පිරිවෙනටත් බුදුසරණ
අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී
අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත
තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන
ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම
පිටුව වෙන් කෙරෙන අතර
සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.
පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ
****
රඹුක්කන දියසුන්නත
කීර්ති ශ්‍රී රාජසිංහ විද්‍යායතන පිරිවෙන
සබරගමුව පළාතේ කෑගලු දිසාවේ සතර කෝරළයට අයත් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ රාජමහා විහාරය අනුරාධපුර යුගයේ සිට ආරම්භ වී
පැවතගෙන එන ඉපැරැණි සිද්ධස්ථානයකි.
විහාරාධිපති ව වැඩ විසූ පින්නවල ශ්‍රී පියරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ
බලවත් උත්සාහය මත ප්‍රාදේශීය මහා සංඝයා වහන්සේගේ ඉල්ලීම මත 1966 ජනවාරි මස 28 වන
දින පෙ.ව. 10.10 ට යෙදුණු සුභ නැකතින් මල්වතු පාර්ශ්වයේ මහානායක ධූරය දරමින් වැඩ
විසූ අමුණුගම ශ්‍රී විපස්සී සිරිනිවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගිහි පැවිදි
සිසුන් කිහිප දෙනෙකුට අත් පොත් තැබීමෙන් කීර්ති ශ්‍රී රාජසිංහ පිරිවෙන ආරම්භ විය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක ධූරයක් දරමින් වැඩ විසූ අඹන්වැල්ලේ ශ්‍රී ධම්මානන්ද
අනුනායක හිමියන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාව උත්කර්ෂවත්
විය.
පින්නවල ශ්‍රී පියරතන මාහිමි, මාපේගම ධම්මරතන මාහිමි, යූ. සීලරතන මාහිමි පිළවෙළින්
කෘත්‍යාධිකාරී ධූරය දරා ඇති අතර 2006 වසරේ සිට වර්තමාන විහාරාධිපති විශ්‍රාමලත්
පරිවේණාධිපති, මංගල ධර්මකීර්ති ශ්‍රී චන්ද්‍රජෝති පණ්ඩිත, ප්‍රවීනාචාර්ය කොටගම සිරි
චන්ද්‍රරතනාභිධාන සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේ කෘත්‍යාධිකාරී ධූරය දරමින් කටයුතු කරයි.
රොටුවේ ශ්‍රී ධීරානන්ද නාහිමි, තඹවිට පේමානන්ද නා හිමි, හමුවිට සීලව හිමි, අමුණුපුර
පියරතන නාහිමි, ඉඩම්පිටියේ ධම්මාරාම හිමි, පුබ්බෝවේ චන්ද්‍රානන්ද නාහිමි, කලටුවාවේ
ධම්මරතන හිමි, ඉඹුල්ගල සුමංගල හිමි, කොටගම චන්දරතන නාහිමි, මඩවල ඥානරතන හිමි
පිළිවෙළින් පරිවෙණාධිපති ධූර දරා 2014 වසරේ සිට මූණමල්පැලැස්සේ සරණංකර හිමියන්
පරිවෙණාධිපති ධූරය දරමින් කටයුතු කරයි.
ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලය විසි දෙකකින් යුක්තය. ගිහි පැවිදි සිසුන් පිරිස
තුන්සියයකට ආසන්න ය. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, දෙමළ ආදී භාෂාවන් මෙන්ම කලා,
වාණිජ, විද්‍යා, ගණිත ආදී විෂයයන්ද උගන්වනු ලබයි. මෙම විද්‍යස්ථානයෙන් බිහිවූ ගිහි
පැවිදි පඬිවරු රාශියක් මේ වන විට දෙස් විදෙස් හී කටයුතු කරයි.
මූලික පිරිවෙනක් ව පැවත මහ පිරිවෙනක් බවටත්, පසුව විද්‍යායතන පිරිවෙනක් දක්වා උසස්
විය. දිස්ත්‍රික්, සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් හිමි කරගනිමින් සබරගමු පළාතේ
කීර්තිමත් විද්‍යස්ථානයක් බවට පත් කිරීමට වර්තමාන විහාරාධිපති හා කෘත්‍යාධිකාරී
කොටගම සිරි චන්ද්‍රරතන නාහිමියන් සහ පරිවේණාධිපති මූණමල්පැලැස්සේ සරණංකාර හිමි
ඇතුළු ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලය ගන්නා කැපවීම හා උත්සාහය ද බෙහෙවින් අගය කළ යුතු
ය.
****
නුවණැති භික්ෂූන් වහන්සේ
ජාතික පිරිවෙන් උපදේශක
ශාස්ත්‍රපති
දොඩම්පහළ
ශී‍්‍ර රාහුල හිමි
ජීවිතය පවත්වාගෙන යෑම පිණිස ගිහි ගෙයින් නික්ම පැවිදි වූ, කෛරාටික වූ, මායා සහිත
වූ, පුහුණු කළ කෛරාටික කතා ඇති, චපල වූ, දොඩමලු වූ, සංයත නොවූ වචන ඇති, ඉඳුරන්හි
නොවැසූ දොර ඇති, බොජුනෙහි පමණ නොදන්නා වූ, නිදි මැරීමෙහි නො යෙදුණු, මහණකම්හි
බලාපොරොත්තු නැති, ශික්ෂාවන්හි වැඩි ගෞරව නැති, පිරිකර ආදිය බහුලකොට ඇති, නීවරණයෙහි
පෙරදැරිවූ, උතුම් විවේකයෙහි හර අත්හැරියා වූ, කුසීත වූ, වැර නැත්තා වූ, මුළා වූ
සිහි ඇත්තා වූ, ඒ ඒ අරමුණු කරා දිවූ සිත් ඇත්තා වූ, නුවණ නැත්තා වු, කෙළෙතොලු වූ
යම් පුද්ගල කෙනෙක් වෙත්ද? ඔවුන්ට මහණදම් පිරිය නොහැක.
වෑයකින් රහින්නාක් මෙන් වැරැදි සිතුම්, පැතුම් උහැ දැමිය යුතු ය. පැවිදි වූ
යෞවනයන්, සුවඳ පැනින් නා දෑ සමන් මල් දමක් ගෙල පැළඳ ගත්තාක් සේ පැවිද්ද ලැබ නුවණින්
යුතුව ක්‍රියාශීලී විය යුතු ය. එකල්හි භික්ෂූන් වහන්සේ නමකගේ ලක්ෂණ නිරූපණය වේ.'
****
අභිනව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මණ්ඩලයෙන්...
|