[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය සජීවි කරගන්න

ජීවිතය සජීවි කරගන්න


අජාන් බ්‍රහ්මවංසෝ හිමි

අපේ ජීවිත සහමුලින් ම අනපේක්ෂිත යි. මොනවායින් මොනවා වේවි දැයි අපට කියන්න බැහැ. පසුගිය අවුරුද්දේ මාස හතරකට පහකට ඉස්සර මගේ දේශනය පවත්වා හමාර වූ පසු මා සමග කතා කරන්නට මෙතැනට ආ කෙනෙක් හෘදයාබාධයක් සැදී මෙතැන ම මිය ගියා ජීවිතය ඒ තරමට අවිනිශ්චිත යි.

සමහර පුද්ගලයන් මේ ගැන බයයි. ඒත් ජීවිතය ගැන අවබෝධයක් තිබෙන අය මේ ගැන බය වෙන්නේ නැහැ. ඒ වෙනුවට අනුන් ගැන සැලකිලිමත් වීමෙන්, කරුණාව දයාව දැක්වීමෙන් ඔබට ඔබේ ජීවිතය සජීවි කරගන්න පුළුවන්.

සුනාමි, භූමිකම්පා හා වෙනත් ව්‍යසනයන් අපට පාඩම් කියාදෙන ගුරුවරු බඳුයි. පිළිකාව ඔබට උගන්වන පාඩම කුමක් ද? මම කොපමණ වතාවක් පිළිකා සැදුණු තැනැත්තන්ගේ කණ්ඩායම්වලට උගන්වා ඇද්ද? ඔවුන් අතරින් කී දෙනෙක් මා වෙතට ඇවිත්, “මට මෙතෙක් අත්දකින්නට ලැබුණු හොඳම දෙය පිළිකාවයි” කියා ඇත්ද? පිළිකාව ඔවුන්ට ජීවිතයේ අර්ථය කුමක්දැයි කියා දී තිබෙනවා.

ඔවුන්ට මා වැනි හාමුදුරුවරු පවත්වන බණ දේශනාවලට සවන්දිය හැකියි. තවත් නොයෙකුත් දේශනාවලට සවන්දිය හැකියි. රූපවාහිනියෙන් පෙන්වන දේ දැකිය හැකියි. පොත් කියවිය හැකියි. ඒත් ජීවිතයෙන් ලබන අත්දැකීම් තරම් ඒ කිසිවක් වැදගත් නැහැ. අත්දැකීම්වලින් ජීවිතය සම්බන්ධව, ඇයි?කුමක් නිසා ද? යන බොහෝ ප්‍රශ්නවලට උත්තර ලබා දී තිබෙනවා.

මේ ව්‍යසන නම්, සිහිකැඳවීම්. මේවා ධර්මදූතයෝ. නැතහොත් සැබෑ ජීවිතය පිළිබඳ පණිවුඩයන්. ඒවා ජීවිතය පිළිබඳ සැබෑ අර්ථය කුමක්දැයි අපට සිහිපත් කරනවා. අපට ඒ තරම් සතුට අවශ්‍ය නෑ. ලොකු කාර්, ලොකු ගෙවල් අවශ්‍ය නෑ. බරට බර ඔලොගු අවශ්‍ය නෑ. ඒ තරම් ලොකු දේ ගැන සිත කරදර කර ගන්නට ඕනෑ නැති බව මේ ව්‍යසන සිහිපත් කරනවා.

ජීවිතයේ වැදගත් දේ ගැන දැන ගත්විට නොවැදගත් දේ ගැන සිත කනස්සලු කර ගන්නේ නෑ. කරුණාව, ආදරය, මිත්‍රශීලි බව වැනි දේ තමයි වැදගත් වන්නේ.

- සමරසිංහ ගුණසේකර

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 29 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 07.55 ට ලබයි. 30 වනදා , සිකුරාදා අපරභාග 04.07 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 30 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
06 වන දා සිකුරාදා

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]