[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

බෝධි පූජාවක් කරමු

මුලින්ම බෝධින් වහන්සේට පූජාවක් සිදුකළේ අපේ බුදුරජාණන් වහන්සේ ය. බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා දින හතක් බෝ රජුන් දෙස අනිමිස ලෝචන පූජාව හෙවත් ඇසිපිය නොහෙලා බලා සිටියහ.

බෝධීන් වහන්සේගේ නම ඇසතු වෘක්ෂයයි. අපේ ගෞතම බුදුරදුන්ට බුදුවීමට උපකාරවූ ගසයි. අපිට කරදරයක්, උවදුරක් ඇතිවු විට බෝධීන් වහන්සේ වෙත පැමිණ බෝ මළුව පිරිසුදු කොට, මල් ආසන පිරිසුදු කර තෙල්, මල්, පහන් සුවඳදුම්, බෙහෙත්, ගිලන්පස පූජා පවත්වා මහත් වු ශ්‍රද්ධාවෙන් බෝධිපූජාව සිදුකොට ආශිර්වාද ලබා ගන්නෙමු.

****

මෙත් වඩමු

සිත නිරවුල් ය අරමුණ මනසෙහි ගන්වා
කය සැනසුම් ය ඉරියව්වක දිරි ගන්වා
වචනය සංවරය මෙත් සිත කුළු ගන්වා
ලොව දක්නේ ය සත වෙත මෙත් සිත් ගන්වා

සියලු ලෝ සතුන් නිදුකින් වැජඹේවා
රෝ බිය තුරන් වී සහනය ලැබ දේවා
සිත කය සුවපත් ව දැහැමින් පසු වේවා
දුකින් මිදුණු තැන නිවනට පැමිණේවා

****

වටු පැටවා

අප මහ බෝසතාණෝ එක්තරා වනයක වටු පැටවෙකු ව ඉපිද සිටි කාලයක නියං සමයක් උදාවිය. ඒ හේතුවෙන් වනයෙහි ලැව්ගින්නක් ඇතිව වනය ක්‍රමයෙන් දැවෙමින් ගින්න වටුපැටවා සිටි කැදැල්ලට ළඟා විය. ඒ දුටු වටුපැටවාගේ මව්පියන් ඉගිලී ගියහ. පියෑඹීමට අපොහොසත් වු වටුපැටවා ගින්න තමා වෙතට පැතිරෙමින් එනු දැක සංසාරයෙහි ස්වභාවය මෙනෙහි කොට තමා පූර්ව ජාතීන්හි පුරුදු කළ අධිෂ්ඨාන පාරමිතා ධර්මය සිතට නඟාගෙන ඒ මහිමයෙන් ගින්න නිවේවායි අදිටන් කළේ ය. එකල ගින්න නිවී ගියේ ය.

****

වාම දළදා වහන්සේ

බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ අතරින් දක්ඛිණ දන්ත ධාතුන් වහන්සේ සෝමවතී චෛත්‍ය ගර්භයේ වැඩසිටින අතර මහනුවර දළදා මාළිගයේ වැඩසිටිනුයේ වාම දළදා වහන්සේ ය. එම දළදා වහන්සේ ඛේම නම් මහරහතන් වහන්සේ විසින් කළිඟු රට බ්‍රහ්මදත්ත රජු හට භාර කළ බව ඓතිහාසික වෘත්තාන්තයන් පවසයි. එම රජ පෙළපතෙහි දළදා වහන්සේගේ භාරකාරිත්වය දැරීමට වරම් ලද අවසන් පාලකයා ගුහසීව රජුයි. අනතුරුව දළදා වහන්සේ සිරිලකට වැඩමවීමේ වගකීම පෙරදැරිව එහි ආරක්ෂාව භාරවූයේ හේමමාලා කුමරියට හා දන්ත කුමරුන් වෙත ය. එවකට ලක්දිව පාලනය ගෙන ගිය කිත්සිරි මෙවන් රජු ට බුදුරජාණන් වහන්සේගේ වාම දළදා වහන්සේ භාර කළහ.

මහින්දාගමනය, දුමින්දාගමනය මෙන්ම සිරි දළදා වහන්සේගේ ආගමනය ද ලක්වාසී බෞද්ධ අපිට අමිල දායාදයකි. අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, ගම්පහ, කෝට්ටේ, රත්නපුර හා මහනුවර යන නගරයන් දළදා වහන්සේ වැඩසිටි පූජනීය ස්ථාන වේ. අපගේ අසීමිත ගෞරවයට පාත්‍රවෙමින් මහනුවර දළදා මාළිගයේ වැඩ සිටිනුයේ ඒ උතුම් දළදා වහන්සේයි.

