ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ බක් මස අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 අප්‍රේල් 14 වනදා අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සොක‍්‍රටීස් කියන්නේ ලෝක ප‍්‍රකට වූ දාර්ශනිකයෙක්. දවසක් සොක‍්‍රටීස් ඉතා ගැඹුරු කරුණක් ගැන අවධානය යොමු කරමින් මිදුලේ සිටියා. ඒ වෙලාවෙ ඔහුගේ බිරිඳ එතැනට ආවා.
’’ මේ ඇහුණද?’’
ඇය කතා කළා. සොක‍්‍රටීස් නෑසුණා සේ ඔහුගේ කරුණ ගැන අවධානය යොමු කර සිටියා. ඇය තරහෙන් ආපසු ගියා. නැවතත් ආවා. කතා කළා. ඒත් ප‍්‍රතිචාරයක් ඔහුගෙන් ලැබුණේ නැහැ. ඇය බැණ වැදුණා. තව තවත් බැණ වැදුණා. අන්තිමේදී ඇය අසල තිබුණු ජල බඳුනක් දුටුවා. එය රැුගෙන සොක‍්‍රටීස්්ගේ හිස ඇග පුරා වත් කළා. සොක‍්‍රටීස් තමන්ගේ කාර්යයේ ම නිරත ව සිටියා. අවසානයේ සොක‍්‍රටීස් තම ගැටලූව විසඳා ගත්තා මුහුණ පුරා ජයග‍්‍රාහී සිනාවක් ඇඳුණා.
මොහොතකින් ඔහු වෙත ශිෂ්‍යයෙක් පැමිණියා.
’’ගුරුතුමනි ඇයි මේ තෙමිලා?’’ ඔහු ඇසුවා.
’‘දරුවො ගොරවලා ගොරවලා වැස්සා’’
ගුරුතුමා පිළිතුරු දුන්නා.
ඉවසීමට මොනතරම් දේ කැප කළ හැකිද? සොක‍්‍රටීස් තම කාර්යය නිසි පරිදි කර ගත්තේ බාධාවන් මැද අසීරුවෙන් තම කාර්යයන් කළ නිසයි.
තථාගත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාළේ ඉවසීම උතුම්ම තපස වන බවයි. අපි ඉවසීම පුරුදු කරමු. පුහුණු කරමු. ජීවිතේ බොහෝ දේ ජය ගැන්මට හැකිවනු ඇත .
බක් අව අටවක පෝය අපේ‍්‍රල් මස 14 වැනිදා අඟහරුවාදා අපරභාග 4.11න් අව අටවක ලබා 15 වැනිදා බදාදා අපර භාග 4.51න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ අඟහරුවාදා ය.
මීළඟ පෝය අප්‍රේල් 22 වනදා බදාදා.
අව අටවක
අප්‍රේල් 14
අමාවක
අප්‍රේල් 22
පුර අටවක
අප්‍රේල් 30
පසළොස්වක
මැයි 06
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]