[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යස කුල පුතුගේ යහළුවන්ට
දහම් දෙසීම.
සිතුවම - හර්ෂ ගුණවර්ධන

   නිකිණි අමාවක පෝය 

   අගෝස්තු 18 අඟහරුවාදා පූර්වභාග 10.39 න් අමාවක පෝය ලබා 19 බදාදා පූර්වභාග 08.11 න් ගෙවේ.
අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 18

First Quarterපුර අටවක

අගෝස්තු 25

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 01

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 10

ඓතිහාසික සේරුවාවිල රජමහා විහාරයේ

96 වැනි ලලාට ධාතු පූජෝත්සවය අගෝස්තු 26 සිට සැප්තැම්බර් 02 දක්වා

ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ 96 වැනි වාර්ෂික ලලාට ධාතු නිකිණි මහා පින්කම අගෝස්තු 26 සිට සැප්තැම්බර් 02 දක්වා පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. විහාරාධිපති නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක දොම්පේ, පාළුගම භාවනා මධ්‍යස්ථානාධිපති, ආචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පින්කම්මාලාව පැවැත්වේ. අගෝස්තු 26 සවස සතිපිරිත් දේශනාව ආරම්භ කෙරේ. 27 සිට 31 දක්වා ලලාට ධාතු පූජාව, විදුලි ආලෝක පූජාව, ධර්ම දේශනා පවත්වන අතර, සති පිරිත් දෙසුම අවසන්වන දින අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේලාට සහ නැසීගිය විහාරස්ථ දායක පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කර සියක් නමක් විෂයෙහි සඟසතු දානමය පින්කමකි. සැප්තැම්බර් (01) පොහෝ දින විශේෂ පොහොය වැඩසටහන, රාත්‍රී ආලෝක පූජාව, ලලාට ධාතු පූජාව, දේවදූත පෙරහර, දොරකඩ අස්න දේශනාව සහ මල්වෙඩි සංදර්ශනයක්ද පැවැත්වේ. රටේ පවතින කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවර පෙරහර මහජනතාවට විවෘත නො වන අතර, පෞරාණික චාරිත්‍රවලට පමණක් සීමා කෙරේ. සැප්තැම්බර් (01) දා පොහෝ දින සියලු ආගමික වැඩසටහන් ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ සජීවී ව විකාශය කෙරේ.

 

ධර්ම දේශනාව:

ජීවිතයට ශක්තිමත් අරමුණක් ඕනෑ

සේලෝ යථා ඒක ගනෝ වාතේන න සමීරති - ඒවං නින්දා පසංසාසු න සමික්‍ධජන්ති පණ්ඩිතා සමාජයෙහි ජීවත්වන බොහෝ පුද්ගලයින් අටලෝ දහම හමුවෙහි කම්පිත වෙති. දුක සැප ආදිය සමව විඳ දරා ගැනීමට නොහැකිව බොහෝ පිරිස් තම ජීවිතයෙන් පවා සමුගනී. නිතර කළකිරීමෙන් ජීවත්වන මොවුන් තුළ කිසිදු පෞරුෂ ලක්‍ෂණයක් දැකිය නොහැකි ය. ඒ නිසාම ධම්මපදයේ දී මනෝ විද්‍යාත්මක අවධාරණය කරනු ලබන්නේ සියලු සැප දුක් හමුවේ සියල්ල විඳ දරාගෙන මැදහත් සිතින් යුක්තව වාසය කිරීම ඉතා වැදගත් වන බවයි. ඒ තුළින් පුද්ගල පෞරුෂ සංවර්ධනයක් නිරායාසයෙන් ම ඇතිවන ආකාරය මෙම ගාථාවෙන් පැහැදිලි වේ. පුද්ගලයෙකුට යම් අරමුණක් ඉටු කර ගැනීම සඳහා දැඩි උත්සාහයක් තිබිය යුතු ය. උත්සාහයෙන් තොරව කිසිදු අරමුණක් ඉටුකර ගත නොහැකි ය. උත්සාහය තුළින් පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනයක් ඇති වන අතර උත්සාහයක් නැති පුද්ගලයා සතු ව කිසිදු පෞරුෂ ලක්ෂණයක් දැකිය නොහැකි ය. ඒ අනුව පුද්ගලයාගේ ලෞකික ජීවිතය මෙන් ම ලෝකෝත්තර ජීවිතය සාර්ථක කර ගැනීමට නොපසුබට උත්සාහයය ඉතා වැදගත් වෙයි. නූතනයේ බොහෝ පුද්ගලයන්ගේ පෞරුෂය හීන වීමට ජීවත්වන වටපිටාව, පරිසර හා සමාජය ප්‍රධාන සාධකයක් වී ඇත. මෙහි දී සමාජ ඇසුර ඉතාම වැදගත් වේ. පෞරුෂ හීන පුද්ගලයන් ඇසුරු කිරීමෙන් නිරායාසයෙන් ම අන්‍යයන්ගේ ද පෞරුෂය හීන භාවයට පත්වේ. යහපත් දැක්මකින් යුත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් පුද්ගල පෞරුෂය සංවර්ධනය කරගත හැකි බව ධම්මපදයේ දී මනෝවිද්‍යාත්මක උපදේශනයන් ලබා දෙනු ලබන්නේ මේ ආකාරයෙනි. " තමන්ට තමන් හැර අන් පිහිටක්, පිළිසරණක් නොමැති බව තේරුම් ගෙන ජීවත් විය යුතු ය. අනුන්ගෙන් යැපෙන බලාපොරොත්තුවෙන් ජීවත් නොවිය යුතු ය."

