සිහිනය තේරූ බමුණු මතය දුටු
ඉංගී‍්‍රසි කවියා
ආසියාවේ ආලෝකය The light of the Asia 2
ඉංගී‍්‍රසි බසින් ලියැවුණු පළමු බෞද්ධ සාහිත්‍ය නිර්මාණය
කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
බුද්ධ චරිතය විස්තර කිරීමේ දී ආනල්ඩ් ශූරීන් ගෞරවය වඩා ඇතිවන ආකාරයෙන් බුදුරදුන්
පිළිබඳ සඳහන් කිරීම අගය කටයුතු ය. ග්‍රන්ථය ආරම්භ වන්නේ ම ගෞරව සම්ප්‍රයුක්ත හරබර
වචන සමූහයකිනි.
සෙත්මඟ සතරාණෝ දම් මගේ එක් ගුණාණෝ
බුහුමන් ලැබුවාණෝ මෙත් කඳාණෝ නැණානෝ
තිලෝ අසමයාණෝ දුක් සතන් මුත් කරාණෝ
සිදුහත් කුමරාණෝ යැයි දනන් දත් තුමාණෝ
සිදුහත් කුමරු පිළිබඳ හැඳින්වීමට යාමේ දී එතුමාගේ ජීවිතයේ වටිනාම අවස්ථාව බුද්ධත්වය
පිළිබඳව මෙතනදී පැහැදිලි කෙරේ. එසේ ම භාග්‍යවතුන් වහන්සේ හැඳින්වීම උදෙසා ශ්‍රේෂ්ඨ
වචන රාශියක් ම උපුටා දැක්වීම විශේෂිත ය. මෛත්‍රියෙන් ආඪ්‍ය ඥානයෙන් ආඪ්‍ය තුන්
ලෝකයටම සමාන කළ නොහැකි, ජනයා දුකින් මිදූ ආදී වශයෙන් බුදුරදුන්ගේ අගය පැහැදිලි
කෙරේ.
පළමු සර්ගයේ දී තුසිත දෙව් ලොව සැප සම්පත් ලැබීම දෙවියන්ගේ ආරාධනාව නිසා මහාමායාවගේ
කුස පිළිසිඳ ගැනීම මුලින්ම විස්තර වේ. බෝසත්හු ළඟදී, ලෝ සතුන්ගේ යහපත සඳහා යළිඳු
යන්නෝ වෙති’ යි ඔවුහු පැවසුවෝ.
තුසිත දෙව්ලොව වැඩ සිටි බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීමේ වටිනාකම දෙවියන්
එකතුව පැහැදිලි කළහ. කවියා පැහැදිලි කරන්නේ දෙවියන් එසේ ආයාචනා කරනුයේ හේතු සහිත ව
බවයි. ‘ලෝ සතුන්ගේ යහපත’, ලෝක සත්වයන් ගේ දෙලොව සුවය එහි අපේක්ෂාවයි. එතනදී එක්
කණ්ඩායමක් ඉලක්ක නොවේ. කිතුණු ලෝකයට වුවද බුදු දහම අවබෝධ කර ගැනීමට බාධාවක් නොමැති
බව එතුමා ව්‍යාංගයෙන් සඳහන් කරයි. එම ආරාධනාව බෝසතුන් බාරගනු ලබන්නේ ද මුල් කවිය
තුළ බුදුරදුන් වර්ණනා කළ වචනයන්ට තවත් වටිනාකමක් එකතු කිරීමක් ලෙස ය. ‘මෙත් කඳාණෝ
නැණාණෝ’ කවියා මේ තුළ බෝසතුන්ගේ කරුණා සහ ප්‍රඥාමහිමය කෙතරම් ද යන වග පැහැදිලි
කරයි.
අප සාමාන්‍යයෙන් දැන කියා ගෙන ඇති, තුසිත දෙව්ලොවින් චුත ව, මහාමායා කුස පිළිසිඳ
ගැනීම නොදන්නා ලෝකය උදෙසා කවියා ඉදිරිපත් කරන අයුරු සාමාන්‍ය ස්වරූපයක් ගනු තිබේ.
අතිශයෝක්ති වර්ණනා එතැන දී ගනු නොලැබේ.
“ඇත් පොවුවෙක් එයින් නික්මී දිලි රුවට
පිවිසිණි දකුණු ඇළයෙන් එතුමිගෙ ගැබට”
සුදු ඇත් පැටවා ඇසළ පොහොය දිනක මහා මායාවගේ කුසට ඇතුලුවීම ආශ්චර්යමත් ලෙස කවියා
දකින අයුරු ‘දිලිරුවට යන වචනයෙන් මනාව පැහැදිලි වේ. මේ පිළිසිඳ ගැනීම මිනිස් මවක
ලබන උතුම් භාග්‍යයකි. සාමාන්‍ය මවකට නොලැබෙන භාග්‍යයක් මහාමායා දේවියට ලැබුණු අයුරු
බෞද්ධ සමාජයක නො ඉපදුණ කවියා දකින අයුරු ඉතා වැදගත් ය.
“මිනිස් මවක නොම ලබන
තරමේ මහ සොම්නසින්”
මහාමායාව ලද එම වරප්‍රසාදය පද දෙකකින් ලොකු අදහසක් ඇති වන අයුරින් විස්තර වේ. දින
හතකින් ඇය කළුරිය කිරීම ගැන සිතා පෘථජ්ජන මනසින් දුක් වෙනවා වෙනුවට ඇයට මෙවන්
පුතෙකු ලැබීමේ භාග්‍ය ශ්‍රේෂ්ඨ බව ව්‍යාංගයෙන් කතුවරයා පවසයි. ඇයගෙ කුසේ බෝසත්
දරුවා වැඩීම ඉන් පසුව ශාක්‍යවංශික චාරිත්‍රයන්ට අනුව ඉතිරි දෑ සිදුවන අයුරු
ඉන්දියානුවෙකුටත් වඩා හොඳින් මෙතුමා විස්තර කිරීමට වගබලා ගෙන ඇති බව පැහැදිලි ය.
යහපත් සිහිනෙයකි
කටකය රවියෙහි ය
බිසෝ ලද කුමරකු
බිහි කරන්නී නිසැකය
ඉන්දීය සමාජය තුළ සිහිනය තේරූ බහුණු මතය ඒ අයුරින්ම ලියා තැබීමට එතුමා අමතක කර නැති
බව මෙම කවියෙන් පැහැදිලි ය.
ඉතිරි කොටස ඇසළඅමාවක පෝදා
(ජූලි 12 වැනිදා) පත්‍රයේ පළවේ.
|