[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පින්කම්

කඨින පින්කම්

ශ්‍රී කල්‍යාණි රජමහා විහාරයෙ

ශ්‍රී කල්‍යාණි රජමහා විහාරස්ථානයේ කඨින පූජා පින්කම විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ සීල භාවනා සමිතියේ සංවිධානයෙන් මෙම මස 12 දින අලුයම 4.30 ට පමණ කඨින චීවරය රැගත් පෙරහර කැලණිය මහවත්ත , නො 990 හි පදිංචි ඊ.පී. සුමනලතා මහත්මියගේ නිවසේ සිට වීථි සංචාරය කර උදෑසන 5.30 ට විහාරස්ථානයට වැඩමවීමට නියමිත ය . එදින දවල් 100 නමක් විෂයෙහි කඨින මහා සංඝගත දක්ෂිණාව සහ එදින සවස ගිලන්පස දානය පිරිනැමීමෙන් පසු රාත්‍රී 9.00 ට කඨිනානිසංස ධර්ම දේශනාව පැවැත්වේ.


සේරුවිල

ඓතිහාසික සේරුවිල (තිස්ස මහා විහාර) මංගල රජමහා විහාරයේ වාර්ෂික කඨින පූජා පින්කම මෙම මස 11 - 12 දෙදින තුළ පැවැත්වේ. සේරුවිල මංගල රජමහා විහාරාධිපති නැගෙනහිර, තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක මංගල ධර්මකීර්ති ශ්‍රී මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ අනුශාසනා පරිදි සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය, විහාරස්ථ දායක සභාව ඇතුළු සමිති සංවිධානවල මෙහෙයවීමෙන් එම පින්කම සිදු කෙරේ. මීට සමගාමීව දෙසැම්බර් මස 09 වෙනි දිනට යෙදෙන දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර සේරුවිල මහ නා හිමි 127 වැනි ගුණ සැමරුම, හා සේරුවිල සරණකිත්ති නා හිමි 04 වෙනි ගුණ සැමරුම ද එම දිනයන්හි සිදු කිරීමට කටයුතු යොදා ඇත.


සියඹලාපේ නාගවනාරාමය

දික්වෙල පාර, සියඹලාපේ ශ්‍රී නාගවනාරාමයේ කඨින පින්කම හා පෙරහර මෙම මස 09 වන දා ශාස්ත්‍රපති පරගම්මන අමරකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාවේ හා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි.


දියගම සුධර්මාකර විහාරය

කළුතර දියගම ශ්‍රී සුධර්මාකර පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම මෙම මස 7, 8 වන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබිණි. රාත්‍රී 7.00 ට කඨින වස්ත්‍රය රැගත් පෙරහර බරාහුපොල ඇග්නස් පීරිස් මහත්මියගේ නිවසෙන් පිටත්වේ.

ගල්පාත සමූහ, එච්.සී. ඥාණපාල


උඩෝවිට

නෑබොඩ උඩෝවිට ශ්‍රී කන්නන්ගර විහාරස්ථානයේ කඨින මහා පින්කම මෙම මස 2 හා 3 දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබිණි. එස්. සෝමාවතී හා ප්‍රසන්න රංජිත් යන අයගේ නිවසේ සිට කඨින පෙරහර පැවැත්වීමට නියමිතව තිබිණි.


දිබ්බැද්ද සිරි නිකේතාරාමය

පානදුර,දිබ්බැද්ද, සිරිනිකේතාරාමයේ කඨින පින්කම 10 වන දා විහාරාධිපති පල්ලේගම ඤාණකුසල හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කිරීමට නියමිත ව තිබිණි. පින්කමේ ප්‍රධාන දායකත්වය පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී ටී.ජයන්ති ප්‍රනාන්දු මහත්මියගේ නිවසින් කඨින චීවර පෙරහර ආරම්භ විය. දික්වැල්ලේ ධම්මකුසල හිමියන් විසින් කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීමට නියමිත ව තිබිණි.


