ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ වෙසක් අමාවක පෝදා, 2021 ජුනි 09 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සැඩොල් කුලයේ අසරණ කාන්තාවකට පිහිටවීම
ජුනි 09 බදාදා අ.භා 13.58 අමාවක ලබා 10 බ්‍රහස් අ.භා 16.22 ගෙවේ. බදාදා සිල්
අමාවක
ජුනි 09
පුර අටවක
ජුනි 18
පසළොස්වක
ජුනි 24
අව අටවක
ජූලි 01
ලක්වාසීන්ට මෙවර ද වෙසක් උත්සවය සැමරීමට වාසනාවක් ලැබුණේ නැත. ඒ පසුගිය වසරේ මෙන්ම මේ වසරේ ද වෙසක් උලෙළ කොවිඩ් 19 වසංගතය විසින් ගිල ගනු ලැබීම නිසා ය. එම නිසා නිවසේ සිට වෙසක් සැමරීමට අපට සිදු විය. එසේ වුවත් ශ්‍රී ලංකාවාසීන් ඇතුළු සමස්ත ලෝකවාසීන්ටම ආශීර්වාද සහ සෙත් සුව ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් ඩුබායි සහ උතුරු එමීරයන්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් නලින්ද විජේරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ඩුබායි ලංකාරාමය සහ එක්සත් අරාබි එමීර්රාජ්‍යයේ සියලුම ශ්‍රී ලාංකික සංවිධාන එක්ව සංවිධානය කළ “ඩුබායි වෙසක් සතිය 2021 “ මහත් ආගමික ශ්‍රද්ධාවකින් යුතුව පවත්වන ලදී. ඒ මැයි මස 24 සිට 29 දින දක්වා ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාල පරිශ්‍රයේ දී ය. ශ්‍රී ලංකාව තුළ වෙසක් සති පැවැත්වෙන ආකාරයෙන්ම මේ වෙසක් සතිය පැවැත්වූ අතර වෙසක් සතිය තුළ බොදු ගී, බෞද්ධ වෙසක් නාට්‍ය ඉදිරිපත් කිරීමට ද කොන්සල් ජෙනරාල් කාර්ය මණ්ඩලය සහ ඩුබායි සහ උතුරු එමීරයන්හි ශ්‍රී ලාංකික සංවිධාන විසින් කටයුතු කර තිබුණි. විශේෂයෙන්ම බොදු ගී සරණිය පවත්වන ලද්දේ මෙරට බොදු ගී පවත්වන අයුරින්ම වන අතර බෞද්ධ තේමා කිහිපයක් ඔස්සේ රඟ දැක්වූ නාට්‍යයද සියලු දෙනාගේ සිත් ඇද ගන්නට සමත් විය. බෞද්ධයන්ගේ කරුණාව, දයාව, මෛත්‍රිය ඔප් නැංවෙන අයුරින් මේ සියලු කටයුතු සිදු කර තිබුණි. වෙසක් සතියේ ප්‍රධානම අංගයක් ලෙස වෙසක් පුන් පොහෝ දින “සත් බුදු වන්දනා” පූජාවක් ඩුබායි ලංකාරාම වාසී නාමල්ගමුවේ විජයසීල ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි
ධර්ම දේශනාව:
සාමාන්‍ය මිනිසකුට ඇතිවන්නේ කරුණාව හා ප්‍රඥාවයි. එහෙත් බුදුවරයකුට ඇතිවන්නේ මහා කරුණාව හා මහා ප්‍රඥාවයි. මහා ප්‍රඥාව හා මහා කරුණාව අනුසාරයෙන් සියලු සත්ත්වයා දුකෙන් මුදවා ගන්නට දිවා රෑ නොතකා, අව්ව වැස්ස නොබලා, වේලාව අවේලාව නොසිතා සියලු සත්ත්වයා දුකෙන් මුදවා ගන්නට කටයුතු කිරීම බුදුවරයකුගේ මූලික අභිප්‍රායයි. බුදු සමයේ මූලික හරය රැඳී ඇත්තේ චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගය මත ය. සියලුම සත්ත්වයා දුකෙන් වෙළී පැටලී ඇත. එයයි ප්‍රථමයෙන් ම හඳුන්වා දෙන ලද්දේ දුක, දුක ඇතිවීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය වශයෙන් මේ චතුරාර්ය සත්‍යය පිළිබඳව යථාවබෝධයක් පුද්ගලයාට නියත වශයෙන්ම තිබිය යුතු ය. පුද්ගලයා නිවැරදි මාර්ගයකට යා යුතු නම් ‘මැදුම් පිළිවෙතට’ නැඹුරු විය යුතු ය. කාමසුඛල්ලිකානු යෝගය හෙවත් සිරුරට වඩාත් සැපදීම හා අත්තකිලමතානුයෝගය හෙවත් සිරුරට වඩාත් දුක් දීම බැහැර කොට මේ අන්ත දෙකට ම නැති මැදුම් පිළිවෙත උපයෝගී කොට ගත යුතු ය. සසරින් එතෙර කිරීමයි බුද්ධ ආඥාව වන්නේ. අනවරාග්‍ර හෙවත් කෙළවරක් නැති භවයෙන් මුදවා ගැනීමයි මූලික අභිප්‍රාය. කෙළවරක් නැති භවයේ දිගටම රැඳී සිටිනවාද එසේ නැත්නම් එයින් මිදෙනවාද යන්න ගැනත් සිතා බැලිය යුතු ය. කෙළවරක් නැති භවයෙන් මිදෙන්නේ කෙසේද? භවය දිග්ගැස්සෙන්නේ පුද්ගලයා කෙරෙහි පවත්නා, ආශාව, ඇල්ම, තෘෂ්ණාව හේතුකොටගෙන ය. පුද්ගලයා යමක් ඇලී ගැලී සිටීමයි අරමුණ. මේ නියතයෙන් අනිවාර්යයෙන් ම නිරන්තරයෙන් ම දුරස්ත විය යුතු ය. ආශාව පොදි බැඳගෙන යා යුතු ගමන දුරු කළ යුතු ය, යන්න බුද්ධ දේශනාවයි.
