මහ කාශ්‍යප
මහ රහතන් වහන්සේ
මහා කාශ්‍යප තෙරණුවෝ බුදුරදුන් පිරිනිවන් පෑ පසුව රජගහ නුවර දී පළමු ධර්ම සංගායනාව
පවත්වා විසිරී තිබූ ධර්ම විනය එක්තැන් කර ත්‍රිපිටකය සකස් කිරීමට මුල් වී ක්‍රියා
කළහ. එදා උන්වහන්සේ වැඩ නො සිටියා නම්, අද අපට පාලි ත්‍රිපිකයක් නැත. සූත්‍ර පිටකයේ
සංයුක්ත නිකාය භාරව කටයුතු කළේ මහා කාශ්‍යප මහ තෙරුන් ප්‍රධාන උන්වහන්සේගේ ශිෂ්‍ය
පිරිසයි.
පිප්ඵලී පැවිදි තෙම රජගහ නුවරටත, නාලන්දාවටත් අතර වූ බහුපුත්තක නම් චෛත්‍ය ස්ථානයේ
වැඩ සිටි ලොව්තුරා බුදුන් දැක, වචනයෙන් කිව නොහැකි ආකාරයේ මහත් වූ සතුටට පත් ව
දණින් වැටී බුදුරදුන්ට වන්දනා කළේ ය.
එවිට බුදුරදුන් “කාශ්‍යපයෙනි,මා වෙත එන්න. මෙතැනින් හිඳ ගන්න. මම ඔබට මගේ දායාදය
දෙන්නෙමි.” යි කියා අවවාද තුනක් ලබා දුන් සේක.
මෙහිදී බුදුරදුන් පිප්ඵලී පැවිද්දාට “කාශ්‍යප” යනුවෙන් ඇමතුවේ කුමක් නිසා ද.
උන්වහන්සේගේ ගෝත්‍රය “කාශ්‍යප” බැවිනි. තෙරහු බුදුරදුන් ලබා දුන් ඒ අවවාද තුන
දොහොත් මුදුන් තබා පිළිගත්හ. එයම කාශ්‍යප තෙරුන්ගේ පැවිදි උපසම්පදාව විය. පැවිදි බව
ලැබූ කාශ්‍යප තෙරුන් පසුව “මහා කාශ්‍යප” යනුවෙන් ප්‍රකට විය.
භූමි කම්පාවක්
මේ අතර ඉදිරියට වැඩි බුදුරදුන් අතරමග එක්තරා පෙදෙසක දී මහා කාශ්‍යප තෙරුන් හා
සිවුරු හුවමාරුවක් කළහ. බුදුහු මහා කාශ්‍යප තෙරුන්ගේ සිවුර පිළිගෙන පොරවා ගත් සේක.
මහා කාශ්‍යප තෙරණුවෝ බුදුරදුන් ලබා දුන් ඒ මහා පාංශුකූල චීවරය මහත් වූ බුද්ධ
ගෞරවයෙන් පිළිගෙන පොරවා ගත්හ. ඒ මොහොතේ දී මහත් වූ භූමි කම්පාවක් ඇති විය.
එකල්හි මහා කාශ්‍යප තෙරණුවෝ බුදුරදුන් වෙතින් තෙළෙස් ධුතාංග සමාදන් ව භාවනා වැඩීමට
අවශ්‍ය කරන උපදෙස් ද ලබා ගත්හ. ලබා ගෙන ගණයා කෙරෙන් වෙන් ව, කෙලෙස් තවන වෙර ඇති ව
විදසුන් වඩා පැවිදි බව ලබා ගෙන සතියක් ගිය පසු එනම් අට වෙනි දින අරුණ නැගෙන මොහොතේ
දී සියලු කෙලෙසුන් නසා සිව්පිළිසිඹියාපත් ද සමඟින් මහ රහත් භාවය පසක් කළහ.