කළුබෝවිල

දෙහිවල කළුබෝවිල විමලසාර පාරේ ශ්‍රී සුදර්ශනාරාමයේ කඨින චීවර පූජෝත්සවය ඉල් පෝදා පැවැත්වේ. අපවත් වී වදාළ බදුල්ලේ ශ්‍රී ගුණාලංකාර නාහිමි, ගම්පහ සුමනසාර නාහිමි , බදුල්ලේ මංගල හිමි ගුණ සමරුව ද ඊට සමගාමීව පැවැත්වේ. කඨිනානිශංස ධර්ම දේශනය ද මහරගම ධර්මායතන පරිවේණාචාර්ය රාජකීය පණ්ඩිත පානදුරේ ප්‍රසන්න හිමියන් විසින් පවත්වනු ලැබේ.


කැලණිය – චිත්තාභ්‍යාස

ද්වි භාෂා පිරිවෙන් විහාරස්ථානය

කැලණිය – චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ද්වි භාෂා පිරිවෙන් විහාරස්ථානයේ කඨින පූජා පුණ්‍ය මහෝත්සවය විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි නොවැම්බර් 11 හා 12 දෙදින පැවැත්වේ.


පංචිකාවත්ත අභයසිංහාරාමය

කොළඹ 10, පංචිකාවත්ත අභයසිංහාරාමාධිපති කනංගමුවේ සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් සංවිධානය කෙරෙන විශේෂ සර්වඥ ධාතු ප්‍රදර්ශනය හා වාර්ෂික කඨින චීවර පූජා පින්කම ඉකුත් 06 වනදා සිට 12 වන දා දක්වා පැවැත්වේ. 07 වන දා සිට 10 වන දින දක්වා දිනපතා රාත්‍රී 7.00 ට විශේෂ බෝධි පූජා පින්කම ද, 11 වන දින රාත්‍රී 9.00 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද, 12 වන දින අලුයම 3.00 ට කොළඹ 10, මොහිදින් මස්ජිඩ් පාරේ අංක 138 දරණ ලිපිනයේ පදිංචි දුලිප් ජයන්ත මහතාගේ (මහ කඩේ) නිවසේ සිට කඨින චීවරය රැගත් පෙරහර පිටත් වේ. එදිනම රාත්‍රී 7.30 ට විශේෂ බෝධි පුජාව හා කඨිනානිශංස ධර්ම දේශනාව පැවැත්වේ.


දෙනියාය ශ්‍රී පුෂ්පාරාමයේ පින්කම්

දෙනියාය ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පෙරහර මෙවරත් උත්කර්ෂවත් අන්දමින් මෙම මස 11 වැනි දින වීථි සංචාරය කෙරේ.

මෙම පින්කමට සමගාමීව කුල දරුවන් පැවිදි කිරීම මෙන්ම 13,14,15 යන දිනයන්හිදී කොරියානු තේගු ශ්‍රී ලංකාරාමය හා දකුණු කොරියාවේ උල්පාන් නගරයේ යොන් යන් චාඡේ බෞද්ධ රෝහලේ පාලන අධිකාරිය හා එක්ව වෛද්‍ය සායනයක් ද පැවැත්වීමට නියමිත ය. මෙහෙිදී පාසල් ළමුන් 10000ක පමණ පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටද අපේක්ෂිත ය.

ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පාතෝවිට පඤ්ඤාානන්ද ස්වාමීන් වහස්සේගේ පූර්ණ අනුශාසනාවෙන් සිදු කෙරෙන පින්කමේ කඨින පින්කම සහ පෙරහර කටයුතු සංවිධානය කෙරෙන්නේ ශ්‍රී ධර්මධ්වජ පරිවේනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ඌරුබොක්කේ උපනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 11 වන දා සඳුදා අපර භාග 06.01 ට ලබයි. 12 වන දා අඟහරුවාදා අපර භාග 07.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 12 වන දා අඟහරුවාදා ය.

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]