ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ නිකිණි පුර පසළොස්වක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 අගෝස්තු 03 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කසුප් සමිඳු මුල් වී බුදු බණ සැකසූ පළමු දහම් සංගීතිය සිදු කෙරුණු අබිදම් විනය සුතුරය තුන් පිටක මතූ පරපුර වෙතට නිති නිසි ලෙස දුන් මහරූ උතුම් පොහොය දිනය යි නිකිණිය සොඳුරූ අනඳ සමිඳු ලැබ අරහත් බව ඔකඳින් උතුම් රහත් සමිඳුන් හා එකතු වෙමින් පළමු වරට දම් සංගීතිය කරමින් දහම් විනය රැකගත් යුරු සිහි කරමින් අදත් නිකිණි සඳ ඇත අහසේ දිළෙමින් පින්බිම සේරුවිල වෙත දන රැස් වෙන්නේ ලලාට දා වැඳ පින් රැස්කර ගන්නේ පසුවස් එළඹුමත් නිකිණියෙ සිදු වෙන්නේ නිකිණි පොහොය එලෙසිනි වැදගත් වෙන්නේ
මාලබේ කේ. ඩබ්ලිව්. සිරිසේන
දහමින් විනා අදමින් වැඩ නොකළ යුතු අන් සතු දෙය එපා ඇති දෙය තමා සතු නො සොයා කිසිම දිනයක අන් අයගෙ තතු රට දැය නඟා පෙරට ම යා යුතු ය මතු
බාධක කම්කටොළු නිති පසුකර ලන්න නැණ ගුණයෙන් ඔබ දිවිමග බබළන්න නින්දා ප්‍රශංසා සමසේ පිළි ගන්න අටලෝ දහම අනුව ම ජීවත් වන්න
ගලේවෙල එච්. එච්. ආනන්ද සමරසිරි
සංස්කරණය ජම්මික ප්‍රබෝධනී වැලිකල
****
බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස ඉල් පුර පසළොස්වක පෝදා සිට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.
අගෝස්තු 02 ඉරිදා අපර භාග 09.29 න් පසළොස්වක ලබා 03 සඳුදා අපර භාග 09.28 න් පෝය ගෙවේ. සඳුදා සිල්
මීළඟ පෝය අගෝස්තු 11 අඟහරුවාදා
පසළොස්වක
අගෝස්තු 03
අව අටවක
අගෝස්තු 11
අමාවක
අගෝස්තු 18
පුර අටවක
අගෝස්තු 25
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]