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ධුත ගුණයෙන් දෙවැනි වූයේ ලොව්තුරා බුදුරදුන්ට පමණි. මේ
බව දත් බුදුරදුන් සැවැත්නුවර දෙව්රම් මහ විහාරයේ වැඩ සිටිමින් භික්ෂු සංඝයාට
අග්‍රස්ථාන පිරිනමන කල්හි මහා කාශ්‍යප මහ තෙරුන්ගේ ගුණ නොයෙක් අයුරින් ප්‍රකට කර
“මහණෙනි, මගේ මේ ශාසනයේ ධුතාංගධාරී භික්ෂූන් අතුරින් මා පුත් මහා කාශ්‍යපයන් අග්‍ර
වන්නේ ය” යි වදාරමින් මහා කාශ්‍යප මහ තෙරුන්ට ධුතාංගධාරී භික්ෂූන් අතුරින්
අග්‍රස්ථානය ලබා දුන් සේක.
මහා කාශ්‍යප තෙරණුවෝ මෙසේ වදාරති.
“තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ මුළු බුදු සසුනේ ම ධුත
ගුණයෙන් අග්‍රස්ථානයේ සිටින්නේ මම යි. මට සමානයෙක් මේ බුදු සසුනේ කො තැනකවත්
පෙනෙන්නට නැත.”
බුදුරදුන්ගේ ප්‍රශංසා ලැබීම
මහා කාශ්‍යප තෙරණුවෝ ඉතා සරල දිවියක් ගත කළ සේක. පිරිස අතර ගැවසීමට පි‍්‍රය නො කළ
උන්වහන්සේ සමූහයාගෙන් ඈත් වී කාත් කවුරුත් නැති මහවනාන්තරවල සමවත් සුව විඳිමින්
නිහඬ දිවියක් ගත කළ සේක. ඇතැම් විට උන්වහන්සේ වැඩ සිටියේ සොහොන්පිටිවල ය. නගරයට
වැඩියේ කලාතුරකිනි. පැවිදි බව ලැබූදා පටන් පිරිනිවන් පාන තුරු ඇඳක පිට තැබුවේ නැත.
උන්වහන්සේගේ උතුම් ගුණ නොයෙක් අවස්ථාවල දී බුදුරදුන්ගේ ප්‍රශංසාවට පවා ලක් විය.
බුදුරදුන් භික්ෂු සංඝයාට නිතර වදාළේ මහා කාශ්‍යප තෙරුන් ආදර්ශයට ගන්නා ලෙසයි.
මහා කාශ්‍යප තෙරුන් වැඩ සිටීමට වඩාත් පි‍්‍රය කළේ රජගහ නුවර හා ඒ අවට ප්‍රදේශවලයි.
බුදුරජාණන් වහන්සේ ද වැඩ වාසය කිරීමට වඩාත් කැමති ම ප්‍රදේශය මෙය බව සැලකේ. එයට
ප්‍රධාන හේතුව වූයේ රජගහ නුවර හා ඒ අවට බොහෝ විවේකස්ථාන පිහිටා තිබීම යි.
වේළුවනය, සීතවනය, ජීවක අඹවනය, ලට්ඨිවනය, මද්දකුච්ඡි මිගදාය, මෝරනිවාපය, ගිජ්ඣකුටය,
තපෝදාරාමය, කාලසිලාව, තපෝදකන්දරාය, සප්පසොණ්ඩික ප්‍රාග්භාරය, ඉන්ද්‍රසාල ගුහාව,
සප්තපර්ණී ගුහාව, පිප්ඵලී ගුහාව ආදී ස්ථාන ඒ අතර ප්‍රධාන ය. මේ විවේකස්ථානවලින් මහා
කාශ්‍යප තෙරුන් වැඩ සිටීමට වඩාත් පි‍්‍රය කළේ පිප්ඵලී ගුහාවේ ය. වරක් මේ ගුහාවේ දී
කැලෑ උණක් වැලඳීම නිසා උන්වහන්සේ දැඩි සේ රෝගාතුර වූහ. ඒ අවස්ථාවේ දී බුදුරදුන්
එතැනට වැඩම කර තෙරුන්ගේ සැප දුක් විමසා දහම් දෙසූහ. එවිට තෙරණුවෝ සුවය ලැබූහ.
