[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

පසුතැවීම් නැති ජීවිතයකට පින් පව් හඳුනා ගන්න

නතං කම්මං කතං සාධු - යංකත්වා අනුතප්පති - යස්ස අස්සුමුඛො රොදං - විපාකං පටිසේවති, සකල සතවෙත සුපතළ මහා කරුණා ඇති අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි සීසාන ගොවියකු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. සැවැත් නුවර වාසී ගොවියකු නුවරට නුදුරුව කුඹුරක් සී සෑම පිණිස කුඹුරට ගියේ ය. සොරු කණ්ඩායමක් රාත්‍රියෙහි ධනවතකුගේ ගෙයක් බිඳ එම කුඹුරේ සොරොව්ව ළඟ තබා ධනය බෙදා ගත්හ. එක් සොරකුගේ දහසින් බැඳි මසුරන් මල්ලක් අමතක වී එම ගොවියා සීසාන සමීපයේ ම තිබුණි. අප බුදුරජාණන් වහන්සේ අලුයම ලොව බලන සේක් එම ගොවියා හට පැමිණෙන විපත ද. සෝවාන් මඟට පැමිණීමේ වාසනාව ද දිවැසින් දැක අනඳ තෙරුන් සමඟ පෙරවරු එම කුඹුරට වැඩි සේක. සී සාමීන් සිටි ගොවියා බුදුරදුන් දැක වැඳ සී සෑමෙහි යෙදුණේ ය. බුදුරජාණන් වහන්සේ, ආනන්දය සර්පයා දුටුවේ දැයි ඇසූ සේක. ආනන්ද හිමියෝ ස්වාමීනි සර්පයා දුටුවෙමි’යි පිළිතුරු දුන්හ. මෙයට සවන් දුන් ගොවියා එතැන පරික්ෂා කොට සර්පයකු නොදැක, මුදල් මල්ල දැක එය සඟවා තබා සී සාන්න පටන් ගත්තේ ය. පා සටහන් ඔස්සේ සොරුන් සොයන රාජපුරුෂයෙක් මුදල් බෙදාගත් තැන් පරික්ෂා කර බලා මුදල් මල්ල සමඟ ගොවියා අල්ලා ගත්තේය. රාත්‍රී සොරකමේ ගොස් භාණ්ඩ සඟවා දැන් සීසාන අයුරු බලවයි කියමින් ගොවියාට තළා පෙළා ගෙන ගොස් රාජ දඬුවම් පැමිණ වූහ. බුදුරදුන්, ආනන්ද සර්පයා දුටුවේ දැයි, වදාළේ මේ විපත නිසා යැයි සිතා ගොවියාගේ මුවින් කීප වරක් ම ‘ආනන්ද සර්පයා දුටුවා’දැයි යන වදන පිටවිය. රාජ පුරුෂයන් එම වාක්‍යයේ අර්ථය විමසන විට ගෙවියා නොසඟවා සිද්ධිය විස්තර වශයෙන් ප්‍රකාශයට පත් කළේ ය. එය ඔහුගේ නිදහසට හේතුවිය. බුදුරජාණන් වහන්සේ මේ කාරණය නිමිති කරගෙන මුලින් දැක්වූ ගාථා ධර්මය දේශනා කළ සේක. දේශනාව අවසානයේ ගොවියා සෝවාන් ඵලයට පත්විය. යමක් කිරීමෙන් පසුතැවිලි වේ ද, විපාකය හමුවේ කඳුළින් පිරුණු මුහුණින් හඬා වැළපීමට සිදු වේ ද, එවැනි පව් කම් නොකිරීම යහපති. පින්වත්නි, මෙම ගාථා ධර්මයෙන් අපට ප්‍රධාන කාරණා කීපයක් පිළිබඳව අවධාරණය කරයි.


  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]