්පූර්ණ” “පිරිපුන්” යන්නයි. බුදුරජාණන් වහන්සේ මෙම පත්තකම්ම සූත්‍රය අනේපිඬු සිටුතුමාට සැවැත්නුවර ජේතවනාරාමයේ දී දේශනා කරන ලද සූත්‍රයකි. බුදුන් වහන්සේ ඉදිරියෙහි වූ අනේපිඬු සිටුතුමා පුද්ගලයකුගේ ජීවිතයක් සම්පූර්ණ වීමට අවශ්‍ය කරුණු මොනවාදැයි සිතූ කල එම සිතැඟි දැනගත් බුදුහිමියෝ ජීවිතයක් අංගසම්පූර්ණවීමට අවශ්‍ය කරුණු හතරක් දේශනා කළහ. එනම්, ධාර්මිකව ධනය හෝ භෝගයන් ලැබීම, ධාර්මිකව ධනය ලැබ ඤාතීන් සමඟ හොඳින් ජීවත්වීම එනම් හොඳ ඤාති මිත්‍රාදීන් පිරිසක් සිටීම, දීර්ඝායුෂ ඇතිව ජීවත්වීම හා පරලොව ජීවිතය සුගතිගාමී කරගැනීම යනුයි. කෙනෙකු ධර්මිකව ධනය ලැබ ජීවත්වේ නම් ඒ ජීවිතය පිරිසිදු හෙවත් කිලුටු නොවූ ජීවිතයකි. අධාර්මික ව උපයන්නා සැපෙන් ජීවත් වුව ද, ඔහුගේ ජීවිතය කිලුටුය. හැමවිටම අවශ්‍ය වන්නේ සාධාරණ බවයි. ක්‍රීඩාවක් කරනා විට අසාධාරණයෙන් දිනනවට වඩා සාධාරණව පරාජය වීම ද ගෞරවාන්විත ය. එසේ ජීවත් වන්නේ, හොඳ ඤාතීන් ලැබෙන්නේ නම් එය ද සාර්ථක ජීවිතයකි. මිනිසුන් බොහෝමයක් දැන් දැන් තමාගේ කෙනා දියුණු වනවාට අකමැති ස්වභාවයකින් යුක්තයි. එබැවින් අවංකව ම තමාගේ දියුණුව අපේක්ෂා කරන, එසේ අපේක්ෂා කරනවා යැයි විශ්වාස කළ හැකි ඤාතීන් පරිපූර්ණ ජීවිතයකට අත්‍යවශ්‍ය ය. දීර්ඝායුෂ ලැබීම ද ඉතා දුර්ලභ හා අංගසම්පූර්ණ ජීවිතයක ලක්ෂණයකි. ඒ සඳහා පෙර පින් ඇති බව ද වැදගත් ය. එසේම තමා මනාව පිහිටුවා ගැනීම ද වැදගත් ය. තම ආහාර රටාව චර්යාවන් මනාව පිහිටුවා ගැනීම දීර්ඝායුෂ ලැබීමට මහෝපකාරි වේ. එකී නීරෝගි බවින් දිගාසිරි ලැබීම පරිපූර්ණ ජීවිතයක ලක්ෂණයකි. පරලොව සුගතිගාමී කර නොගන්නේ නම් එය අඩුවකි. නඛසිඛ සූත්‍රයේ දී පෙන්වූ අයුරින් මිනිසත් බවයක් ලැබ මියගිය පසු නැවත මිනිසුන් ව උපදින්නේ අල්ප පිරිසකි. එබැවින් පරලොව සුගතිය පිණිස කටයුතු කිරීම ද අංගසම්පූර්ණ ජීවිතයක ලක්ෂණයකි.අනතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ උක්ත කාරණා සම්පූර්ණ වීමට වැදගත් වන තවත් කරුණු හතරකි. සද්ධාසම්පදා (ශ්‍රද්ධාව), සීලසම්පදා (සීලය), චාගසම්පදා (ත්‍යාගය) හා පඤ්ඤාසම්පදා (නුවණ) යනුවෙනි. මෙහිදී සද්ධාසම්පදා නම් වනුයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගැනීමයි. එසේම උන්වහන්සේගේ ගුණයන් පිළිබඳව වන අවබෝධයයි.

 

නිර්මල බුදු දහමින් පෝෂිත සිංහල බෞද්ධ සංස්කෘතිය

ලංකාවේ ඓතිහාසික මූලාශ්‍ර අනුව ක්‍රි.පූ. තුන්වන සියවසේ මැද භාගයේ දී අනුබුදු මිහිඳු හිමියන් ප්‍රධාන ධර්මදූත කණ්ඩායම විසින් බුදුරදුන්ගේ නිර්මල ධර්මය ලක්දිවට ගෙන එන ලදැයි කියැවේ. මිහිඳු හිමියන් විසින් නිල වශයෙන් බුදුසමය ලංකාවට හඳුන්වාදෙනු ලැබුවත් ඉන්දියාවට ඉතා ආසන්නයෙන් පිහිටි ලංකාවට ඊට පෙර බුදුරදුන්ගේ පණිවිඩය ලැබෙන්නට ඇතැයි සිතිය හැකි ය. ලක්දිව පැරැණි ලෙන් ආශ්‍රිත ව බුදුදහම අනුගමනය කළ යෝගීන් පිරිසක් වාසය කරන්නට ඇතැයි යන මතයක් ද උගතුන් අතර පවතී. ඒ සියල්ල කෙසේ වෙතත් ලංකාවේ ඓතිහාසික මූලාශ්‍රවලට අනුව මිහිඳු හිමියන් විසින් නිර්මල බුද්ධ වචනය ලක්දිවට හඳුන්වාදීමෙන් අනතුරුව එය මෙරට විවිධ අංශයන්ගෙන් මුල් බැස ස්ථාවරත්වයට පත්විය. එම ඓතිහාසික අවස්ථාව සිංහල බෞද්ධ සංස්කෘතියේ ආරම්භය ලෙස නම්කිරීම උචිත ය. මහින්දාගමනයෙන් අනතුරුව මහරහත් සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහාබෝධි ශාඛාව ගෙන එනු ලැබීමත් සමඟ ලක්දිව සිංහල බෞද්ධ සංස්කෘතියෙහි විශේෂ වෙනසක් ඇති විය. ඉන් අනතුරුව කිත්සිරිමෙවන් රජු සමයෙහි දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ අතර එහි ආභාෂය හේතුවෙන් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හා සරධර්ම තවදුරටත් පෝෂණය විය. දළදා වහන්සේ මෙන්ම පාත්‍රා ධාතුවත් සිංහල බෞද්ධ සංස්කෘතිය හා සාරධර්ම සකස්වීමෙහිලා බලපෑවේ ය. සිංහල බෞද්ධ සංස්කෘතිය පමණක් නොව ලාංකික ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය මෙන්ම තදායත්ත භාෂා සාහිත්‍ය ද පෝෂණය වීමෙහිලා යට දක්වන ලද ඓතිහාසික සංසිද්ධි හා සංකේත මගින් ලද අභාෂය ප්‍රමාණ කළ නොහැකි ය.

 

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]