ගැඹුරු බණ පද සරලව පවසන
බෞද්ධ ගීත සාහිත්‍යය
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
ආචාර්ය
ඒ. එම්. එන්. වසන්ත මෙන්ඩිස්
බුදු දහම නිසා සිංහලයන්ට හිමි වූ ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති ශිල්පය, චිත‍්‍ර කලාව
ආදිය අතරට එක්වන වැදගත් අංගයක් ලෙසට බෞද්ධ සිංහල සාහිත්‍යය හඳුනාගත හැකිවෙයි.
බෞද්ධ සාහිත්‍යාවලිය ඉතා පුළුල් වූවක් වන අතර, එය අටළොස් නිකායික විකාශනය මත සිදු
වූවක් බවට පැහැදිලි වෙයි. මහා මහින්ද මහ රහතන් වහන්සේගේ වැඩමවීම මත ඇති වූ ථේරවාදී
සම්ප‍්‍රදාය නිසා මෙරට සංස්කෘතිකමය වශයෙන් මහත් ප‍්‍රබෝධයක් ඇතිවන්නට විය.
ඒ අනුව ක‍්‍රමයෙන් ථේරවාදී පෙළ අටුවාදී ප‍්‍රයෝජනය උදෙසා හෙළ අටුවා බවට පත්විය.
අනතුරුව මෙරට සාහිත්‍යය විෂයෙහි ටීකා, අනුටීකා මෙන් ම වංසකතා ආදිය එක් විය.
පසුකාලීන ව එම ග‍්‍රන්ථයන් හි වූ ගැඹුරු බව ලිහිල් කරමින් රස වින්දනය ඇති කරමින්
දහම් කරුණු පාඨකයා වෙත ළඟා කරනු වස් රචිත ග්‍රන්ථ වූ බවට හඳුනාගත හැකි වෙයි.
වර්තමානයෙහි අප විසින් භාවිත කරනු ලබන සම්භාව්‍ය සිංහල ග‍්‍රන්ථයන් කි‍්‍ර.ව. 10
වන ශත වර්ෂයත්, කි‍්‍ර.ව. 19 වන ශත වර්ෂයත් අතර කාලය තුළ රචනාවට ලක් වී තිබෙන්නකි.
ජනතාවට සිදුකරනු ලබන ආගමික මෙහෙවරට අමතරව, අධ්‍යාපනික හා සාහිත්‍යය සේවාවන් කෙරෙහි
ද උන්වහන්සේලාගේ දායකත්වය හිමි වූ බව ඉන් පැහැදිලි වේ. ඒ අනුව බුදුසමය පසුබිම්
කරගනිමින් උන්වහන්සේලා විසින් ලියන ලද ග‍්‍රන්ථයන් තුළින් සිදු වූ ධර්ම
ශාස්තී‍්‍රය සේවය ද අපරිමිත වෙයි.
සිංහල සාහිත්‍යාවලිය තුළ රචනාවට ලක් වූ ගද්‍ය පද්‍ය කෘතීන් සඳහා පසුබිම් වූ
ක්ෂේත‍්‍රයන් පිළිබඳ මෙහිදී විග‍්‍රහයට ලක් කිරීමේ දී විශේෂයෙන් ම බුදුරදුන්ගේ නව
අරහාදී බුදුගුණයන් විස්තර කිරීමට කටයුතු කළ ආකාරයක් දැකගත හැකි ය. පොළොන්නරු යුගයේ
දී ගුරුළුගෝමී පඬිතුමන් පුරිසධම්ම සාරථි ගුණය විස්තර කරමින් රචිත අමාවතුරත්, දඹදෙණි
යුගයේ දී මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර හිමියන් ”අරහං”යන පදය පදනම් කරගනිමින්
බුදුන්ගේ පූජාර්හ ගුණය විස්තර කරලීමට රචිත පූජාවලියත්, ”බුද්ධ”යන පදය තේමාව
කොටගනිමින් වැලිවිට ශී‍්‍ර සරණංකර හිමියන් විසින් මහනුවර යුගයේ දී රචනාවට ලක් කළ
සාරාර්ථ සංග‍්‍රහයත්, ”සත්ථා”යන පදය ගෙන තිබ්බොටුවාවේ බුද්ධරක්ඛිත හිමියන් විසින්
රචිත සද්ධම්මෝවාද සංග‍්‍රහය ද මෙහිදී වැදගත් කෘති අතර වෙයි.
