[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ව්‍යසනයන්ගෙන් මිදෙන මඟ දහම් ඇසින්

ව්‍යසනයන්ගෙන් මිදෙන මඟ දහම් ඇසින්

"අපට පෙනෙන ලොවට වඩා නොපෙනෙන ලොව විපත්වලට පත් කඳුළින් කල් හරින සත්ත්වයෝ අපමණ වෙති. ඇතැම් විට ආත්මාභිමානය හේතු කොට අපමණ දුක්ඛ දෝමනස්සයන් සඟවා සිටින පීඩිතයන් කොතෙකුත් මේ සමාජය තුළ දක්නට ලැබේ"

විපතක් පැමිණි විට ධෛර්යය සම්පන්න වී එයින් මිදෙන්නට ක‍්‍රියා කරන ලෙසත් සම්පත් පැමිණි විට ඉවසන්නටත් බුදු දහම නිරතුරු උපදෙස් දෙයි.

පංච තන්ත‍්‍රය නම් ස¥පදේශ සංස්කෘත ග‍්‍රන්ථයේ මීට කදිම නිදසුන් සපයයි. විහඟ සමූහයක් වැද්දෙකුගේ දැලකට හසු වූ විට විහඟුන් කිහිප දෙකනු කීවේ අහවල් අයගේ වැරදි තීරණ නිසා අපට මේ විපත සිදුවූවා යනුවෙනි. එකිනෙකාට දොස් නඟා ගැනීම හේතුවෙන් වැද්දාගේ උපායට ඔවුන් සියල්ලන්ම හසු විය.

තවත් වරෙක එසේ කිහිප දෙකනුගේ වරදින් එවැනි විපතක් සිදු වූ විට එකිනෙකාට දොස් නොපරවා එකාමෙන් නැඟී සිට පියඹා ගොස් දැලත් සමඟ ඈත වන රොදක වසා පරිස්සමින් දිවි ගලවා ගත් බව කියවේ.

එම අවස්ථාව සම්බන්ධයෙන් පංච තන්ත‍්‍රයෙහි එන උපදෙස් සිංහලයෙන් මෙසේ හකුළා දැක්විය හැකිය.

’‘යමෙකුට හැකි නම් විපතකට පත් වූවන් එම විපතික් ගලවා ගැනීමට ඔහු සැබැවින්ම ඤාතියෙකි. එම විපතට හේතු වූ කාරණා තුළ අහවලා නිසා මේ විපත සිදු වූයේ යැයි දොස් නො නඟා නොපමාව ඊට සුදුසු පිළියම් යොදා විපතට පත් වූවන් ගලවා ගැනීමට යුහුසුළු වීම සැබෑ පණ්ඩිතයා ගේ මෙන් ම සත්පුරුෂයාගේ ලක්ෂණය යි.

අපට පෙනෙන ලොවට වඩා නොපෙනෙන ලොව විපත්වලට පත් කඳුළින් කල් හරින සත්ත්වයෝ අපමණ වෙති. ඇතැම් විට ආත්මාභිමානය හේතු කොට අපමණ දුක්ඛ දෝමනස්සයන් සඟවා සිටින පීඩිතයන් කොතෙකුත් මේ සමාජය තුළ දක්නට ලැබේ.

පසුගිය සියවසේ ලෝකයක් හිනැස්සූ පළමු පෙළේ විකට නළුවෙකු වූ චැප්ලර් විසින් ලියන ලද මෙතෙක් ලොව දුක්බරම වාක්‍යය මෙයයි.

‘‘මම තද වැස්සෙහි ඇවිද යාමට හරිම කැමැත්තෙමි. මන්ද? හදවත තුළ කැකෑරෙන වේදනාකාරී අපමණ පීඩාවෙන් හා හඩන විට රූරා වැටෙන කදුළු ලෝකයාට වසන් කිරීමට වැස්ස උපකාරී වන හෙයිනි’’

මෙලෙසින් කඳුළ සඟවා තම අබිමන් රැුක ගන්නට සිනහ වී සිටින අසරණ මිනිසුන් මෙලොව කොපමණ ඇත්ද?

