[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

ඉල්පෝදා පෙරවරු 06.00-06.30 මහානුභාවසම්පන්න කඨින පූජා පින්කම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යායනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 06.30-07.00 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදි රන්දිලිගම මහින්ද හිමි .08.00-09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති , කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි 09.00-10.00 පෙරවරු ධර්මදේශනාව පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි10-11 ධම්මපදයෙන් බිඳක්, කොළොන්නාව පුරාණ විහාරවාසී, කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදි කැලණියේ ශාසනවංශ හිමි, 11.00 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි,

පස්වරු 12.15- 02.00 සීල භාවනා සමිතිය 02.00-03.00 වෛද්‍ය විද්‍යා දේශනය, 03.00-04.00 ධර්මදේශනාව විලච්චිගේ සුමනසිරි හිිමි 04.00-05.00 පරිත්‍රාණ ධර්මදේශනාව 05.00-06.00 භාවනා වැඩ සටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි 06.00-07.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00-08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව සගම අනෝමදස්සි හිමි 08.00-09.00 කඨිනානිශංස ධර්ම දේශනාව


ඓතිහාසික අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික අනුරාධපුර මහා විහාරයේ ඉල් පොහෝ දින දාන, ශීල, භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මහා විහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. ඉල් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කිරින්දේ ඤාණදර්ශන හිමියන් සංවිධානය කරති. පෙරවරු 6.00 අටසිල් සමාදන්වීම, 6.30 බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (සංස්කෘත) රඹාවැවේ පාලිත හිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය දේශක වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා, 10.30 බුද්ධ පුජාව දවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 1.00 ධර්ම දේශනාව ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය දංගහවැවේ වජිර හිමි. 2.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 02.45 දම්සභා මණ්ඩපය සහභාගිත්වය විල්ගමුවේ පියනන්ද හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න, ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන යන මහත්වරු 04.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 05.00 බෝධි පූජාව මෙහෙයවීම කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය විසින් බෝධි පරිශ්‍රයේ දී ඉල් පෝදා පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෙරවරු 06.15 - 07.15 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පුජාව මෙහෙයවීම, නාගොඩ ධම්මවංශ හිමි, 07.15 - 09.45 ධර්ම දේශනාව, භාවනාව ගම්පහ සිරි සීවලී හිමි, 10.00 - 11.00 ධර්ම දේශනාව හා දවල් බුද්ධ පුජාව මෙහෙයවීම, උණාවටුනේ වංශානන්ද හිමි, පස්වරු 01.00 - 02.45 ගිහි දේශනාව ශාස්ත්‍රවේදී ශේන් බ්ලොක් මහතා, 03.00 - 04.30 ධර්ම දේශනාව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභික අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අක්මීමන ධම්මපාල හිමි.04.45 - 06.00 ධර්මදේශනාව, සිල් පවාරණය හා අලුත් කිරීම, ගම්පහ මහානාම හිමි, 06.15 - 07.00 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත් වූ බෝධි පූජාව (පටිගත කරන ලද) 07.10 - 08.30 ගිහි දේශනාව ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන, නව අරහාදී පහන් පූජාව, 08.45 සති පට්ඨාන දේශනය ගල්කිස්සේ සමාහිත හිමි.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ පොහෝදා, ශීල භාවනා ,ධර්ම දේශනා පින්කම් මාලාවක් ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00-06.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි. 7.00-7.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව 8.00-9.00 භාවනාව ශ්‍රී ජයශේඛරාරාමවාසී ශාස්ත්‍රවේදි කන්තලේ සුමිත්ත හිමි, 9.15-10.15 ධර්ම දේශනාව ගැට්ටුවානේ සුමේධ හිමි. 10.30-11.00 දවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි,

පස්වරු 12.15-12.45 සෙත්පිරිත් දේශනය, ශ්‍රී ජයශේඛරාරාම වාසී ස්වාමින් වහන්සේලා 1.00-2.00 මාසික රැස්වීම, තලල්ලේ සිරි මහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15-3.15 ධර්ම දේශනය, අමුහේන්කන්දේ නන්ද හිමි. 3.30-4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, තලල්ලේ ධම්මදේව හිමි. 4.30-5.30 ධර්මදේශනය තලල්ලේ ධම්මදේව හිමි. 6.00 ට සිල් පවාරණය , විහාරාධිපති තලල්ලේ සිරිමහින්ද නාහිමි රාත්‍රි 6.45-7.45 සවස ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව.


හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයෙහි ඉල් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා, ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, ඇලපිටිවල නන්දවිමල , වේවැල්දූවේ ධම්මකිත්ති, ලෝලුගස්වැව සුමනවංස , පොළොන්නරුවේ සීලානන්ද යන හිමිවරුන්ද , ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතියේ ඉල් පුර පෝදා වැඩ සටහන මෙසේය. පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව 8.15 ධර්ම දේශනය නිරුදෙනියේ නන්ද හිමි, 9.15 ධර්ම දේශනය හෙන්ඩුවාවේ ධම්මදීප හිමි 10.30 බුද්ධ පූජාව බොරලුකන්දේ ඤාණින්ද හිමි, පස්වරු 1.15 ධර්ම දේශනය 2.15 ධර්ම දේශනය,4.00 ධර්ම දේශනය , 5.00 බෝධි පූජාව, බොරලුකන්දේ ඤාණින්ද හිමි, 6.00 සිල් පවාරණය.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 06.00 - 07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 08.00 - 09.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00 - 10.00 සූත්‍ර දේශනාව මැලිමඩ පසන්න මානස හිමි, 10.00 - 11.00 ධර්ම දේශනාව උඩහමුල්ල පඤ්ඤෝදය පිරිවෙනේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත උලහිටියාවේ විභාවි හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව ගලහිටියාවේ නාගිත හිමි, තලහගම බුද්ධසිරි හිමි, පස්වරු 12.15 - 12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, රුහුණු දනව්වේ විමලමූර්ති හිමි, 1.00 - 2.15 ධර්ම සාකච්ඡාව පණ්ඩිත ගල්කිස්සේ සෝමානන්ද හිමි, 02.30 - 03.30 ධර්ම දේශනාව පැපිලියාන සුනේත්‍රාදේවි රජමහවිහාරාධිපති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නා හිමි. 4.00 - 5.00 ධර්ම දේශනාව බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත මීගොඩ සුඛිත හිමි, 5.00 - 6.00 ධම්ම පදය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 06.00-7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව උඩුදුම්බර උපරතන හිමි 8.00-9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 09.00-10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති වේපතඉර හේමාලෝක හිමි 10.00-11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි පස්වරු 12.25-12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30-1.00 පිරිත් හා තෙරුවන් ගුණ කොළොන්නාවේ කල්‍යාණ හිමි 1.00-2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00-3.00 වෙසෙසි දෙසුම, වෛද්‍ය සුදත් දම්සිංහ මහතා 3.00-4.00 ධර්ම දේශනාව මාලිගාවිල ධම්මවිසුද්ධි හිමි, 4.15-5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි 5.00-6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00-6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි


