ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ක් වූ පොසොන් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 මැයි 30 වනදා සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මම පෙර හිමියකු නැති දරුවන් නොමැති දුප්පත් තැනැත්තියක් වීමි. නෑ මිතුරු කිසිවකු නැති තැනැත්තියක් වීමි. ආහාර හා වස්ත්‍ර ද මට නො වී ය.
මම මැටි පාත්‍රයක් හා දඩුකඩක් ද, ගෙන ගෙන් ගෙට සිඟා යමින් ශීතෝෂ්ණයෙන් පීඩා විඳිමින් වසර හතක් තැනින් තැන ඇවිද්දෙමි.
ආහාරපාන ලැබෙන පටාචාරා මෙහෙණ දැක, ඇය වෙත ගොස් බුදුසසුන්හි පැවිද්ද ඉල්ලුවෙමි.
ඒ පටාචාරා මෙහෙණ ද මා කෙරෙහි අනුකම්පා උපදවා පැවිදි කොට මට අවවාද දී පරමාර්ථයෙහි (කමටහන් වඩනු පිණිස) යෙදුවා ය.
මම එතුමියගේ බස් අසා ඒ වූ පරිදි පිළිපැද්දෙමි. ආර්යාවගේ අවවාද හිස් නො වී ය. ත්‍රිවිද්‍යා ලබා රහත් වීමි.
මෙසේ චන්දා තෙරණිය ගාථා කීවා ය.
සංක්ෂප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය සිංහල ථෙරී ගාථා.
පොසොන් පුර අටවක පෝය මැයි 29 සිකුරාදා අපර භාග 9.55න් පුර අටවක ලබා 30 සෙනසුරාදා අපර භාග 07.57 න් ගෙවේ . සෙනසුරාදා සිල්.
මීළඟ පෝය 05 වනදා සිකුරාදා
පුර අටවක
මැයි 30
පසළොස්වක
ජූනි 05
අව අටවක
ජූනි 13
අමාවක
ජූනි 20
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]