සෞභාග්‍යවත් රටක උදාවට
බෞද්ධ උපදේශක සභාවේ මෙහෙවර
ජාතික පිරිවෙන් උපදේශක
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
අපේ රටේ නව වැනි පාර්ලිමේන්තුව ආරම්භ කරන අවස්ථාවේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට
කියා සිටියේ "බෞද්ධ උපදේශක සභාවක් පිහිටුවා, ඒ හරහා අවවාද අනුශාසනා අරගෙන යි මම මේ
රට පාලනය කරන්නේ" යනුවෙනි.
සමාජයක් ගුණගරුක වන්නේ ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන්, ආගම දහමට ලැදි පුරවැසියන් එහි
බහුල වූ විට ය. ශ්‍රී ලංකාව ගුණ දහමින් සපිරි රටක් බවට පත්ව ඇත්තේ චිරාත් කාලයක්
තිස්සේ බුදුදහම ප්‍රමුඛස්ථානයේ තබා ගනිමින් හින්දු, කිතුණු, ඉස්ලාම් ආදී විවිධ ආගම්
අදහන ජනතාව පවත්වාගෙන එන ආගමික සහජීවනය නිසා ය. යන සුවිශේෂී උධෘතය රට හදන සෞභාගයේ
දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් ය. ඒ, ආගම දහමට ප්‍රමුඛස්ථානය කියන අනු
මාතෘකාව යටතේ ය.
ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ලෙස නව වන වගන්තියේ “බුද්ධාගමට හිමි
ප්‍රමුඛස්ථානය හා බුද්ධ ශාසනය අප විසින් ආරක්ෂා කරනු ලැබේ යන වගන්තිය ද, ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ අනෙකුත් වගන්තිවල සඳහන් වන ආකාරයට “සියලු ආගම්වලට පිරිනැමෙන සියලු
අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සඳහා රජයට පවරා ඇති වගකීම ද අපි නොපිරිහෙලා ඉටු
කරන්නෙමු. සියලු ආගමික අන්තවාදයන්ට එරෙහිව නොබියව පියවර ගන්නා අතර එමඟින් සෑම
පුරවැසියෙකු ට ම තමන්ගේ ආගම බියෙන්, සැකයෙන් තොරව ඇදහීමේ අයිතිය සහතික කරනවා කියන
ප්‍රකාශනයන් ද පාදක කොට ගනිමිනි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් බෞද්ධ
උපදේශක සභාවක් පිහිටුවනු ලැබුවේ. නිවන්මඟ අරමුණූ කොටගෙන ප්‍රවෘජ්‍යාවට පැමිණි
ස්වාමීන් වහන්සේ අතරින්, ශ්‍රී සද්ධර්මය පිළිබඳ ව පමණක් නොව ජාතික මට්ටමේ විවිධ
විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ නිපුණත්වයක් ලද රට පුරා වැඩ සිටින ප්‍රමුඛ පෙළේ භික්ෂූන්
වහන්සේ සතළිස් නමක් පමණ මෙම බෞද්ධ උපදේශක සභාවට එක් වී සිටිති.
මේ සුවිශේෂී කාර්ය භාරයේ දී ජනාධිපතිතුමා විසින් අපේක්ෂා කරනු ලබන්නේ සංඝයා වහන්සේ
පිළිබඳ ව තිබෙන ප්‍රශ්න විශේෂ කොට විසඳීමට ය. එම කාර්යාවලියේදී දුෂ්කර ප්‍රදේශයන්
හි ඇති විහාරස්ථාන, නිසියාකාරයෙන් පවත්වාගෙන යාම සඳහා ශක්තිමත් දායක සභාවක් නොමැති
සියලුම විහාරස්ථාන හා දසසිල් මාතා ආරාමවල සනීපාරක්ෂක පහසුකම්, ජලය. විදුලිය ප්‍රවේශ
මාර්ග වැනි සියලු යටිතල පහසුකම් සංවර්ධය කිරීම ය. ඒ සඳහා ‘සසුන් උදාව' නමින් ජාතික
වැඩසටහනක් ආරම්භ කොට ඒ යටතේ බුද්ධ ශාසන අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් එම
සංවර්ධන හා නඩත්තු කටයුතු සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට සක්‍රිය ක්‍රමවේදයක් මෙම
උපදේශක සභාව මඟින් සකස් කරේ.