බම්බලපිටිය සිරි වජිරාරාමයේ ළමා සීල සමාදානය

පෝදා පෙරවරු 8.00 - 8.45 සීල සමාදානය සහ අනුශාසනාව සිරි වජිරාරාමවාසී ඤාණසීහ හිමි, 8.45 - 9.30 භාවනාව වින්ධ්‍යා වරකාගොඩ මෙනවිය, 9.45 - 10.30 ගිහි දෙසුම මහරගම සිරි වජිරඤාණ දහම් පාසලේ ආචාර්ය ධර්මාචාර්ය නිසල් බාලසූරිය මහතා, 10.30 - 11.15 දහම් කතාව සහ බුද්ධ පූජාව සිරි වජිරාරාමවාසී බෙලිඅත්තේ විමල හිමි, පස්වරු 12.30 - 01.00 සෙත් පිරිත් සජ්ඣායනාව සිරි වජිරාරාමවාසී ඇඹිලිපිටියේ චන්දිම හිමි, 1.00 - 2.00 ධර්මානුශාසනාව මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී ගබ්වෙල වජිර හිමි, 2.30 - 4.00 දහම් පිළිසඳර සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය මීගොඩ සුඛිත හිමි, උසස් අධ්‍යාපන, ජල සම්පාදන සහ නගර සැලසුම් අමාත්‍යාංශයේ ලේකම්, සිරි වජිරාරාම දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය පි‍්‍රයන්ත මායාදුන්නේ මහතා


බත්තරමුල්ල සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 06.00 - 07.00 සීල සමාදානය 07.00 - 07.30 තෙරුවන් වන්දනාව, 08.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනය, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව, 1.00 - 2.00 ධර්ම දේශනය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 2 - 3.30 ධර්ම සාකච්ඡාව තල්පත්කන්දේ සිරිනන්ද හිමි, 4 - 5 ධර්ම දේශනය දොඩන්දූවේ සිරිකර නා හිමි, 5 - 6 ධර්ම දේශනය, සියඹලාගොඩ ධම්මින්ද හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ පූජාව පැවැත්වීම.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර, සංඝමිත්තාරාමයේ දි ඉල් පුන් පොහෝ දින අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00-9.00 දහම් දෙසුම ගලවිලවත්ත විදර්ශනා භාවනා මධ්‍යස්ථානාධිපති ඇහැලියගොඩ පුණ්‍යජි හිමි. 9.30-10.30 දහම් දෙසුම නාවින්න ඉසිපතනාරාමවාසි පනාපිටියේ ජිනරතන හිමි. 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00- 12.30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනාව 1.00-2.00 භාවනා වැඩසටහන බත්තරමුල්ල සිරි සුදර්ශනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක මිරිස්සේ ධම්මික නාහිමි. 2.15-3.00 ධම්මපදය 3.00-5.00 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාම වාසි වල්ගම සුමන හිමි. සවස 6.00 මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක් ,බෝධිපූජාවක්, සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලැබේ. සුපුරුදු පරිදි ඉල් පුර පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මහත්මියගේ අනුග්‍රහයෙනි.


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෙරවරු 6.00 සීල සමාදානය හා ධර්මානුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00-9.00 ධර්ම දේශනාව මීගොඩ සුඛිත හිමි, 9.00-10.30 ධර්ම දේශනාව සහ භාවනාව මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 10.30-11.00 දෙතිස් ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, 12.15-1.00 ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාව 1.00-2.00 ධර්ම දේශනාව නාමල්ගමුවේ විජේසීල හිමි, 2.00-3.00 ධර්ම දේශනාව රන්මුතුගල බුද්ධවංශ හිමි 3.30-5.00 ධර්ම සාකච්ඡාව මහකෙලියේ ලොකු ස්වාමීන් වහන්සේ සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි. 5.00 පුණ්‍යානුමෝදනාව, කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය 6.00 ඖෂධ 108 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව සහ ධාතු වන්දනාව


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉල් පුර පොහෝ දින වැඩසටහන සිදු කෙරේ. පෙරවරු 6.30- 7.30 උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව, දම්පහල ඤාණරතන නා හිමි, 8.30-9.30 ධර්ම දේශනය දම්පහළ ඤාණසුධීර හිමි, 10.00-10.40 ජාතක කථා දේශනය වැලිමඩ ඤාණාරාම හිමි 10.45 දවල් අටවිසි සම්බුද්ධ පූජාව පස්වරු 12.30-3.00 ගිහි දේශනය හා භාවනාව, ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ ,3.15-4.00 ධර්ම දේශනය වඳුරඹ ඤාණාලංකාර හිමි, 4.00-5.00 පිරිත් සජ්ඣායනය ධර්මායතනවාසි ස්වාමීන් වහන්සේලා 5.00 සිල් පවාරණය සිදු කිරීම .6.30-7.30 අටවිසි ගිලන්පස බෝධි පූජාව සිදුකිරීම හා පුණ්‍යානුමෝදනාව දම්පහළ ඤාණරතන නා හිමි. බුදුසරණ පුවත්පත ධර්මදානය පිණිස බෙදා දීමේ දායකත්වය සාමවිනිසුරු චමින්ද පි‍්‍රයංකර මහතා ඇතුළු මිතුරුකැළ විසිනි.