මහා කාශ්‍යප තෙරුන් කාලයක් වැඩ සිටි මේ පිප්ඵලී ගුහාව අදත් රජගහ නුවරදී දැකිය හැක.
මෙය පිහිටා ඇත්තේ වේභාර පර්වතය මුදුනේ එක් පැත්තක ය. ගුහාව ප්‍රමාණයෙන් විශාල ය.
මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ කාගේවත් පිහිටක් නැති අන්ත අසරණ දුගී දුප්පතුන් මෙන්
ම රෝගීන් කෙරෙහි දැක්වූයේ දැඩි අවධානයකි. රජ මැදුරුවලින් පමණක් නොව, රටේ සුපිරි මහා
ධනවත් බලවත් දායකයන්ගේ නිවාසවලින් දිව්‍ය භෝජන බඳු අතිප්‍රණීත දන් ලබා ගැනීමට
හැකියාව තිබියදීත් උන්වහන්සේ පිඬුසිඟා වැඩියේ අන්ත අසරණ දුගී දුප්පතුන් බහුලව
ගැවසෙන මාර්ගවල ය. ඔවුන්ගේ අතුපැලවල් වෙත ය.
දිනක් නුවරට පිඬු සිඟා වැඩි මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේට ලාදුරු රෝගියෙක් දන්
පිදුවේ ය. ඒත් සමඟම ඔහුගේ කුණු වී ගිය එක් ඇඟිල්ලක් පාත්‍රය තුළට වැටුණි. මහා
කාශ්‍යප මහ තෙරණුවෝ ඔහු කෙරෙහි කරුණාවෙන් විෂ සැරොව සහිත ඒ කුණු ඇඟිල්ල පසෙකින් තබා
ඔහු පිදූ ඒ නීරස ආහාරය කිසිම වෙනසක් නැතිව වැළඳූ සේක. මෙය දුටු ඒ ලාදුරු රෝගියා මහා
කාශ්‍යප මහ රහතන් වහන්සේ කෙරෙහි ඉතා පැහැදීමට පත් විය.
සමාපත්තියට සමවැදීම
මහා කාශ්‍යප මහ තෙරුන් සමාපත්ති බහුල මහ තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේ නිරන්තරයෙන්
ම සමාපත්තීන්ට සමවැදෙමින් වැඩ සිටියහ. උන්වහන්සේ කිසියම් නිවසකට පිඬුසිඟා වැඩියා
නම් දොරටුව අසල දී සමාපත්තියට සමවැද ඉන් නැගී සිටිමින් ම දන් පිළිගනිති. උන්වහන්සේ
මෙසේ කරන්නේ තමන් වහන්සේට දන් පුදන, වන්දනා කරන, පුද සත්කාර පවත්වන ඒ අසරණ
තැනැත්තන්ගේ පින තව තවත් බලවත් කිරීමට යි. ශක්තිමත් කිරීමට යි. මහ තෙරුන්ට දන් පිදූ
අසරණ දුගී මනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් මරණින් මතු සුගතියේ උපත ලැබූහ. ඇතැමුන්ට එහි යහපත්
විපාක මේ ආත්ම භාවයේ දී ම ලැබුණි. කාකවලිය දුගියාගේ කතාවෙන් ඒ බව පෙනෙයි. මේ සියලු
කරුණු නිසා මහා කාශ්‍යප තෙරුන් “දුප්පතුන්ගේ මුනිවරයා” යනුවෙන්ද හඳුන්වනු ලැබේ.