භික්ෂූන් වහන්සේ සහ දායක සභාව කේන්ද්‍ර කරගනිමින් ගමේ පන්සල් තුළින් සමාජ, ආර්ථික
සහ සාරධර්ම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරවීමට ද අවශ්‍ය උපදේශනය බෞද්ධ උපදේශක
සභාව ඔස්සේ ලැබේ.
තරුණ භික්ෂූන් වහන්සේගේ ඉංගී‍්‍රසි භාෂා දැනුම, පරිගණක හා තාක්ෂණික දැනුම වර්ධනය
කිරීම සඳහා නව අධ්‍යාපන වැඩ සටහනක් සකස් කර එම භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන වියදම්
ප්‍රතිපූර්ණය කිරීම සඳහා මාසික අනුග්‍රාහකත්ව දායකත්ව ක්‍රමයක් හඳුන්වා දීම ද බෞද්ධ
උපදේශක සභාවෙන් අපේක්ෂා කෙරේ. එය විශේෂයෙන් භික්ෂූ සමාජය සංවර්ධනය කිරීමේ
අපේක්ෂාවෙන් සිදු කෙරෙන්නකි.
ඉතිහාසය පුරා මේ රටේ ආරක්ෂාව හා සමාජ සුබ සිද්ධිය වෙනුවෙන් පෙනී සිටියේ භික්ෂූන්
වහන්සේ ය. එම උතුම් කාර්ය වෙනුවෙන් තම දරුවන් ශාසනයට පූජා කළ මව්පියන් සියලු දෙනාට
රාජ්‍ය ගෞරවය දැක්වීම සඳහා බුදු පුත් මාපිය හරසර නමින් වැඩසටහනක් ක්‍රියාත්මක ය. එම
මව්පියන් ඇගයීම සඳහා සහන සැලසීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද බෞද්ධ උපදේශක
සභාවට විශේෂ වගකීමක් පැවරී තිබේ.
පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම ද විශේෂ කාලීන අවශ්‍යතාවකි. ඒ සඳහා අධ්‍යාපන
අමාත්‍යංශය යටතේ විශේෂ වැඩපිළිවෙළක් සකස්කොට එමඟින්, පරිවේණාධිපති ස්වාමීන් වහන්සේ
ගේ, පිරිවෙන් කෘත්‍යාධිකාරි ස්වාමීන් වහන්සේගේ හා දහම් පාසල් ගුරුවරුන්ගේ නොවිසඳී
ඇති පත්වීම්. වැටුප්. දීමනා පිළිබඳ ගැටලු නිරාකරණය කිරීම ද මෙම උපදේශකත්වය යටතේ
සිදු කෙරේ.
චිරාත් කාලයක් සාමකාමී ව සහ සහජීවනයෙන් ජීවත් වූ ශ්‍රී ලාංකේය සමාජය තුළ
අන්තවාදයෙන් තොර සැබෑ දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය අංගයකි. එහිදී
සෑම ආගමකම ලියාපදිංචි දහම් පාසල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීමට පළාත් සභා සමඟ ඒකාබද්ධ
වැඩසටහනක් ආරම්භ කිරීම ද විශේෂයෙන් මේ උපදේශක සභාව මුල්කොට ගෙන ක්‍රියාත්මක වේ.
ඒ අනුව බෞද්ධ උපදේශක සභාව ආගමික වශයෙන් බුදු දහමට සීමා වූවක් නොවේ. එහෙත් බෞද්ධ
ස්වාමීන් වහන්සේලාගේ උපදේශනය පරිදි අපේ රටේ අනෙක් සහෝදර ආගම්වල සියලුම ආරක්ෂණය,
සංවර්ධනය පිළිබඳව අවශ්‍ය කටයුතු කිරීමත් සිදුවේ.
එමෙන්ම අපේ සියලුම ප්‍රශ්න, ජාතික ගැටලු පිළිබඳව ජාතික පදනමක් මත පිහිටා බෞද්ධ
උපදේශක සභාවේ උපදේශකත්වය අනිවාර්යයෙන්ම අවශ්‍ය බව ද ජනාධිපතිතුමා උපදේශක සභාවෙන්
ඉල්ලා සිටියේ ය.
