[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය ගැන දරුවන්ට කියාදෙන්න

ජීවිතය ගැන දරුවන්ට කියාදෙන්න

අද සමාජයේ මිනිසුන් වැඩිපුරම සොයන්නේ මානසික වෛද්‍යවරුන් . ඒකට හේතුව මානසික අසහනයෙන් පෙලෙන පිරිස වැඩිවීමයි.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව නිවැරැදිව ඉගෙනගෙන තියෙනවානම් ඔහු ලාභයත් අලාභයත් සම සිතින් පිළිගන්නවා. මුළු ලෝකයටම බලපෑ කොරෝනා වසංගතය නිසා ලක්ෂ හතරකට වඩා ජීවිත අහිමි උනා. ලක්ෂ 80ට වැඩි පිරිසක් රෝග අසාදිතයෝ’ වුණා. පසුගිය කාලයේ සුනාමියෙන් කොපමණ ජීවිත විනාශ වුණාද? නායයාම් වලින් කොතරම් මියගියාද? මෙවැනි දේ අපේදරුවන්ට පොඩි කාලයේ සිටම කියාදිය යුතුයි . සුරංගනා ලෝකවල ඉඳලා හරියන්නේ නැහැ. මේ තත්වයට හොඳම පිළියමක් වන්නේ බෝධිසත්වයන් වහන්සේගේ චරිතකථා ඇතුළත් ජාතක කතා ළමයින්ට ඉගැන්වීමයි, කියාදීමයි .

සමහර වැඩිහිටි පිරිසක් දරුවන්ට පුරුදු කරන්නේ කුහකත්වය, වෛරය, පලිගැනීම ,එකට එක කිරීම ආදියයි . වැඩිහිටියන් ආදර්ශ සම්පන්න නැහැ . මේ නිසා තමන්, තමන් ගැනම අධ්‍යයනය කරන්න. ධර්මය තියෙන්නේ අනුන් ගැන බලන්න නොවෙයි. තමා ගැන බලන්නයි . ඒ නිසා තමන්ටත් , තම පවුලේ සියලු දෙනාටත් දහම් කැඩපත අල්ලා බලන්න. යහපත් පවුලක හැදුණු දරුවකු අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ .දියුණුවට බාධා කරන්නේ නැහැ. කරදර කරන්නේ නැහැ .පළිගන්නේ නැහැ. මෙවැනි තත්ත්ව ලෝක ස්වභාවය බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේට පවා මේවායින් ගැලවෙන්න බැරිවුනා . විශාඛ , අනේපිඬු සිටුතුමා වැනි ශ්‍රේෂ්ඨ දානපතියන් ඉතාම ඉහළ මට්ටමේ දානයක් පුජා කරන තත්වයක් තිබියදී උන්වහන්සේට පවා විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවුණා.

ඒ වගේම දේවදත්ත වැනි පාපතර පුද්ගලයන්ගේ වෛරී කි‍්‍රයාවලට ද චින්චිමානවිකාව වැනි දුෂ්ඨ කාන්තාවන්ගේ ගර්හාවන්ට ලක්වීමට ද අන්‍ය තීර්තකයන්ගේ ප්‍රශ්නවලටද මුහුණ දීමට සිදුවුණා . ලෝකයේ පහළවුණු ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේටත් එවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණා නම් අප වගේ අයට මොකද වෙන්නේ කියන කාරණාව දරුවන්ට පුංචි කාලේ ඉඳලම කියල දුන්නම මේ ටික හදාගන්න පුළුවන්.

   ඇසළ අව අටවක පෝය 

 ඇසළ අව අටවක පෝය ජූලි 12 ඉරිදා අපර භාග 03.48 න්  ලබා 13 සඳුදා අපර භාග
06.09 න් ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 20 සඳුදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20

First Quarterපුර අටවක

ජූලි 27

Full Moonපසෙලාස්වක

අගෝස්තු 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]