[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

පිරිතේ ආශිර්වාදය ලබා ගන්නට නම් !

බෞද්ධයන් වශයෙන් ආරක්ෂාව සලසා ගැනීම පිණිස අතීතයේ සිටම පිරිත් සඡ්ඣායනාව පැවැත්වීම සිදු කරනු ලැබුවා. එසේම බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයේදී පවා විශාලා මහනුවර ඇති වූ තුන් බිය දුරු කිරීමටත් රතන සූත‍්‍රය දේශනා කළ බව බෞද්ධයන් වශයෙන් අප කවුරුත් දන්නා සිදුවීමක්. එදා දඹදිව විශාලා මහනුවර පමණක් ඇති වූ එම තුන් බිය වෙනුවට අද වන විට ලෝකය පුරාම රෝග බිය හා මරණ බියත් ඇතිව තිබෙනවා. ඒ සඳහාද මේ වන විට රතන සූත‍්‍රය දේශනා කිරීමට ශ‍්‍රී ලංකාවේ බෞද්ධයන් මෙන්ම බෞද්ධ නොවන අය පවා කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන්ම අමනුෂ්‍ය බලවේග සම්බන්ධව විශ්වාසයන් ඇති ශ‍්‍රී ලංකාවාසීන් මේ අවස්ථාවේ රතන සූත‍්‍රය දේශනා කිරීම ඉතාම වැදගත් වන අතර එයින් ලැබෙන ආශිර්වාදය සමස්ත ශ‍්‍රී ලංකාවාසීන්ටම හිමිවන බවත් පෙන්වා දිය යුතු වනවා.


 බක් අව අටවක පෝය 

  බක් අව අටවක පෝය අපේ‍්‍රල් මස 14 වැනිදා අඟහරුවාදා අපරභාග 4.11න් අව අටවක ලබා 15 වැනිදා බදාදා අපර භාග 4.51න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ අඟහරුවාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 22 වනදා බදාදා.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]