මහා කාශ්‍යප මහ තෙරුන් සතුව පැවති මේ උතුම් ගුණ සමුදාය නිසා බොහෝ මනුෂ්‍යයෝ
උන්වහන්සේ අතිශයින් ම පි‍්‍රය කළහ. මිනිසුන් පමණක් නොව බොහෝ දෙවියෝ ද උන්වහන්සේ
පි‍්‍රය කළහ. උන්වහන්සේට ආදර ගෞරවය දැක්වූහ. වරක් දෙවියන්ට අධිපති ශක්‍ර
දේවේන්ද්‍රයා දිව්‍ය විලාශයෙන් පැමිණ දන් පිදීමට ගියහොත් දන් නො පිළිගන්නා නිසා තම
බිරිඳ වූ සුජාතාවද සමඟින් අන්ත අසරණ හිඟන වෙසක් මවා ගෙන මහ තෙරුන්ට දිව්‍ය භෝජන
පිදුවේ ය. මේ කතාව විස්තර වශයෙන් උදාන පාලියේ මෙන්ම ධම්මපදට්ඨකතාවේද දැක්වෙයි. මහා
කාශ්‍යප මහ තෙරුන් කෙරෙහි දෙවියන් කෙතරම් සැලකිල්ලක් දැක්වූවා දැ’යි කිවහොත්
උන්වහන්සේ වඩිනතුරු බුදුරදුන්ගේ චිතකයට ගිනි දැල්වීමට පවා දේවතාවෝ ඉඩ නුදුන්හ.
විසිරුණු ධර්මය එක්තැන් කිරීම
මහා කාශ්‍යප තෙරණුවෝ බුදුරදුන් පිරිනිවන් පෑ පසුව රජගහ නුවර දී පළමු ධර්ම සංගායනාව
පවත්වා විසිරී තිබූ ධර්ම විනය එක්තැන් කර ත්‍රිපිටකය සකස් කිරීමට මුල් වී ක්‍රියා
කළහ. එදා උන්වහන්සේ වැඩ නො සිටියා නම්, අද අපට පාලි ත්‍රිපිකයක් නැත. සූත්‍ර පිටකයේ
සංයුක්ත නිකාය භාරව කටයුතු කළේ මහා කාශ්‍යප මහ තෙරුන් ප්‍රධාන උන්වහන්සේගේ ශිෂ්‍ය
පිරිසයි.
පළමු ධර්ම සංගායනාවෙන් පසුව මහා කාශ්‍යප මහ තෙරණුවෝ මගධාධිපති අජාසත්ත මහ රජුගේ
දායකත්වයෙන් රජගහනුවර දී එක් ධාතු නිධානයක් කරවා සර්වඥ ධාතුන්ගේ ආරක්ෂාව සැලසූ සේක.
සර්වඥ ලලාට ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීමට අවශ්‍ය කරන මූලික කටයුතු
සම්පාදනය කළේ ද මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ යි.
මෙසේ ගෞතම බුදුසසුනේ දියුණුවට අප්‍රමාණ සේවාවක් සිදු කළ මහා කාශ්‍යප මහ රහතන්
වහන්සේ පුරා වසර එකසිය විස්සක් කල් ආයු වළඳා උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ
කුක්කුටසම්පාත පර්වතයේ දී පිරිනිවන් පෑ සේක. උන්වහන්සේගේ ශ්‍රී ශරීරය උතුරු
ඉන්දියාවේ කුක්කුටසම්පාත (කුක්කුටපාද) පර්වතය තුළ තවමත් සුරක්ෂිතව පවතී. මේ බව
“සම්පිණ්ඩිතමහානිදාන” නමැති දුර්ලභ පාලි ග්‍රන්ථයේ මෙන්ම ෆාහියන්ගේ දේශාටන
වාර්තාවේත් හියුං සියං භ්‍රමණ වෘත්තාන්තයේත් පැහැදිලිව සඳහන් වේ. සැබැවින් ම මෙය
ලෝකවාසී කෝටි සංඛ්‍යාත සැදැහැති බෞද්ධයින්ගේ මහත් වූ පී‍්‍රති ප්‍රමෝදයට හේතුවකි.
ගයාන් චානුක විදානපතිරණ |