මෙහෙණි සසුන
ලොවී ලොව්තුරු අපේ
සම්මා සම්බුදු රදුන් ගේ
සුළු මව් ලෙසට සිටියේ
මහා ප්‍රජාපතී ගෝතමී
මෙහෙණි සසුන පිහිටුවන්නට
වෙහෙස දැරූ සුළු මෑණියන්ගේ
ඉල්ලීම පරිදි අද වන්
දිනෙක ඇති විය මෙහෙණි සස්න
ඇටම්පොල ඤාණිස්සර හිමි
ශ්‍රී චිත්ත විවේකාරාමය
දෙමැද, දැරැණියගල
බිනර පෝයදා
ශාක්‍ය කුමරියන් පන්සීයක් සමඟින්
ප්‍රජාපතී මහ දේවිය ඇවිදින්
අෂ්ඨ ගරු ධර්මය පිළි ගනිමින්
මෙහෙණි සසුන ඇති කෙරුවා දිනමින්
අමරා කුරුප්පුමුල්ලගේ
උඩහමුල්ල , නුගේගොඩ
මෑණියනි
බුදු සසුන රැකේවා
සඟ පරපුර වැඩි වේවා
රණවිරු දරුවන් රැකේවා
ලක්මෑණී දිනෙන් දින දියුණු වේවා
දුක සිත තුළ දරන් මගේ අම්මේ
මට සතුටු වෙන්න කියලා දුන් අම්මේ
මා ලොව රජෙකු කරන්නට වෙහෙසුන අම්මේ
ඔබේ ගුණ කඳ ලොව පැතිරේවා මගේ අම්මේ
හර්ෂ මෙවන් කිත්සිරි
දික්වෙල, දංකොටුව
බුද්ධ මාතා
ගරු දම් අටක් පිළිගෙන සුරකින සොඳට
හැකිනම්, උපසම්පදා දෙමි සුළු මවට
සමිඳුනි ආනන්ද පවසනු මෙය ඇයට
ඇය බුදු මවක් වූවා, බුදු පරපුරට
පොරවා කසාවත් කිණිහිරි මල් පාට
දිගු වරලස කපා හිස මුඩුකර සොඳට
පා ගමනින් වඩින මෙහෙණින් පෙරටු කොට
තෙරණිය ප්‍රජාපති බුදු මාතාය සෙට
සීතා ජෝතිගෙදර
අලුත්ගෙදර , හීනටිගල, තල්පෙ |