ඉල් පුර පසළොස්වක 2020.11.29
ආකල්පමය වෙනසකට ...
මේ ලොව බොහෝ දෙනා අන්ධ ය. මනාව පෙනෙන්නේ ස්වල්ප පිරිසකට ය, යනුවෙන් බුදුරජාණන්
වහන්සේ එක් අවස්ථාවක දේශනා කොට වදාළහ. එයින් අර්ථවත් කළේ සාමාන්‍ය දෙනෙතින් ලෝකය
නොදකින අන්ධ පුද්ගලයින් ගැන නොවේ. මේ ලෝකය පිළිබඳ ව නිවැරැදි ව දකින්නට නොහැකි
ප්‍රඥා නැමැති ඇස නොමැති පුද්ගලයින් පිළිබඳ ය.
ඔවුහු මුළා වූවෝ ය. ඒ කවර මුළාවක් ද? ලෝභයෙන්, ද්වේෂයෙන් මෝහයෙන් මුළාවීම ය. මුළා
වූවහුට හොඳ නරක නොපෙනේ. වැරැද්ද, නිවැරැද්ද නොපෙනේ. ජීවිතාවබෝධය නොමැති ඔවුහු
හොඳින් හෝ නරකින් ආත්මාර්ථ සාධනයෙහි නියැළෙති. ඒ ආත්මාර්ථය සපුරා ගැනීම තුළ ද තමන්ට
වන අනර්ථය හෝ නොදකී. ආධ්‍යාත්මික පරිහානිය නොදකී.
සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවන් පිළිබඳ බුදු දහමේ ඉගැන්වේ. කෙනෙක්
ආධ්‍යාත්මික දියුණුවක් ලබන්නට නම් පළමුව සීලයෙහි පිහිටිය යුතු ය. විනයක්, හික්මීමක්
නැති පුද්ගලයාට ආධ්‍යාත්මික වශයෙන් උසස් තත්ත්වයකට පත්විය නොහැකි ය. එවැනි
පුද්ගලයන් නිසා සමාජය ද අනාරක්ෂිත ය. මීට හොඳම උදාහරණය උදාවී ඇති කොවිඩ් වසංගතය
හමුවේ දී අපි වඩාත් ප්‍රායෝගිකව ම අත් විඳිමු.
වෛරසයට ආසාදිත වූ ඇතැම් පුද්ගලයන්ගේ අවිනය කෙතරම් බලවත් වීද යත් දැඩි නීති
පැනවීමෙන්, මහත් වෙහෙසක් දරමින්, පසු පස හඹා යමින් ඔවුන් පාලනය කරන්නට සිදුව තිබේ.
තමන්ගේ ජීවිතය ගැන හෝ හැඟීමක්, ආරක්ෂාකාරි බවක් ඇති කරගත නොහැකි පුද්ගලයකුගෙන් සමාජ
හිතකාමී බවක් කෙසේ නම් අපේක්ෂා කරන්න ද?
මෙවැනි හැසිරීම් සමාජයක ඉදිරියට කිසිසේත් ම සුදුසු නොවේ. ආධ්‍යාත්මික පරිහානිය තුළ
එක් අයකුගේ විනාශකාරි හැසිරීම් වුව මුළු සමාජයක්, රටක්, ලෝකයක් අඳුරේ හෙළන්නට
අපහසුතාවයට, පීඩාවට, විනාශයට පත් කරන්නට මඟ නොසාදනු ඇතැයි ප්‍රත්‍යක්ෂයෙන් කිව
නොහැක. නීති පැනවීමෙන් පමණක් මේ අනර්ථයන්ට වැට නොබැඳිය හැකි ය. උණ පුරුකේ දැමුව ද
සුනඛයාගේ වලිගයේ ඇදය දිග නොහැරෙන්නා සේ කොපමණ නීති පැනවුව ද එහි ලිහිල් බවක් දුටු
තැන අවිනය ම දර්ශනය වනු ඇත.
තමන් ගැන , අනුන් ගැන සුබවාදී සිතින් දකින්නට, තමන්ට ද, අනුන්ට ද ගෞරවයක් වන ලෙස
පැවතුම් ගොඩනඟා ගන්නට මිනිස් වර්ගයා වෙනුවෙන්, ගහකොළ සතා සීපාවුන් ඇතුළු මේ මුළු
මහත් පරිසරය වෙනුවෙන් සංවේදී වන්නට ආකල්පමය වෙනසක් ඇති කරන්නට තබන පියවර අනාගතයට
අමිල ආයෝජනයක් ම ය.
ස්වභාවයෙන් ම මිනිස් සිතෙහි දලුලා, සමාජයෙන් ද පෝෂණය වෙමින් අතු ඉතිලා වැඩෙන ලෝභය,
ද්වේෂය, මෝහය ආදි කෙලෙස්වලට මතුවන්නට ඇති ඉඩ අහුරවමින් කරුණාවෙන්, දයාවෙන් පිරි
මුදු මොළොක් බවින් යුතු මිනිස් දරුවෙක් සමාජගත කිරීම මහත් අභියෝගයක් ව පවතී.
දූෂිත සමාජයක එසේ කළ නොහැකි යැයි කෙනෙක් තර්ක කළ ද අපගේ ශාස්තෘන් වහන්සේගේ ශී‍්‍ර
සම්බුද්ධ චරිතය ම ඊට උදාහරණ කොට ගනිමින්, ඒ අභියෝගය ජය ගැනීමට අධිටන් ඇති කර ගන්නට
හැකි ය. ගොහොරු මඩක පිපි සියපතක් සේ උන්වහන්සේ මුළු මිනිස් සමාජය ම සුවඳවත් කළහ.
මිනිස් දරුවා ආධ්‍යාත්මික ව ගොඩනඟන්නට උන්වහන්සේගේ ධර්මය අපට මඟ පෙන්වයි.
කළ යුතු දරුවන් මෙහෙයවන මව්පිය ගුරුවරුන් ඇතුළු මඟ පෙන්වන්නන් විසින් ඒ මඟ දරුවන්
රැගෙන යෑමය. ප්‍රායෝගකව දරුවන්ට සිල්වත්කම පුරුදු පුහුණූ කරවිය යුතු ය. ආධ්‍යාත්මික
ව පෝෂණය කළ යුතුය. එවිට හික්මීමෙන් යුතු විනය ගරුක සමාජයක අරුණාලෝකය දස දිග පැතිර
යනු ඇත.අන්ධ බව පහව යනු ඇත. බොහෝ ප්‍රශ්නවලට විසඳුම එතැන ය. |