මහනුවර තරුණ බෞද්ධ සංගමය

පෝදා පෙරවරු 06.45 - 07.30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව මහනුවර, අස්ගිරි මහා විහාර පිරිවෙන්, විහාරවාසී ස්වාමීන් වහන්සේ නමක්. 08.30 - 10.30 ධර්මානුශාසනාව හා භාවනාව කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපු විහාරාධිපති නාලන්දේ පවර හිමි, 10.30 - 11.30 දවල් බුද්ධ පූජාව මහනුවර, අස්ගිරි මහා විහාර පිරිවෙන් විහාරවාසී ස්වාමීන් වහන්සේ නමක්. පස්වරු 12.30 - 01.30 ධර්ම දේශනාව මල්වතු මහා විහාරයීය කර්මාචාර්ය දොරගමුවේ සද්ධාතිස්ස හිමි, පස්වරු 01.30 - 02.30 ධර්මානුශාසනාව හා සාකච්ඡාව - මහනුවර, වට්ටාරන්තැන්න, සමාධි සංස්කෘතික කේන්ද්‍ර විහාරයේ විහාරවාසී, හේනේගම ශ්‍රී සංඝානන්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය, රාජකීය පණ්ඩිත අත්තරගම කුසල හිමි, 3.00 - 04.15 ධර්මානුශාසනාව හා සිල් පවාරණය, පැණිදෙණිය භාරතීය පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ආචාර්ය, කොළඑළියේ සුදස්සී හිමි.


කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පුර පසළොස්වක පෝය දින පින්කම් මාලාවක් පැවැත්වේ. පෙරවරු 8.30 ධර්ම දේශනාව කොබවක ධම්මසීවලී හිමි 10.00 සදහම් වන්දනාව හා දවල් සම්බුද්ධ පූජා වන්දනාව ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ .සවස 01.30 ධර්ම දේශනාව මාදුරුගැටියේ ජිනසිරි හිමි, සවස 03.00 කඨිනාසංස ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ගාල්ලේ ශ්‍රී ශාසනරතන නාහිමි


ශ්‍රී සම්බෝධි විහාරයේ පෝදා පින්කම්

පෝදා පෙරවරු 05.30 - 06.00 කිරි ආහාර බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි, 08.00 - 09.00 ධර්ම දේශනාව වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 09.15- 10.15 ධර්ම දේශනාව මැදගොඩ අභයතිස්ස හිමි, 10.30 - 11.00 ව්‍යාංජන 108 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව මෙහෙයවීම අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 - 2.00 සංගායනා පෝදා ධර්ම සාකච්ඡාව උඩුදුම්බර කාශ්‍යප හිමි, උඩුදුම්බර සෝභිත හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 - 4.30 ධර්ම දේශනාව පානකාවේ පේමරතන හිමි, 4.30 - 5.30 ධර්ම දේශනාව වලේබොඩ ගුණසිරි හිමි, 5.30 - 6.00 මහා ඖෂධ පූජාව, සහ සිල් පවාරණය, සෝමපුර සිරි සුධම්ම හිමි.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 11 වන දා සඳුදා අපර භාග 06.01 ට ලබයි. 12 වන දා අඟහරුවාදා අපර භාග 07.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 12 වන දා අඟහරුවාදා ය.

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]