මෙරට පහළ වූ අග‍්‍රගණ්‍ය ගේය පද රචකයකු හා කවියකු වශයෙන් විශිෂ්ටත්වයට පත් මහගමසේකරයන්ගේ පද්‍ය බන්ධනයෙහි කූටප‍්‍රාප්තිය වශයෙන්් සැලකෙන ‘ප‍්‍රබුද්ධ’ නම් කාව්‍යයෙහි හේ මෙසේ කියයි.

‘‘ ධර්මය වටහා ගත හැකි

සත්‍යය සුන්දර බව දැක ගත හැකි

උත්තර සමාජයක් ගොඩ නැගුමේ

මුල් පියවර

කෑමෙන් - බීමෙන්

ඇඳුමෙන්

ගෙයින් - දොරින්

තෘප්තිමත් වූ

ලොවක් තැනීමය.’’ යන යෙදුම් කෙතරම් නූතන ලාංකේය සමාජයට උචිතද?

බුදුවරුන් ලොව පහළ වන්නේ පස්මහ බැලූම් බලා ඊට සුදුසු වාතාවරණයකය.

තවත් ලෙසකින් කිවහොත් තුන් කල් බලාය.

’‘ ගෙය ගෙය ඇට සැකිලි’’ ආදී වශයෙන් කියැවෙන පරිදි තුන් බිය පවත්නා විශාලාවක් තුළ බුදුවරු නූපදිති. මන්ද? එවැනි කලෙක ආධ්‍යාත්මික විමුක්තිය සාදා ගැනීම දුෂ්කර බව බුදුවරුන් හොඳින් දන්නා නිසයි. මෙවැනි කලෙක ධර්මය මොන තරම් නිරවුල් ව පැවතියත් ඒ කෙරෙහි මිනිසුන්ගේ වැඩි අවධානයක් නොපවතින්නට හේතු වූ කරුණු අතරින් ව්‍යසනකාරී ඛේදවාචකයන් බාධක කොට නොපවතී යැයි කවරකුට නම් කිව හැකිද?

මෙම ශෝචනීය ඛේදනීය ව්‍යසනයන් උද්ගත වීමේ හේතු සාධක බුදු වදන් හා පඬි වදන් ඇසුරින් ගිහි - පැවිදි වියත් සමාජයේ වග කිව යුත්තන් අනේක අයුරින් කෙතරම් කියා ඇතිද? එනමුදු බොහෝ දනන් එය කිසිදු සැලකිල්ලකට නොගෙන ක‍්‍රියා කිරීම ඉමහත් ඛේදයකි. මෙවැනි මනුෂ්‍ය ස්වභාවයන් සැලකිල්ලට ගෙන සුභාෂිතරත්න භාණ්ඩාගාරය නමැති උපදේශාත්මක කාව්‍ය ග‍්‍රන්ථයෙහි කී දැයක් මෙසේ හෙළයට නැඟිය හැකියි.

‘‘සාවධාන ව අසා සිටින්නකු නොමැති නම් කෙතරම් කීවත් දෙසූවත් ඇති ඵලය කිම?’’

හරියට පවසතොත් නිර්වස්ත‍්‍රව මිනිසුන් වසනා දේශයක රජකයා හෙවත් රෙදි සෝදන්නාට කවර ඵලයක්ද?

මෙවැනි ඔවදන් මිණි මුතුවලින් සැනසුණු සඡ්ඡුනයෝ මෙදියත දුලභව සිටියහ. වර්තමානයෙහි එවැන්නන්ගේ දැකුම බෙහෙවින් දුලභය. තුරු- ලතා, ඇළ - දොළ, සතා සිවුපාවා ගැනත් තමන් ජීවත් වන සොබා දහම හා පරිසරය පිළිබඳ අනාදරයෙන් ද්වේශ සහගතව කටයුතු කිරීමෙහි සාංදෘෂ්ඨික විපාක පෙරළා සැමට විඳීමට සිදු වී තිබේ.

