[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අනුබුදු මිහිඳු මා හිමි ගුණ සමරමින් ඓතිහාසික මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ ඇරඹෙයි

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා දෙදහස් දෙසිය අසූවන (2280) සංවත්සරය නිමිති කර ගනිමින් ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථාන පුදබිම කේන්ද්‍ර කර ගෙන විශේෂ පුණ්‍ය උත්සවයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24 වැනි දා පස්වරුවේ පැවැත්විණි. මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්, කිරිබත්ගොඩ ඤාණානන්ද නා හිමියන් ප්‍රමුඛ මහමෙව්නා භාවනා අසපු සංචිතයේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ වැඩ ආරම්භ කරනු ලැබී ය.ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හා මිහිඳු මහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති ශෛලමය කරඬුව කි‍්‍ර. පූ. 03 වැනි සියවසට අයත් බව සැලකෙන අතර, සැදැහැවතුන්ගේ වන්දනාමාන පහසුවට සුදුසු පරිදි ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම වැඩපිළිවෙළහි එක් අදියරකි. මිහිඳු මහ රහතන් වහන්සේගේ පළමු පාදස්පර්ශය සිදු වූ ස්ථානය සේ සැලකෙන චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටි සේල වෛත්‍ය මලුවේ ඉදි කෙරුණ අනුබුදු මිහිඳු පිළිරුව ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.ක්‍රි. පූ 200 - 210 අතර කාලයේ රජ කළ දෙවනපෑතිස් රජතුමාගේ බාල සොහොයුරු උත්තිය රජු මිහිඳු මහ රහතන් වහන්සේගේ භස්මාවශේෂවලින් කොටසක් නිධන් කොට මිහිඳු මහ සෑය ඉදිකළ බව මහාවංශයේ සඳහන් වෙයි. මෙරට ඇති සෑ රදුන් වහන්සේ අතරින් පැරණිතම චෛත්‍යයක් ලෙස මිහිඳු මහා සෑය සලකනු ලැබේ. දීර්ඝ කාලයක සිට නටබුන් ව ඇති මිහිඳු මහ සෑය පෞරාණිකත්වය ආරක්ෂා වන අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම ද මේ සමඟින් ආරම්භ විය. 2014 වසරේ වැඩ ආරම්භ කරන ලදුව, 2015 වසරේ සිට නැවතී තිබූ ධර්මශාලා මන්දිරයේ ඉදිකිරීම් ද ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමී ව සිදු කෙරේ. ජපානය ඇතුළු අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි නා හිමියෝ ඊට දායකත්වය සපයති. සියලු ඉදිකිරීම් ලබන පොසොන් පොහොයට පෙර අවසන් කිරීමට සැලසුම් කර තිබේ.


  වප් පුර පසළොස්වක 

     ඔක්තෝබර් 30 සිකුරාදා අපර භාග 05.45 න් පසළොස්වක ලබා 31 සෙනසුරාදා අපර භාග 08.19 න් ගෙවේ. 
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 30

Second Quarterඅව අටවක

නොවැම්බර් 08

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]