මෙම උපදේශක සභාව සෑම මසකම තුන්වැනි සතියේ සිකුරාදා දිනයේ රැස්වන්නේ ජාතික ගැටලු,
ජාතික ප්‍රශ්න පිළිබඳව භික්ෂූන් වහන්සේගේ උපදෙස් අපේක්ෂාවෙනි. සාමාන්‍යයෙන් මාසයකට
වතාවක් මාතෘකාවක් දෙනු ලැබේ. ඒ මාතෘකා අතරින් මේ වන විට පුරාවිද්‍යාව පිළිබඳ
උපදේශකත්වය ලබා දී ඒ සඳහා අවශ්‍ය කරන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඒ හරහා
විනාශයට පත්වෙමින් යන සහ විනාශ කිරීමට ලක්ව තිබූ අපේ පුරා විද්‍යා භූමි රැක ගැනීමට
වැඩ පිළිවෙළක් ආරම්භ කොට තිබේ. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් වේ.
අවශ්‍ය මාතෘකාව යටතේ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිතුමා කිසි විටෙකත්
පසුබට නොවේ. ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු තැන ක්‍රියාත්මක වීම, කෙටි කාලීන, මධ්‍ය
කාලීන හා දිගු කාලීන විසඳුම් ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය වීම පැසසිය
යුතු ම ය.
මේ රටේ ළදරු අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය දහම්
පාසල් අධ්‍යාපනය ආදි මේ සෑම ක්ෂේත්‍රයකටම එක ම අමාත්‍යාංශයක් පළමුවැනි වතාවට
පිහිටුවා තිබේ. ඒ අධ්‍යාපනය පිළිබඳව තිබූ උපදේශක සභාවකදී, අධ්‍යාපනය සඳහා විශේෂයෙන්
ජනාධිපති කාර්ය සාධකයක් බිහිකිරීම තුළ ය. ඒ අනුව ලංකාවේ අධ්‍යාපනයට ඇත්තේ එකම
ප්‍රතිපත්තියක් බව ඒ කාර්ය සාධකය ඔස්සේ පෙන්වා දී තිබේ.
ඒ වගේම අපේ රටේ නව වැනි පාර්ලිමේන්තුව ආරම්භ කරන අවස්ථාවේ ජනාධිපතිතුමා
පාර්ලිමේන්තුවට කියා සිටියේ "බෞද්ධ උපදේශක සභාවක් පිහිටුවා, ඒ හරහා අවවාද අනුශාසනා
අරගෙන යි . මම මේ රට පාලනය කරන්නේ" යනුවෙනි. එය සුවිශේෂී ය. අතීතයේ අපේ රජ දරුවන්ගේ
වගකීම වුණේ බුදු සසුන, මේ භික්ෂු සමාජය ආරක්ෂා කරගැනීම ය. ඒ කාර්ය වර්තමාන රාජ්‍ය
නායකත්වය නිවැරැදිව තේරුම් ගෙන, බෞද්ධ උපදේශනය ලබා ගනිමින් මේ රට දස රාජ ධර්මයෙන්
පාලනය කිරීමට ඒ වගේම ගැළපෙන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී.
එය ජාතියක් ලෙස අගය කළ යුත්තකි.
බෞද්ධ උපදේශක සභාව දිගින් දිගට ම මේ රාජ්‍ය තුළ ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට,
ව්‍යවස්ථාදායකයත්, විධායකයත් ඒ වගේම අධිකරණයට පවා උපදේශකත්වයන් සැපයීමට හැකි විදිහේ
සම්භාවනීය මහා සංඝරත්නය සකස් වී ඇති බව සඳහන් කළ යුතු ය. උන් වහන්සේගේ ව්‍යායාමය
තවදුරටත් ජාතික මට්ටමින්, පර්යේෂණාත්මක ව, විමංශනයෙන් යුතු ව මාතෘ භූමියේ මූලික
තලවල සිට අදහස් අරගනිමින් අවසානයේ මේ උපදේශන සභාවට පැමිණ අවශ්‍ය කරන උපදේශ සභාවට
ඉදිරිපත් කිරීමට ශක්තිය ප්‍රාර්ථනා කරමු. එමෙන් ම ජනාධිපතිතුමාගේ උතුම් අරමුණ,
එතුමා ගේ අපේක්ෂා පරිදි අධ්‍යාත්මික සංවර්ධනයෙන් හෙබි, සෞභාග්‍යමත් රටක් හෙටට
බිහිකරන්නට ගන්නා ශක්තිය, කැපවීම ඉතාමත් අගය කොට සලකමු.
රමණි සුබසිංහ |