ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ නිකිණි අමාවක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 අගෝස්තු 18 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වැලිතර මහ කරාවේ ඤාණවිමලතිස්ස මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රි.ව. 1803 දී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය වර්තමානය වන විට වසර 218ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය පෝෂණය කරමින් ලාංකේය ශාසනෝදය වෙනුවෙන් දැවැන්ත කාර්යයභාරයක් ඉටු කරමින් සිටී. එම අමරපුර මහ සංඝ සභාවේ අභිනව සංඝ සභා කාර්යාලය මේ මස 15 වන දින පස්වරු 04.00 ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි ප්‍රමුඛ මහ සංඝ රත්නයේ ආශීර්වාදයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සඟසතු කොට පූජා කිරීමේ මහෝත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහ ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනු නා හිමියෝ දන්වා සිටිති.
අගෝස්තු 18 අඟහරුවාදා පූර්වභාග 10.39 න් අමාවක පෝය ලබා 19 බදාදා පූර්වභාග 08.11 න් ගෙවේ. අඟහරුවාදා සිල්
අමාවක
අගෝස්තු 18
පුර අටවක
අගෝස්තු 25
පසළොස්වක
සැප්තැම්බර් 01
අව අටවක
සැප්තැම්බර් 10
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]