****

මගේ පාසල

මගේ පාසලේ නම වේල්ස් කුමරි විදුහලයි. එය පිහිටා ඇත්තේ මොරටුවේ ය. 1 සිට 13 ශ්‍රේණි දක්වා ශිෂ්‍යාවන් ඉගෙනුම ලබන පාසලකි. අපගේ පාසලේ උදෑසන රැස්වීමක් පවත්වයි. එහි දී එක් ගුරුතුමියක් ගැහැනු ළමයි වශයෙන් අප තුළ තිබිය යුතු ගුණාංග කියාදෙයි. එමෙන් ම ශිෂ්‍ය නායිකාවන් ද අපට පාසලේ ඇති නීති කියා දෙයි. අපගේ පාසල මොරටු පුරවරයේ ඇති කිර්තිමත් පාසලකි. අපගේ පාසලෙන් රටට සේවයක් ඉටු කරන ශිෂ්‍යාවන් බිහිවී ඇත. අපගේ පාසල නැණවත්, ගුණවත් දරු පරපුරක් බිහි කිරීමට වෙර දරයි.

****

ජන්ම භූමි

ශ්‍රී ලංකාද්වීපය කලින් කල ලංකාව, ලංකාමාතා, සෙයිලාන්, සිලෝන්, තම්බපණ්ණි, තැප්‍රොබේන්, ලංකාදිප යනාදි නම් වලින් ද හඳුන්වා ඇත. මහින්දාගමනයෙන් පසු ධර්ම ද්වීපයක් වු ලංකාව පරාක්‍රමබාහු රජු සමයේ දී පෙරදිග ධාන්‍යාගාරය යැයි ප්‍රචලිත වූයේ ලෝකයටම බත සැපයූ බැවිනි.

ස්වභාවික සෞන්දර්ය, දර්ශනීය සමුද්‍රතීරය , පිටිසර සිරියාව හා බොදු හැදියාව නිසාම කවියන්, කලාකරුවන්, ගීත රචකයන්, ඉතිහාසඥයන් හා අන්‍ය ජාතීන්ගේ ද වර්ණනාවට පාත්‍රවූ ශ්‍රී ලංකා ධරණී තලය අපේ මාතෘ භූමියයි. ජන්ම භූමියයි.

****

බුදු ගුණ

බුදු ගුණ අනන්තයි අමිලයි අසමසමයි
බුදු බණ අවිදු අඳුරට මිණි පහන තමයි
බුදු නැණ සිව් විශාරද නැණ සුවඳ හමයි
දිනමිණ තුන් ලොවට සම්බුදු දහම තමයි

එබැවින් හැමවිටම බුදු ගුණ සිහි කරමු
බැතියෙන් දහම්රස විඳ කෙලෙසුන් නසමු
නුවණින් නැණින් තෙරුවන් ගුණ දැක ගනිමු
දහමින් තොර මගක් නැති බව නිති සිතමු

****

මහාමායා දේවිය

මහාමායා දේවියගේ පිය රජතුමා සුප්‍රබුද්ධ රජතුමා ය. මෑණියන් ලුම්බිනි බිසවයි.

මායා කුමරියට ප්‍රජාපතී නම් නැගණියක් සිටියා. සුද්ධෝදන කුමරුගේ අගමෙහෙසිය වූයේ මහාමායා කුමරියයි. අපේ බෝසතාණෝ වැඩ හිටියේ තුසිත දෙව්ලොවයි. පස්මහබැලුම් බැලුවේ මව්කුසක පිළිසිඳ ගන්නයි. සුදු ඇත්පැටවෙක් කුසට ඇතුළු වෙනවා, එදා මහාමායා බිසව සිහිනයෙන් දුටුවා.වෙසක් පෝය දිනේ කුමරු උපන්නා, සිද්ධාර්ථ නම් තැබුවා. සත් දවසකින් මහාමායා දේවය කළුරිය කළා. තුසිත දෙව්ලොව මාතෘ දිව්‍ය පුත්‍රයා ලෙස උපත ලැබුවා.

****

සම්බුදු ගුණ

සම්බුදු දම්ගුණ බලයෙන් සැම ග්‍රහ දොස් දුරුවේවා
සත්ත බෝධි අංග බලෙන් ඇස්වහ කට වහ දුරුවේවා
බුද්ධ රශ්මි මාලාවෙන් අනවිණ දොස් ඉගිලේවා
බෝධිසත්ත ගුණ බලෙයන් නිති දියුණුව සැලසේවා

****

බුද්ධත්වය

****

අපේ නිවස

   පොසොන් පුර අටවක පෝය 

  පොසොන් පුර අටවක පෝය මැයි 29 සිකුරාදා අපර භාග 9.55න් පුර අටවක ලබා 30 සෙනසුරාදා අපර භාග 07.57 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 05 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]