පාඨකයන්ගේ ශ‍්‍රද්ධාව, වර්ධනය කරගනුවස් රචිත විද්‍යා චක‍්‍රවර්තී පඬිවරයාණන්ගේ
බුත්සරණත්, එයට අමතරව දහම් සරණ, සඟසරණ කෘති මෙන් ම, පාඨකයාගේ සදාචාරය වර්ධනය කරමින්
අකුසලින් මුදවා කුසලය වෙත යොමු කරවනු සඳහා රචිත බෞද්ධ කෘති අතර ධර්මසේන හිමියන්ගේ
සද්ධර්ම රත්නාවලිය, ධර්මකීර්ති හිමියන් විසින් රචිත සද්ධර්මාලංකාරය, විමලකීර්ති
හිමියන් විසින් රචිත සද්ධර්මරත්නාකරය වැදගත් වෙයි. එයට අමතරව බෞද්ධයන්ගේ
වන්දනාමානයට පත්වන ති‍්‍රවිධ චෛත්‍යයන් මූලික කරගනිමින් රචිත ථූපවංසය, දළදා සිරිත,
ධාතු වංසය, බෝධිවංසය හා වීදාගම හිමියන් විසින් කෑම වේලක් වෙනුවෙන් දුගියෙකුට හිස
දන් දුන් අයුරු දැක්වෙන සිරිසඟබෝ කතා පුවත අළලා ලියැවුණු එළුඅත්තනගලු වංසය මෙහිදී
සඳහන් කළ යුතු ග‍්‍රන්ථ අතර වේ.
සිංහල ගද්‍ය සාහිත්‍යයට අමතරව ගොඩනැඟුණු සිංහල පද්‍යය සාහිත්‍යය ද බෞද්ධ ජාතක කතා
පදනම් කර ගනිමින් රචනාවට ලක් වූවකි. සංස්කෘත මහා කාව්‍යයන් අනුගමනය කර ගනිමින්
සිංහලයේ මුල් ම පද්‍ය රචනාවට ලක් වී ඇතත් එයට වස්තු විෂය සපයන ලද්දේ ජාතක කතා වෙයි.
දැනට පිළිගන්නා පරිදි පැරණිම ගී කාව්‍යය වනුයේ, හිස නර කෙසක් දුටු කෙණෙහි රාජ්‍යය
අත් හරිමින් තපසට ගිය මඛාදේව රජතුමන්ගේ පුවත ඇතුළත් ව ලියැවුණු මුවදෙව්දාවත සඳහන්
කළ හැකි ය.
එයට අමතරව කුසගිනි ව පැමිණිය දින්නකු වෙත සිය ඇඟ මස් පූජා කළ සස බෝසතුන්ගේ පුවත
ඇතුළත් සස ජාතකය ඇසුරින් නිර්මිත සසදාවත වේ. තව ද කව්සිළුමිණ, ගුත්තිල කාව්‍යය,
කාව්‍යශේඛරය, දහම්සොඬ කාව්‍යය, සඳකිඳුරුදා කව හා වෙසතුරු දා කව ඉතා ජනපි‍්‍රය වූ
කාව්‍යයන් අතර මුල් තැනක් ගනි.
පෙහෙවස් සමාදන් වූ දිනයන් හි දහම් පොත් කියවීම බෞද්ධයින් විසින් සිය සිරිතක්
කරගන්නා ලදි. ඒ අනුව අකුරු දන්නවුන් විසින් එය ශබ්ද නඟා කියවන කල්හි අකුරු
නොදත්තවුන් විසින් සාවධාන ව එය සාධුකාර නඟමින් ශ‍්‍රවණය කරන ලදි.
පැරැණි ගත්කරුවන් විසින් ග‍්‍රන්ථකරණයේ කිවි මඟ මෙන් ම බණ මඟ අනුගමනය කරන ලද බවට
පැහැදිලි වේ. කාව්‍යාලංකාර ගුරු කොට ගනිමින් රචනා කිරීම කිවි මඟ වන අතර, ධර්ම
මාර්ගය පාදක කර ගනිමින් රචනා කිරීම බණ මඟ වෙයි. එහිදී අලංකාරයන්ට මූලිකත්වයක් ලබා
නොදී ම දැකගත හැකි ය. බෞද්ධයින් තුළ ශ්‍රද්ධා භක්තිය උපදවාලනු වස් රචනාවට ලක් කළ
කෘතියක් ලෙසට මෙහිදී බුදුගුණාලංකාරය හඳුනා ගත හැකි ය.
