බලවත් ම
අවිය
මහාචාර්ය
ඉත්තදෙමළියේ
ඉන්දසර හිමි
ජපානයේ ප‍්‍රාදේශීය යුද්ධයක් පැවැති අවස්ථාවකි. සේනාධිපති නගරයෙන් නගරය යටපත්
කරමින්, පහසුවෙන් ජයග‍්‍රහණය ලබමින් ඉදිරියට ගියේ ය.
එක්තරා විශේෂ නගරයක සෙන් විහාරස්ථානයක් විය. එහි සෙන් ගුරුවරයා හැර අන් සියලු දෙන
ඔහුගේ හමුදාව පැමිණීමට සුළු මොහොතකට කලින් පලා ගොස් ඇති බව ඔහු සොයා ගත්තේ ය.
පලා නොගිය මේ අපූරු මිනිසා කවරකුදැයි බලා ගැනීමට සේනාධිපති පන්සලට ගියේ ය. සෙන්
ගුරුවරයා නිශ්ශබ්ද ව, නිශ්චල ව සිටියි. ගුරුවරයා සේනාධිපතිට ආචාර කිරීමක් හෝ
පැමිණීම ගැන කිසිදු සැලකිල්ලක් සිදු කළේ නැත.
සේනාධිපතිගේ බලය ගැන කිසිදු සැලකිල්ලක් නොකළ සෙන් ගුරුවරයා කෙරෙහි සේනාධිපති
කෝපාවිෂ්ට විය.
”මෝඩයා” කියා කෑ ගසමින් සේනාධිපති කඩුව අදිමින් ” උඹ දැක්කේ නැද්ද උඹ ඉන්නෙ
නිමේෂයකින් පලා යා යුතු මිනිසකු ඉදිරියේ කියා” යැයි විමසී ය.
සෙන් ගුරුවරයා සන්සුන් ව පිළිතුරු දුන්නේ ය.
”උඹ දකින්නෙ නැද්ද උඹ හිටගෙන ඉන්නෙ නිමේෂයකින් පලා යා හැකි මිනිසකු ඉදිරියේ කියා”.
සෙන් ගුරුවරයාගේ පිළිතුරෙන් යටහත් පහත් වූ සේනාධිපති තම හමුදාව ආපසු කැඳවා
විහාරස්ථානයෙන් බැහැරට ගියේ ය.
මෙම සෙන් කතාවෙන් බලය සහ එයින් ජීවිත පාලනය කිරීම පිළිබඳ මිථ්‍යාව පෙන්නුම් කරයි.
හමුදාව සහ විශිෂ්ට ආයුධ තිබියදීත් සේනාධිපති ආධ්‍යාත්මික ආයුධ ඇති භික්‍ෂුව ඉදිරියේ
පසුබසින අයුරු දැකිය හැකි ය.
මෙය අපට එදිනෙදා ජීවිතයේ ද දැකිය හැකි ය. කවර හෝ දාමරිකයකුට බලය පෙන්වීම සඳහා වචන,
බිය ගැන්වීම් හෝ සැහැසිකම් භාවිත කළ හැකිය.එහෙත් එහිදී සැබෑ ශක්තිය, සන්සුන් ව
සිටීම සහ අවිහිංසාව පුරුදු කිරීමයි.
බලවත් ම අවිය ඔබගේ මනස යි. |