 

නුවණට සරිලන ගුණයෙන් උතුම් රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නා හිමි

උන් වහන්සේ ගේ සාධු චරිතය ලොකු කුඩා සැවොම විමසා, කියවා, සිතා, ලියා ආදර්ශයට ගත යුතු ඉතා දුර්ලභ උදාර චරිතයකි. ධර්ම ශාස්ත්‍රාලෝකයෙන් ලක්දිව අන්ත පරිහාණිකර තත්ත්වයකට පත්ව තිබූ අවධියක් ලෙස 19 වන සියවසේ මුල් භාගය හඳුන්වාදිය හැකි ය. මෙම තත්ත්වයෙන් අප ධර්ම ද්වීපය ආරක්‍ෂා කර ගැනීමට බෝධි සත්ත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ ජාතියේ පිනින් පහළ වූහ. උන් වහන්සේ ආරම්භ කළ අත්‍යුදාර ශාසනික මෙහෙවර අඛණ්ඩ ව පවත්වාගෙන යාමට 19 වන සියවසේ අග භාගය වනවිට පහළ වූ අග්‍රගණ්‍ය මහා යතිවරයන් වහන්සේලා බොහෝ සිටිය හ. සංඝරාජෝත්තමයාණන් වහන්සේ ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයත් උන් වහන්සේලා අතර කීර්තිමත් මහා යතිවරයෙකු ලෙස පණ්ඩිතාචාර්ය රත්මලානේ ශ්‍රී ධම්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඳුන්වා දිය හැකි ය. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ප්‍රදේශයේ විසූ රයිගම විදානෙලාගේ දොන් කොර්නේලිස් අප්පුහාමි හා අඹේපිටියගේ දෝන අද්‍රියානා හාමිනේ යන සැදැහැබර වාසනාවන්ත මව්පියන්ගේ පුත්‍රයෙකු ලෙස වර්ෂ 1828 මැයි මස 28 වැනිදා රත්මලානේ ශ්‍රී ධම්මාලෝක නා හිමියෝ ජන්මලාභය ලැබූ හ. වර්ෂ 1837 දී රත්මලාන පුරාණ විහාරයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භාවයට පත් වූයේ අඬුපේ සෝණුත්තර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ආචාර්යත්වයෙනි. පසුව පණ්ඩිතාචාර්ය මලිගස්පේ ශ්‍රී ධර්මකීර්ති, පණ්ඩිතාචාර්ය වලානේ ශ්‍රී සිද්ධාර්ථ යන බහුශ්‍රැත ධර්ම විනයධර මහ තෙරවරුන් වහන්සේලා වෙතින් ධම්මාලෝක හිමියෝ ධර්ම විනය, භාෂා ශාස්ත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ලැබූ හ. වර්ෂ 1860 දී මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී අධි සීල සංඛ්‍යාත උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූ අතර, එහි දී ඉදිරිපත් කළ අර්ථවත් පාලි නිබන්ධනය කෙරෙහි සංඝ සභාවේ බලවත් ප්‍රසාදය පළ කෙරිණි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]