වීදාගම මෛතී‍්‍රය හිමියන් විසින් රචනාවට ලක් කරන ලද එම කෘතියට වස්තු විෂයය වී
ඇත්තේ විශාලා මහනවර තුන්බිය සම්බන්ධ කතා පුවත ය. මෙහිදී උන්වහන්සේ විසින් තත්කාලීන
බමුණු දේව ඇදහිලිවල ඇති නිස්සාරත්වය පෙන්වා දෙමින් බුදුගුණ මතු කරනුවස් කටයුතු කරන
ලද බව පෙනේ.
කයනම් අසාරය
බවනම් බයංකාරය
කියනුව දිවා රැය
කියම් බුදු ගුණ අලංකාරය
සමස්ත කාව්‍යය පුරාවට ම උන්වහන්සේ විසින් බුදුගුණ හුවා දැක්වීමට කටයුතු කර තිබෙන
අතර, එහිදී මතුවන සුවිශේෂී බවක් නම් තත්කාලීන බොහෝ කාව්‍යය රචකයින් විසින් දේව
වන්දනයට මුල් තැනක් දෙමින් කාව්‍යය නිර්මාණ ආරම්භ කිරීමට කටයුතු කළත් දේව වන්දනය
තරයේ ප‍්‍රතික්ෂේප කරනු ලබන මෛතී‍්‍රය හිමියන් විසින් එලෙස කටයුතු නො කරමින්
බුදුන් වහන්සේට පමණක් මූලිකත්වය ලබාදීමක් දැකගත හැකිවීම ය.
ඔහු නොවැඩි දෙස් දෙස්
ඔහු දෙස නොනැමි ඉස් ඉස්
ඔහු නුදුටු ඇස් ඇස්
නොවෙයි ඔහු ගුණ නොවැකි බස් බස්
බුදුන් වහන්සේගේ ගුණ සමුදාය, රූපශී‍්‍රය, උන්වහන්සේ විසින් පිදුම් ලැබූ ආකාරය
පිළිබඳ සරල බසින් වර්ණිත කරමින් ඒ තුළින් උන්වහන්සේ පිළිබඳ අපරිමිත ශ‍්‍රද්ධා
භක්තියක් පාඨකයා තුළ ඇති කරලීමට කටයුතු කර ඇති ආකාරය ප‍්‍රශංසනීය වෙයි.
ති‍්‍රවිධ රත්නයේ ගුණ වර්ණිත කරමින් රචනාවට පාත‍්‍ර වූ උසස් සම්භාවනීය
ග‍්‍රන්ථයක් නො වූව ද තුන් සරණය නම් වූ පද්‍ය කෘතිය වනාහි සාමාන්‍ය ගැමි ජනයා අතර
ඉතා ජනපි‍්‍රය ජන පද්‍ය කෘතියකි.
බුද්ධං සරණේ සිරස දරා ගෙන
ධම්මං සරණේ සිත පහදා ගෙන
සංඝං සරණේ සිවුරු දරා ගෙන
ඉඤ්ඤයි තුන් සරණේ අදහා ගෙන
කවියා විසින් තෙරුවන් ගුණ වර්ණනය ආරම්භ කරන මෙම පද්‍ය සිංහලයන් අතර ඉතා ජනපි‍්‍රය
වුවකි. කතා ව්‍යවහාරයෙන් ම රචිත මෙහි තුන් සරණය පිළිබඳ අසා නොමැති අයෙකුට වුව ද
වටහාගත හැකිවන අයුරින් පද්‍ය රචනා කර තිබීම නිසාවෙන් සාමාන්‍යය ජනයා තුළ ඉතා බහුල ව
භාවිත කරන්නට ඇති බවට හඳුනාගත හැකි වෙයි. ගීතවත් ව ගායනයට හැකිවීම නිසාවෙන් ජනයා
අතර ජනපි‍්‍රය වූ මෙම කෘතිය තුළින් ති‍්‍රවිධ රත්නය පිළිබඳ ශ‍්‍රද්ධාව භක්තිය
වර්ධනයට වූ අභිප‍්‍රායක් කතුවරයා තුළ වූ බවට පැහැදිලි වෙයි.
සිය ආගමික උරුමය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමටත්, සිය දැනුම දියුණු කර
ගැනීමටත් මෙන් ම ති‍්‍රවිධ රත්නය කෙරෙහි ශ‍්‍රද්ධාව භක්තිය උපදවා ගැනීමට ද ඒ
තුළින් හැකිවේ. එහිදී ලෞකික සුව විඳීන අතර ම, ආධ්‍යාත්මික සුවයක් අත්විඳ ගැනීමට
හැකිවීම පුද්ගල අභිවෘද්ධිය කෙරෙහි නිසැකයෙන් ම හේතු වන්නේ ය. |