[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

දැවෙන සිත් නිවන්නට සුමිතුරෙකි සාහිත්‍යය

ලෝකයේ අඳුරත්, ආලෝකයත් එක් වූ හැම විටම එම අඳුර ආලෝකයට බියෙන් පැන යයි. අඳුරු කුටියකට පහනක් රැගෙන ගිය විට එහි අඳුර ආලෝකයේ කෙළවර දක්වා පැන යයි. අඳුරත්, ආලෝකයත් සටන් කොට ජයගත් අඳුරක් නැත." සත්වයාගේ සම්භවය කවදා කෙසේ සිදු වූවා දැයි පැහැදිලි නිගමනයකට එළඹීමට තවමත් ලොව කිසිවෙකුටවත් නොහැකි වී ඇත. ඒ කෙසේ වෙතත් මානවයින්ගේ ආරම්භයෙන් දීර්ඝ කාලයකට පසුව විවිධ තර්ක විතර්ක වාද විවාද මගින් ඔවුනොවුන්ගේ දාර්ශනික මතවාදවල සංවාදවෙමින් ඥාන ගවේෂණයට පෙළඹී ගිය අයුරු මානව ඉතිහාසයේ සටහන් වී ඇත. මෙමගින් සිදු වූයේ මානවයින් ලොව අනෙක් සියලු සත්වයින් අභිභවා මොළය සංවර්ධනය කර ගනිමින් ඥාන ගවේෂණයේ පෙර ගමන් කරුවන් බවට පත් වීමයි. මෙකී අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් පමණක් මිනිසා සම්පූර්ණත්වයට පත් නොවන බවට තේරුම් ගත් බවක් වැටහී යන්නේ මානසික සුවයක් බලාපොරොත්තුවෙන් ආගම දහම තම සමීපතමයින් ලෙස සලකා කටයුතු කිරීමට නැඹුරු වීමෙන් ය. ආගම දහම මෙන්ම මානව සිතට මෙකී සහනසීලී ආස්වාදයක් ලබාදෙන අනෙක් සුවිශේෂී අංගය වන්නේ සාහිත්‍යයි. සාහිත්‍ය සේවනයට යමෙක් මෙහෙයවනු ලබන්නේ ඔහු තුළ උපන් අසීමිත මානව දයාවයි. එහෙයින් ම සාහිත්‍යකරුවා සොඳුරු හිතවතෙකි. සාහිත්‍ය යනු සහෘදයා ආන්නදයෙන් ප්‍රඥාවට රැගෙන යාමය යන්න සාහිත්‍ය විෂය ක්ෂේත්‍රය කෙරෙහි දැක්විය හැකි පරිපූර්ණ එක් නිර්චනයෙකි.


   ඇසළ පුර අටවක පෝය 

ඇසළ පුර අටවක පෝය ජුනි 28 ඉරිදා පූර්වභාග 02.53න් පුර අටවක පෝය ලබා 29 වැනිදා සඳුදා පූර්වභාග 00.35 පෝය ගෙවේ. ඉරිදා සිල්.

මීළඟ පෝය ජූලි 04 සෙනසුරාදා 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 28

Full Moonපසළොස්වක

ජූලි 04

Second Quarterඅව අටවක

ජූලි 12

Full Moonඅමාවක

ජූලි 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]