මව්පියන්ට මේ ලෝකයෙහි ඇති වටිනාම සම්පත දරුවන් ය. බුදුරදුන් එය දැක්වූයේ “පුත්තා වත්ථු මනුස්සානං“ යනුවෙනි. දරුවන් නැණවතුන් කරනවා සේ ම ගුණවතුන් කිරීම අවශ්‍යය. එසේ නොමැති වූ විට දරුවන් නිසා මව්පියන්ට අනන්තවත් පසුතැවීමට සිදුවීම ස්වභාවික ය. මව්පියන්ට මේ ලෝකයෙහි ඇති වටිනාම සම්පත දරුවන් ය. බුදුරදුන් එය දැක්වූයේ “පුත්තා වත්ථු මනුස්සානං“ යනුවෙනි. දරුවන් නැණවතුන් කරනවා සේ ම ගුණවතුන් කිරීම අවශ්‍යය. එසේ නොමැති වූ විට දරුවන් නිසා මව්පියන්ට අනන්තවත් පසුතැවීමට සිදුවීම ස්වභාවික ය. තමන් සමාජගත කරන දරුවන් මේ ජීවිතය තුළ අතිජාත හො අනුජාත දරුවන්වීම සෑම අම්මාකෙනෙක්ගෙම ප්‍රාර්ථනාවයි. මෙහි දී දරුවා අවජාත දරුවෙක් එනම් ගුණයහපත් කම් අතින් දෙමාපියන්ට වඩා පහත් දරුවකු වෙනවාට මව්පියන් අකමැතිවේ. මෙහි දී මව්පියන්ට ලොකු වගකීමක් පැවරේ. දරුවා කුස පිළිසිඳගත් මොහොතේ සිට දෙමාපියන් කටයුතු කරන අයුරු ඇතැම් දෙමාපියන් මව්පියන් නොදනී. දරු පිළිසිඳ ගැනීමේ දී මෙන් ම කුස මෝරන කාලයේ දී දෙදෙනා සීලයෙහි පිහිටිය යුතු ය. අතීත ඇතැම් මව්වරු තමන් පළමුව පන්සිල් සමාදන් ව නැවත පන්සිල් ඉල්ලා සිටී. නැවත ඔවුන් පන්සිල් ඉල්ලා සිටින්නේ තම කුසහෝනා දරුවාට ය. මහාමායාව පිළිසිඳ ගැනීමේ සිට පෙහෙවස් සමාදන්වූවා ය. අච්චරියධම්ම සූත්‍රයේ දී දක්වනු ලබන්නේ කුස පිළිසිඳගත් දා පටන් මව්පිය එක්වීමක් හෝ සිදු නොවන බවයි. බිරිඳට බිළිඳාට සුදුසු නුසුදුසු දෑ පිළිබඳව සැමියා දැනුවත්වීම අවශ්‍යය. දකින සහ අසන දේ සෞම්‍ය විය යුතුය. දෙදෙනා ආරවුල් ඇති කර නොගත යුතු ය. කුස සිටි කාලයේ දී දරුවා මුහුණ දුන් කාරණා ඉපදීමෙන් පසුව කිව නොහැකි වූව ද ඒ අත්දැකීම් දරුවා තුළ ගැබ්ව පවතී. දරුවන් හා මව්පියන් අතර සම්බන්ධතාව වැඩෙන ප්‍රධාන අවස්ථාව තම නිවසේ දී සිදු කරන බුද්ධ වන්දනා අවස්ථාවයි. බොහෝ මව්පියන්ට මේ මාහැඟි අවස්ථාව මඟහැරීයෑම කනගාටුවට කරුණකි. එමෙන් ම රාතී‍්‍ර කෑම ටික හෝ එක මේසයක වාඩි වී අනුභව කරනවා යන සිහියෙන් කළ යුතු ය.
බෞද්ධ සාහිත්‍යය 07: ශාසන ඉතිහාසය හා ජාතියේ ඉතිහාසය කියැවෙන පාලි වංශකථා
දුක සේ ලැබිය යුතු මිනිසත්බව
මහා පුරුෂ ලක්ෂණයෙන් ප්රභාවත් වූ බුදු සිරුරේ අසිරිය
අංගුත්තර නිකායෙන් - 15: ඒකක නිපාතය
ඉතිරිය»
ගෝධ ජාතක කතාව: රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ ඇයි?
සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඉතා ඉහළ තැනකට ගෙන ආවා
දීඝාභය කුමාරයාට විජිතපුර බලකොටුවේ තනතුරක්
මව් සෙනෙහසට පුද දුන් දාගැබ ඓතිහාසික යුදගනාව ස්තූපය
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]