පළමු ගවයා මෙලොව ඝාතනය වූ විට දිව්‍ය ලෝකයෙහි දෙවිවරු මිනිසුනට විරුද්ධ ව ශාප කරමින් උද්ඝෝෂණය කළ බව හින්දු ධර්මයෙහි සඳහන් වේ.

මෙරට තුළද නා නා විධ ව්‍යසනකාරී රෝග බිය හා විෂබීජ උවදුරු මතු වීමට ගව ඝාතනය හා ගව මස් අනුභවය හේතු වූ බව පැරැුන්නෝ පිළි ගත් හ. අනේක විෂ මත් ද්‍රව්‍ය අනාගත පරපුර ගිල ගන්නා මහත් වූ ව්‍යසනකාරී තත්ත්වයකි.

කෘමිනාශක භාවිතය අතින් මෙරට ලොව ප‍්‍රධාන තැනක් ගෙන තිබේ. එය සාධනීය මට්ටමකින් නතර කරලීමේ අවංක වූ, සැබෑ කැපවීමක් නොපමාව අවශ්‍යය.

යටත් පිරිසෙයින් උපාධි පන්ති හැර පළමු වසරේ සිට උසස් පෙළ දක්වාවත් ඉරු දින උදය වරුවේ උපකාරක පංති නතර කිරීම ඉතා අවශ්‍යය ය.

අප සතුව තවමත් ක‍්‍රියාත්මක කළ යුතු තවත් ප‍්‍රබල යුතුකමක් තිබේ. අපගේ ආරක්ෂාව නොපෙනෙන බලවේගවලටත්, පිටස්තර අයටවත් නොදී තමා විසින් ම වග බලා ගැනීමයි.

කාලිදාසයන් කුමාර සම්භවයයෙහිදී දුන් පණිවුඩය මීට කදිම නිදසුනකි.

‘‘සිත විකාරයට කළ කිරීමට වේදනාවට කණස්සල්ලට පත් කරන සුළු මොනයම් කරදරයක් ව්‍යසනයක් සිදු වුවද සිත කලබලයට පත් කර නොගෙන ඉවසීමෙන් ක‍්‍රියා කරන්නා හැබෑ බුද්ධිමතෙකි’’ යන්නයි.

එසේ නම් මෙවැනි රෝ බිය පැතිරෙන ව්‍යසනකාරී පරිසරයක් තුළ මෛත‍්‍රීය සහගත සිතිවිලිවලින් සමන්විතව රතන සූත‍්‍රය වැනි උතුම් සූත‍්‍ර දේශනාවන් නිරතුරු සිදු කරමින් තමාටත් අනුන්ටත් රටටත් ලෝකටයත් ආශිර්වාද කරමින් කාම කෝපාදිය හැකි පමණ ඉවසීමෙන් නිවැරැදිව සිහිය පිහිටුවා හුස්ම ඉහළ පහළ දමමින් ආනාපානසතිය වැනි සරල භාවනාවක නිරතුරු යෙදීමට කටයුතු කරන්න. තුන් බිය දුරු කර ගැන්මේ පිළිවෙත් තුළින් තවත් සාර්ථක පිළිවෙතකි.

 බක් අව අටවක පෝය 

  බක් අව අටවක පෝය අපේ‍්‍රල් මස 14 වැනිදා අඟහරුවාදා අපරභාග 4.11න් අව අටවක ලබා 15 වැනිදා බදාදා අපර භාග 4.51න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ අඟහරුවාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 22 වනදා බදාදා.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 14

Full Moonඅමාවක

අප්‍රේල් 22

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]